News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
6

අමෙරිකාවේ කැපිටල් නත්තල් ගස ආලෝකමත් කරයි

Generic placeholder image

අමෙරිකාවේ කැපිටල් නත්තල් ගස ආලෝකමත් කිරීම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණා. නත්තල් සමයේදී ප්‍රධාන වශයෙන් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර නත්තල් ගස් දෙකක් පමණ ප්‍රදර්ශනය කරනු ලබනවා. ඉන් එකක් ධවල මන්දිරයේ ප්‍රදර්ශනය කෙරෙන අතර අනෙක කැපිටල් නත්තල් ගසයි. කැපිටල් නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය පසුගියදා උත්කර්ශවත් ලෙස පැවැත්වුණ අතර මෙවර කැපිටල් නත්තල් ගස […]


Dec
6

පොලිසියේ ඉහල තනතුරුවල වෙනසක්

Generic placeholder image

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ ඉහල තනතුරු බොහොමයකට ස්ථාන මාරු වීම් සිදු කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතියට යටත් ව මෙලෙස පොලිසියේ ඉහල තනතුරු රැසකට ස්ථානමාරු සහ නව පත්වීම් ලබාදී තිබෙන අතර ඒ අනුව ස්ථානමාරුවීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ 11 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් […]


Dec
6

ආදිවාසි නායක ගෝඹා ජීවිතක්ෂයට

Generic placeholder image

මහඔය පොල්ලේ බැද්ද ආදිවාසි නායක ගෝඹා ඊයේ (05) සවස මහඔය පොල්ලේ බැද්ද නිවසේ දී මියගොස් තිබෙනවා. මිය යන විට ආදිවාසි නායකයාට වයස අවුරුදු 90 ක් බව සදහන්. ආදිවාසි නායක ගෝඹාට පිරිමි දරුවන් හයදෙනෙක් සහ එක් ගැහැණු දරුවෙක් සිටිනවා. 1941 වසරේ දී ආර්. ස්පිටල් මහතා විසින් බිංගොඩ සිට පොල්ලේ බැද්ද ගම්මානයට පැමිණි සාමාජිකයෙක් වන මොහු වසර […]


Dec
6

මාර්ග තදබදය අවම කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් යෝජනා මාලාවක්

Generic placeholder image

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීම සදහා වන යෝජනා මාලාවක් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී තිබෙනවා. එම යෝජනා මාලාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාධණීය ප්‍රතිචාරයක් පළ කල බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.


Dec
6

ජල ගාස්තුවේ වෙනසක්?

Generic placeholder image

ජල ගාස්තුවේ යම් වෙනසක් පිලිබදව ඉදිරියේදී බලපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම සෑම වසර තුනකට වරක්ම ජල බිල සංශෝධනයක් විය යුතුව තිබුනද එය සිදු නොවන බවත් එසේ වන්නේ අඩු ආදායම් ලාභීන්ට අගතියක් සිදු වන හෙයින් බවත් පැවසෙනවා. කෙසේ වෙතත් ජල ගාස්තු සංශෝධනයක් සිදු වුවත් කිසිම විටක අඩු ආදායම් ලාභීන්ට මේ ගාස්තු හරහා පීඩනයක් ඇති […]


Dec
6

සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කරයි

Generic placeholder image

ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුදු, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉගුරු, කහ සහ කරාබුනැටි ආනයනය තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මුදල් පණතේ වාණිජ කේන්ද්‍රස්ථාන අනුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අනුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට මෙම තහනම බල පැවැත්වෙන බව සදහන්. ඒ අනුව අදාල ගැසට් නිවේදනය මගින් සෘජු ප්‍රතිඅපනය හා සුලු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ […]


Dec
6

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සාක්ෂි ලබාදීමට කාදිනල් හිමි අද ජනපති කොමිසමට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 02 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පළමු මහලේ පිහිටා ඇති කොමිෂන් සභා කාර්යාලයට පැමිණ උන්වහන්සේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ […]


Dec
6

දුම්රිය ප්‍රවේශ පතත් ස්මාර්ට් වන ලකුණු

Generic placeholder image

නවීන ලෝකයේ ඩිජිටල්කරණයට අනුකුල වන පරිදි දුම්රිය සේවාවද ඇති කිරිම සදහා අවදානය යොමුව තිබෙන බව වාර්තා වනවා. ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ. ඒ අනුව දැනට භාවිත ප්‍රවේශ පත්‍රය ඩිජිටල් කාඩ් එකක් ලෙස භාවිතා කල හැකි පරිදි තමන්ගේ ගමන් වාරය අවසන් වෙනකොට තමන්ට අවශ්‍ය මුදල […]


Dec
6

ජනපති හා මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්

Generic placeholder image

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ඊයේ සිදුව තිබෙනවා. එහිදී මාලදිවයින් විදේශ ඇමතිවරයා එරට රජය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුභාශිංසන එක්කර තිඛෙනවා. දෙරට අතර සබඳතාවල වත්මන් ප්‍රගතිය පිළිබඳව සතුට පළ කළ ඔහු ද්විපාර්ශවික සබඳතා පමණක් නොව කලාපීය සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. […]


Dec
6

තද වැසි තව දුරටත්

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව ඒමේ දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක පුද්ගලයින් බොහෝ පිරිසක් පිඩාවට ලක්ව තිබෙන අතර අදත් දිවයිනේ ඇතැම් ස්ථාන වලට […]


Dec
5

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා පක්ෂීන්ගේ වර්ධනය පහළ යයි

Generic placeholder image

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පියාපත් වර්ධනය බාලවී පක්ෂීන් කුඩා වී ඇති බව නවතම අධ්‍යයන වාර්තාවක් අනාවරණ්ය වී තිබෙනවා. වසර 40 කට අධික කාලයක් තිස්සේ උතුරු ඇමරිකානු සංක්‍රමණික පක්ෂි විශේෂ 52 කට අයත් පක්ෂීන් 70,716 ක් යොදා ගනිමින් එම අධ්‍යයනය සිදුකර ඇති බව මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන බ්‍රයන් වීක්ස් ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා සදහන් […]


Dec
5

ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසකට ජනපතිගේ අවධානය

Generic placeholder image

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වූ ක්‍රියාමාර්ග කඩිනමින් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා. ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ ආයතන නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි. තාක්ෂණය මුල් වූ ලෝක ආර්ථිකය සදහා දරු පරපුරක් දායාද කළ හැකි අධ්‍යාපන ක්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතු බව […]


News Articles
Latest Videos
Most Popular Post