News Line| Off Air
Generic placeholder image

Oct
29

නව ආසාදිතයින් 168ක් හඳුනාගැනේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදිත තවත් 168 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 115 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් පුද්ගලයින්. අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 582ක්. ඒ අනුව දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9787 දක්වා ඉහළ ගියා.


Oct
29

කොරෝනා තොරතුරු රැස් කරන්න හඳුන්වා දුන් නව “යෙදුම”

Generic placeholder image

කොරෝනා වෛසරයට අදාළ සියලු තොරතුරු රැස් කිරීමට අදාළ නව යෙදුමක් (APP) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය අද හඳුන්වා දුන්නා. කොරෝනා ආසාදිතයින්, ආශ්‍රිතයින්, නිරෝධායනය, පී.සී.ආර්. පරීක්ෂණ, නිරීක්ෂණ ආදි අත්‍යාවශ්‍ය දත්ත රැසක් මෙම යෙදුම මගින් රැස් කිරීමේ හැකියාව පවතිනවා. කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද උදෑසන රැස් වූ අවස්ථාවේදී බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය විසින් අදාළ යෙදුම […]


Oct
29

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 414 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, නිරෝධායනය වෙමින් සිටි 62නෙකු සහ ආශ්‍රිතයින් 352 දෙනෙකු එලෙස හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9619ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5458ක්. එමෙන්ම 4142ක් පුර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ […]


Oct
29

නුවරඑළියට එන්න එපා! ජනතාවගෙන් ඉල්ලීමක්

Generic placeholder image

වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු නුවරඑළිය ප්‍රදේශය වෙත පැමිණීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙනවා. ග්‍රෙගරි වැව උද්‍යානය, වික්ටොරියා උද්‍යානය, සදතැන්න ඇතුළු සංචාරක ස්ථාන මේ වනවිටත් වසා දමා ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ. ඔහු ප්‍රකාශ කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා වෛසරය අසාදනය වූවන් ගණනාවක් හමු වීමත්, තවත් පිරිසක් නිරෝධානයට යොමු කර සිටීමත් නිසා නුවරඑළියේ […]


Oct
29

රෝහලෙන් පළා ගිය රෝගියා අල්ලයි

Generic placeholder image

කළුතර, නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගියෙකු අද උදෑසන රෝහලෙන් පළා ගොස් තිබෙනවා. කළුතර, මහවස්කඩුව ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් එම පුද්ගලයා අල්ලාගෙන තිබුණා. අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගත් අදාළ පුද්ගලයා යළි රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.


Oct
29

දින 21ක් වයසැති බිළිඳෙකුගේ මවට කොරෝනා – මව සමග බිළිඳාත් රෝහලට

Generic placeholder image

තංගල්ල ප්‍රදේශයේ දින 21 ක බිළඳෙකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග අදාළ මව, බිළිඳා සමග රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. එම කාන්තාව පසුගිය දා කිරිබත්ගොඩ පිහිටි ඇගේ ඥාතියෙකුගේ නිවසේ සතියක පමණ කාලයක් නැවතී සිට තංගල්ල, කුඩාවැල්ලේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණා. ඇගේ ඥාතියා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයේ සේවය කළ අයෙක් […]


Oct
29

සී.සී.ඩී. නිලධාරීන් පිරිසකටත් කොරෝනා

Generic placeholder image

කොළඹ අරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසානය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කොළඹ අරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකටයි. ඒ හේතුවෙන් පොලිසියේ වෙනත් විමර්ශන කණ්ඩායමක් යොදවා අදාළ විමර්ශන පවත්වාගෙන යන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී […]


Oct
29

දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන කාලය තුළ බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත් කර තිබෙනවා. එම කාල සටහනට අනුව හෙට සිට ලබන පළමුවැනිදා දක්වා රඹුක්කන සිට කොළඹ කොටුව තෙක් බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම, කළුතර සිට මරදාන දක්වා ද, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ද, හලාවත සිට කොළඹ කොටුව දක්වා ද ධාවනය වූ කිසිදු දුම්රියක් […]


Oct
29

කොරෝනා පොකුරු නිර්මාණය වීම ගැන සෞඛ්‍ය අංශවල අනතුරු ඇඟවීම

Generic placeholder image

ඉදිරියේදී තවත් කොරෝනා පොකුරු නිර්මාණය වුවහොත් රටම දැඩි අපහසුතාවකට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ, පෑලියගොඩ කොරෝනා පොකුරට වඩා විශාල පොකුරක් නිර්මාණය වුවහොත් එය සෞඛ්‍ය අංශයවලට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි. එවැනි පොකුරු නිර්මාණය නොවීම සම්බන්ධයෙන් වන වගකීම විශාල වශයෙන් පැවරෙන්නේ […]


Oct
29

පොම්පෙයෝගේ ප්‍රකාශයකට චීනයෙන් පිළිතුරු

Generic placeholder image

දිවයිනට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක් වුණා. එහිදී පොම්පේයෝ මහතා චීනය සම්බන්ධයෙන් දැක්වූ අදහසකට චීනය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටවල් දෙකක් ලෙස ඇමෙරිකාවට සහ ශ්‍රී ලංකාවට සමාන දැක්මක් ඇති බවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය […]


Oct
29

පාර්ලිමේන්තු රැස්වීම් ගැන තීරණය

Generic placeholder image

ලබන සතියේ 3 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායකයින් තීරණය කළ බව පාර්ලිමේන්තුව නිවේදනය කළා. ඒ අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. 4,5,6 යන තෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ සභාවාර අත්හිටුවීමටයි එහිදී තීරණය වී ඇත්තේ. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින් අතර රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ, අද උදැසනයි.


Oct
29

ප්‍රංශයට හා ජර්මනියට යළිත් අගුළු වැටෙයි

Generic placeholder image

කොරෝනා මරණ ඉහළ යාමත් සමග ප්‍රංශය සහ ජර්මනිය යළිත් වසා දැමීමට දෙරටේ බලධාරීන් තීරණය කර තිබෙනවා. ප්‍රංශ අග්‍රාමාත්‍ය එමානුවෙල් මැක්‍රෝන් ඊයේ නිවේදනය කළේ, මාසයක කාලයක් සඳහා රට වසා දැමීමට තීරණය කළ බවයි. එම නිවේදනයෙන් පැය කිහිපයකට පසු ජර්මනියේ බලධාරීන් ද සඳුදා සිට රට මාසයක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කළ බව ප්‍රකාශ කළා. ලෝක සෞඛ්‍ය […]


News Articles
Latest Videos
Most Popular Post