News Line| Off Air
Generic placeholder image

Oct
29

කාත්තන්කුඩි දෛනික කටයුතුත් අර්ධ වශයෙන් අඩපණ වෙයි

Generic placeholder image

කාත්තණ්කුඩි ප්‍රදේශයේ සියලු දේවස්ථාන සහ බාබර් සාප්පු අද සිට යළි දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණයකර තිබෙනවා. ඒ කොරෝනා වසංගතයේ පැතිර යාමත් සමගයි. කාත්තණ්කුඩි කොරෝනා මර්දන බලකාය පැවසුවේ, ප්‍රදේශයේ ආහාර වෙළඳසැල්වලින් ආහාර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට ආහාර සැපයෙන්නේ ද පාර්සල් ක්‍රමයට බවයි.


Oct
29

කොරෝනා වතුකරයටත්?

Generic placeholder image

කොළඹ ඇතුළු පිටස්තර ප්‍රදේශවල සිට ජනතාව වතුකරයට පැමිණීමත් සමග එහි ජන ජීවිතයට ද කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වීමේ අවදානමක් මතුව ඇතැයි වතු අධිකාරීවරුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, මත්ස්‍ය කර්මාන්තයේ රැකියාවල නිරත වූ වතුකරයේ පිරිස් කිසිඳු පරික්ෂාවකින් තොරව මේ දිනවල විශාල වශයෙන් පැමිණෙමින් සිටින බවයි. එවැනි පසුබිමක වතුකරයේ ජනතාව දැඩි අවදානමකට මුහුණ පා ඇති බවයි වතු […]


Oct
29

පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් පවත්වන්නේ ද? නැද්ද? – තීරණය අද

Generic placeholder image

විෂබීජහරණය සඳහා 27 සහ 28 යන දෙදින තුළ වසා දැමුණු පාර්ලිමේන්තුව ඊයේ යළි විවෘත කෙරුණා. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබනෙවා. කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ, පවතින කොරෝනා වසංගත තත්ත්වය සමග පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සුදුසු ද, නැද්ද යන්න පිළිබඳ එහිදී තීරණය කරන බවයි.


Oct
29

20 ට කතා නායකවරයා අත්සන් තබයි

Generic placeholder image

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සිය අත්සන තැබුවා. ඒ අනුව අනුමත වූ නීති අද සිට බලාත්මක වනු ඇති. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත දින තුනක විවාදයකින් පසු ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වු ඡන්ද විමසීමේදී තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වුණා.


Oct
29

කළුතර ගම්මාන දෙකක් හැර සෙසු ප්‍රදේශ යථා තත්ත්වයට

Generic placeholder image

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සම‍ග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් පසුගිය දා හුදෙකලා කෙරුණා. තත්ත්වය යම් දුරකට පාලනය කිරීමත් සමග එම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හැරුණු කොට සෙසු සියලු ප්‍රදේශවල සංචාරණ සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව තවමත් හුදෙකලා ගම්මාන ලෙස නම්කර ඇත්තේ මතුගම සහ බදුගම යන ගම්මාන වන අතර එහි සංචරණ සීමා එලෙසින්ම පවතින […]


Oct
29

මාර්ෂල් දිවයිනේ පළමු කොරෝනා රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ලොවපුරා රටවල් රැසක ව්‍යාප්ත වුව ද මේ වනතෙක් ඉන් ආරක්ෂා වූ දිවයිනක් ලෙස මාර්ෂල් දිවයින සැළකෙනවා. එහෙත් එරට පළමු කොරෝනා රෝගීන් දෙදෙනා ඊයේ වාර්තා වුණා. එරට මාධ්‍ය නිවේදනය කළේ, ක්වාජලින් ඇටෝල්හි හමුදා බලකොටුවක සේවය කරන කම්කරුවන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආදානය වී ඇති බවයි.


Oct
29

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් අද විවෘතව පවතින ප්‍රදේශ

Generic placeholder image

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සහ කුලියාපිටියේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් වසම් පහක් ආශ්‍රිතව අද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඔසුසැල් විවෘතව පවතින බව පොලිසිය පවසනවා. ඒ අනුව සතොස, සමූපකාර, සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතිනු ඇති. පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මුහුණු ආවරණ පැළඳීම, […]


Oct
28

තවත් ආසාදිතයින් 124ක් හඳුනා ගැනේ

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 124 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන්ගෙන් 106 දෙනෙකු මීන් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන අතර සෙසු 18 දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින්. ඒ අනුව, අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 335ක්. මේ දක්වා මිනුවන්ගොඩින් සහ පෑලියගොඩින් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 5,731ක් දක්වා ඉහළ ගොස් […]


Oct
28

තවත් ආසාදිතයින් 211ක් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 9 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 202 දෙනෙකු එලෙස හඳුනාගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ‍9081ක් දක්වා ඉහළ ගියා.


Oct
28

“බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය උසස් පෙළ විභාගයට බාධාවක් නැහැ” – විභාග කොමසාරිස් ජනරාල්

Generic placeholder image

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවුව ද උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට එය බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැළසීමට එකඟ වී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ, විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂාව නිසි […]


Oct
28

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ දිවයිනෙන් පිටව යයි

Generic placeholder image

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද දහවල් දිවයිනෙන් පිටත්ව ගියා. ඊයේ රාත්‍රී 7.30 ට පමණ මෙරටට පැමිණි ඒ මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී නිල වශයෙන් සාකච්ඡා පැවැත්වුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට ආර්ථික සහයෝගීතාව පිළිබඳ අදහස් පළ කෙරුණා. කොරෝනා වසංගතය පහව යාමෙන් පසු […]


Oct
28

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට පනවා තිබූ දැඩි සීමාවන් ඉවත් කෙරේ

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට මාස 4 කට ආසන්න කායලයක් පනවා තිබූ දැඩි සීමාවන් ඉවත් කිරීමෙන් පසු මෙල්බර්න් අගනුවර වෙළඳසැල්, අවන්හල් සහ හෝටල් අද යළි විවෘත කෙරුණා. ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙල්බර්න් නුවර ව්‍යාප්ත වී තිබූ කොරෝනා වසංගතය මේ වනවිට මුළුමනින්ම පාහේ පාලනය කර ඇති බවයි. හෙට සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ට සිය නිවෙස්වලට අමුත්තන් ගෙන්වා […]


News Articles
Latest Videos
Most Popular Post