News Line| Off Air
Generic placeholder image

Oct
30

පොලිසියටත් කොරෝනා – 893ක් නිරෝධායනයට

Generic placeholder image

බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇතැයි පොලිසිය පවසනවා. සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිලධාරීන් 893 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි වාර්තා වන්නේ.


Oct
30

ගිණුම්කරණ විෂයය සඳහා පෙනී සිටින උසස් පෙළ සිසුන්ට මේ වසරේ සිට ලැබෙන අවසරය

Generic placeholder image

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණ විෂයය සඳහා පෙනී සිටින සිසුන්ට මේ වසරේ සිට සැපයෙන අතිරේක පහසුකමක් ලෙස සාමාන්‍යය ගණක යන්ත්‍ර භාවිතයට අවසර හිමි වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, එලෙස භාවිතයට අවසර හිමි වන්නේ වැඩසටහන් සැළසුම් කළ නොහැකි ගණක යන්ත්‍ර බවයි. ඒ අනුව හෙට පැවැත්වෙන ගිණුම්කරණ විෂයය සඳහා එවැනි සාමාන්‍ය […]


Oct
30

මිනුවන්ගොඩින් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්

Generic placeholder image

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසනවා. එම අංශ පෙන්වා දෙන්නේ, පසුගිය දින කිහිපය තුළ කිසිඳු ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් ඊයේ වනවිට වෛරසය ආසාදනය වූවන් 112 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ, දිවලපිටිය, රදාවාන, දොම්පේ යන රෝහල් වෙන් […]


Oct
30

බියගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ හදිසි මරණය

Generic placeholder image

බියගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, හෘදයාබාදයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී ස්ථානාධිපතිවරයා මියගොස් ඇති බවයි. ඔහු නිධන්ගත රෝග කිහිපයකින් පෙළෙන බවත් එම රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවත් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.‍ කෙසේ වෙතත් ස්ථානාධිපතිවරයාගේ සිරුර පිළිබඳ පශ්චාත් […]


Oct
30

කොරෝනා වෛරසයෙන් මොළයට සිදු වන දේ

Generic placeholder image

නව කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයට යම් හානියක් සිදුවිය හැකි බව ලන්ඩන් නුවර පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, වෛරසය ආසාදනය වන රෝගීන්ට මානසික ආබාද හට ගැනීමේ වැඩි හැකියාවක් පවතින බවයි. එම පර්යේෂකයින්ට අනුව කොරෝනා වෛරසය ආසාදනය වන ඇතැම් පුද්ගලයන්ගේ මොළය වසර 10කින් පමණ වයසට යන බව ද හඳුනාගෙන තිබෙනවා.  වෛරසය ආසාදනය […]


Oct
30

ආරක්ෂක අංශවල නිලධාරීන් 22කට කොරෝනා

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් 22 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් නිලධාරීන් පිරිසකටත් වෛරසය ආසානය වූ බවට හඳුනාගෙන ඇති අතර මේ වනවිටත් පොලිස් නිලධාරීන් 400කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. වෛසරය ආසාදනය වූ ආරක්ෂක […]


Oct
30

හදිසි මරණ 8ක්

Generic placeholder image

රෝහල් කිහිපයකින් හදිසි මරණ 8ක් වාර්තා වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. රෝහල, මුල්ලේරියාව රෝහල සහ දඹුල්ල මූලික රෝහල යන රෝහල්වලින් එලෙස හදිසි මරණ වාර්තා වුණා. කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. රෝහල, මුල්ලේරියාව රෝහල යන රෝහල්වලින් මරණ 6ක් වාර්තා වී ඇති අතර ජාතික රෝහලෙන් පමණක් මරණ 3ක් වාර්තා වීම විශේෂත්වයක්. එමෙන්ම දඹුල්ල […]


Oct
30

කොරෝනා වාර්තාවේ ලංකාවේ විස්තරය

Generic placeholder image

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ ලෝක වාර්තාවේ ශ්‍රී ලංකාව ඉහළට පැමිණ තිබෙනවා. ඒ අනුව එම වාර්තාවේ ශ්‍රී ලංකාව පසුවන්නේ 67 වැනි ස්ථානයේයි. අදාළ වාර්තාවට අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 19ක් ලෙසයි. එමෙන්ම 4142 දෙනෙකු පූර්ණ සුවය ලැබුවා. මේ අතර මිනුවන්ගොඩින් සහ පෑලියගොඩින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 […]


Oct
30

බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සාහ කළ අය අල්ලන්න මෙහෙයුම්

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ ගත් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, එවැනි පිරිස් බස්නාහිර පළාතෙන් පිට වී ආශ්‍රිත හෝටල් සහ නවාතැන්පොළවල ලැගුම් ගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. අදාළ පිරිස ඇඳිරි නීතිය අවසන් වී නැවත කොළඹට පැමිණීමේදී […]


Oct
30

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මහමඟ යා හැක්කේ කාට ද?

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ මහ මඟ ගමන් කළ හැක්කේ අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත වන්නන්ට පමණක් බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. එවැනි පිරිසට හැරුණු විට වෙනත් කිසිවෙකුට ඇඳිරි නීතිය බලපැවැත්වෙන බස්නාහිර පළාතට ඇතුළු වීමට හෝ පිටවීමට අවසර හිමි වන්නේ නැහැ. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ලෙස ජලය, විදුලිය, […]


Oct
30

මෙරට නව ගුවන් හමුදාපතිවරයා

Generic placeholder image

ශ්‍රී ලංකාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුවා. සුදර්ශන පතිරණ මහතා මෙරට 18 වැනි ගුවන් හමුදාපතිවරයා වන අතර ඔහු සිය රාජකාරි අරඹන්නේ නොවැම්බර් මස 2 වැනිදා සිටයි.


Oct
29

තවත් ආසාදිතයින් 4ක්

Generic placeholder image

අද දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 586 දක්වා ඉහළ නංවමින් තවත් ආසාදිතයින් සිව්දනෙකෙු හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post