News Line| Off Air
Generic placeholder image

Oct
22

කොරෝනා ආසාදිතයෙකු සහභාගී වූ අවමංගල්‍ය උත්සවයකට ගොස් පැමිණි මන්ත්‍රීවරයෙක් නිසා මැතිසබය උණුසුම්

Generic placeholder image

කොරෝනා ආසාදිතයෙකු පැමිණි බම්බලපිටියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ මන්ත්‍රීවරයෙක් අද පාර්ලිමේන්තුවට පැමිණීම නිසා සභා ගර්භය තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා. මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කථානායකවරයාට කියා සිටියේ අදාළ මන්ත්‍රීවරයාව පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා යොමු කිරීමට පියවර ගන්නා ලෙසයි. අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ සියලු දෙනා ස්වයං නිරෝධායනට ලක්කර ඇති බව ද මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා. […]


Oct
22

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු කලින් ලැබිලා??

Generic placeholder image

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් මෙරට තුළ ප්‍රහාර මාලාවක් දියත් කිරීමේ හැකියාවක් පවතින බවට පසුගිය වසරේ අප්‍රේල් 4 වැනිදා විදෙස් බුද්ධි අංශයකින් දැනුවත් කිරීමට පෙර මාර්තු මස 26 වැනිදා වනවිට රාජ්‍ය බුද්ධි සේවය දැනසිටි බවට ප්‍රථම වරට ඊයේ අනාවරණ වුණා. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මේ […]


Oct
22

කොරෝනා එන්නතක් අත්හදා බැලූ වෙෙරසය ආසාදිත බ්‍රසීල වෙෙද්‍යවරයෙක් මරු දකියි

Generic placeholder image

බ්‍රසීලයේ අත්හදා බැලෙන එන්නතක් ශරීරගත කිරීමට දායක වූ එරට කොරෝනා වෙෙරසය ආසාදිත වයස අවුරුදු 28 ක වෛද්‍යවරයෙක් මියගොස් තිබෙනවා. මෙම එන්නත අත්හදා බලන්නේ, ඇස්ට්‍රාසිනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල එක්වයි. වෙෙද්‍යවරයාගේ මරණයට අදාළ තොරතුරු බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් තවමත් හෙළි කර නොමැති අතර අදාළ පරීක්ෂණවල රහස්‍යබව ආරක්ෂා කිරීම එහි අරමුණයි.


Oct
22

සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු කොමිසම හමුවට

Generic placeholder image

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද උදෑසන රැගෙනවිත් තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සදහා ඇය රැගෙනවිත් ඇති බවටයි වාර්තා වන්නේ.


Oct
22

රිෂාඩ් බදියුදීන් අද සහ හෙට පාර්ලිමේන්තුවට

Generic placeholder image

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අද සහ හෙට දෙදින පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගී කරවන ලෙස දන්වා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෟෙඛ්‍ය සහ දේශීය වෙෙද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. වේත්‍රධාරිවරයා මෙම ලිපිය අදාළ අංශ වෙත යොමුකර ඇත්තේ, ඊයේ දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී කථානායකවරයා කළ නියෝගයකට අනුවයි. පාර්ලිමේන්තු බලතල සහ […]


Oct
22

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මත රිෂාඩ් පාර්ලිමේන්තුවට

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද පැවැත්වෙන විවාදය සදහා සහභාගී වීමට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියා. පෞද්ගලික ආරක්ෂක ඇදුමකින් සැරසී දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ඔහු පාර්ලිමේන්තුවට පැමිණි බවයි වාර්තා වන්නේ.


Oct
22

ගෝලීය කොරෝනා රෝගීන් හාර කෝටි දහහතර ලක්ෂය පනියි

Generic placeholder image

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන හාර කෝටි දහ හතර ලක්ෂ අසු හතර දහස් හයසිය තිස් දෙකක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,136,335 ක් ලෙසයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වුණා. දෛනික මරණ 1225 ක් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 227,409 […]


Oct
22

මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

Generic placeholder image

මුලතිව්, මනන්කුඩිඉරිප්පු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු සොයා මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා. ඔවුන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇත්තේ, පසුගිය 19 වැනිදායි. එදින සිට මේ දක්වා ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව ඔවුන් සෙවීම සදහා නාවික හමුදාවේ මූලිකත්වයෙන් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.


Oct
22

පෙම්වතිය සහ ඥාති නැගණිය දූෂණය කළ තරුණයෙක් පොලිස් දැලේ – පෙම්වතියත් රිමාන්ඩ්

Generic placeholder image

තම පෙම්වතියගේ සහාය ඇතිව ඇගේ අවුරුදු 15 ක ඥාති නැගණිය සහ පෙම්වතිය දූෂණය කළ කටාන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පසුදා අදාළ තරුණයා කොච්චිකඩේ පොලිසියට පැමිණ භාර වීමෙන් පසුවයි. එම තරුණයා සිය 17 හැවිරිදි පෙම්වතියට පවසා ඇත්තේ ඇය ඉදිරියේ තරුණියක් සමග අඹු සැමියන් වශයෙන් සිටීමට තමාට තදබල ආශාවක් පවතින […]


Oct
22

මත්ස්‍ය මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග කොරෝනා ව්‍යාප්ත වීමේ ඉඩකඩක් ඇති බවට අනතුරු ඇඟවීමක්

Generic placeholder image

මිනුවන්ගොඩ ආසාදිතයින් වැඩිවශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්, මේ වනවිට දිස්ත්‍රික්ක 13ක් දක්වා වෙෙරසය ව්‍යාප්ත වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අනුව කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, මහනුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වව්නියාව, අනුරාධපුර, බදුල්ල, පොළොන්නරුව හා මොණරාගල යන දිස්ත්‍රික්ක ඊට අයත්. මාළු මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග කොරෝනා වෙෙරසය තවත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත වීමේ ඉඩකඩක් […]


Oct
22

මදූෂ්ගේ හිසට වෙඩි උණ්ඩය එල්ල වූ දුර ගැන ඥාතියෙකු තතු විමසයි

Generic placeholder image

මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන ලෙස මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා තිබෙනවා. පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවයි ඔහු ප්‍රශ්න කර සිටියේ. ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් […]


Oct
22

ඇඳිරිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක තුනකට තැපෑලෙන් ඔෞෂධ

Generic placeholder image

මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල රෝගීන්ට අවශ්‍ය ඔෞෂධ තැපෑල ඔස්සේ බෙදා හැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව පැවසුවේ, රෝහල්වල සායනවලින් ලැබෙන හා ඖෂධසැල්වලින් ලබාදෙන ඖෂධ එලෙස බෙදා හැරීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post