ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කරන සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එලෙස වෙෙරසය ආසාදනය වී ඇත්තේ, රෙජිස් චක්බ්වා සහ ටයිමයිසින් මරුමා යන ක්‍රීඩකයින් දෙදෙනාටයි. ඔවුන් දෙදෙනා පකිස්තාන සංචාරය සඳහා ද ඇතුළත්ව සිටියා.
මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙෙද්‍යවරයා මේ අදහස් පළ කළා. “කොවිඩ් 19 වෛරසය නොයෙක් පෘෂ්ඨයන් තුළ එක්තරා කාලයක් පවතින්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ පිළිබඳව තොරතුරු හොයාගෙන තිබෙනවා. වූහාන් ප්‍රාන්තයේ ආරම්භයේදී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළඳසැලක් ආශ්‍රිතව. […]
මීට පෙර වසරක පවත්වන ලද උසස් පෙළ විභාගයක සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂයයට පෙනී සිට ලකුණු 30 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති අපේක්ෂකයින් මෙවර උසස් පෙළ විභාගයේදී එම ප‍්‍රශ්න පත‍්‍රය සදහා නැවතත් පෙනී සිටීම අත්‍යාවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, මීළග විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවශ්‍යතාවය සදහා පෙර ලබාගත් […]
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි කුඩා වෙළදසැල්වල වේදනා නාශක බෙහෙත් වර්ග සහ පේයාව පසුගිය දින කිහිපය තුළ වැඩි වශයෙන් අලෙවි වී තිබුණා. ඒ පිළිබද සැක සිතූ වෙළදසැල් හිමියන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලා තිබුණේ, අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙසටයි. ඒ අනුව තෝරාගත් 109 දෙනෙකු අදාළ පරීක්ෂණයට යොමු කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් […]
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ඉල්ලුම් කරන ජන වරමේ වාර ගණන සීමා කිරීම, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කිරීමේ වගකීම ඉවත් කිරීම, ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ ඉඩකඩ සීමා කිරීම, මැතිවරණ කොමිසමේ බලතල අඩු කිරීම ඇතුළු වෙනස්කම් 20ක් ඊට ඇතුළත්. ඒ පිළිබද විස්තරය පහතින්.
සහරාන් හෂිම්ගේ බිරිඳ ඇතුළු පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සයින්දමරුදු පිපීරිමෙන් පසු සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියා. සැකකාරිය ඇතුළු පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ, ලබන 4 වැනිදා දක්වා ඔවුන්ව රක්ෂිත […]
මෙරටින් දිනයක් තුළ වාර්තා වන වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව එම සංඛ්‍යාව 309ක් වන අතර ඉන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍යය වෙළදපොළෙන් වාර්තා වීම විශේෂත්වයක්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළෙහි පෙරේදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 1,178කින් 350ක වාර්තා ලැබී ඇති අතර ඉන් […]
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීම ඊයේ රාත්‍රී පැවැත්වුණා. එහි තෙවැනිවර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත වුණා. එයට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 65 දෙනෙක් ඊට විපක්ෂව ඡන්දය භාවිත කළා. මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය […]
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ සහ කොළඹ ප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සහ විවාහ මංගල උත්සව ඇතුළු වෙනත් උත්සව පැවැත්වීමේ හැකියාව පිළිබඳ කරුණු විමසීමට දුරකතන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමසීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිව් දෙනෙකු ද අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. ඒ අනුව කැලණිය පොලිස් […]
ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් හට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙෙරසයේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහු සිය නිවස තුළ ස්වයං නිරෝධායනට ලක්කර තිබෙනවා. 40 හැවිරිදි ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සබඳතා පැවැත් වූ පුද්ගලයින් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
අද පස්වරු 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මේ වනවිට පැවත්වෙන මාධ්‍ය හමුවට එක් වෙමින්. මේ අතර අද උදෑසන මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා ද නිරෝධායන […]
කොරෝනා වෙෙරසයට එරෙහිව රුසියාව නිෂ්පාදනය කළ නව එන්නත ලබන මස මුල සිට ආසාදිතයින්ට එන්නත් කිරීමට අපේක්ෂා කරන බව රුසියාව පවසනවා. එරට මාධ්‍ය වාර්තා කළේ, ඒ් අනුව එම එන්නත ප්‍රථමයෙන් වෙෙද්‍යවරුන්ට හා ගුරුවරුන්ට ලබාදීමට සැළසුම් කර ඇති බවයි. ස්පූන්ටික් වී නම් එම නව එන්නත නිෂ්පාදනය සදහා රුසියානු වෙෙද්‍ය පරීක්ෂණ ආයතනය පසුගිය අගෝස්තු මාසයේදී එරට රජයේ අනුමැතිය […]