මුන්දලම, පුලිච්චාකුලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී ඇතැයි පොලිසිය පවසනවා. ඊයේ දහවල් කාලය වන තෙක් අදාළ ව්‍යාපාරික ස්ථානය විවෘත නොකිරීම පිළිබඳ සැක සිතූ අසල්වැසියන් ඒ පිළිබඳ සොයා බැලීමේදී එම මෘත ශරීරය හමු වී තිබුණා. අනතුරුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කර ඇති අතර එහි පැමිණි නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ පිහියක් සහ වස […]
කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජා – ඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටී එම අනතුර සිදුව තිබුණා. එම අවස්ථාවේ අදාළ මෝටර් රථයේ තිදෙනෙකු ගමන්කර ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා ඇතුළු තිදෙනා රාගම රෝහලට ඇතුළත් […]
තනි හා කෙටිකාලීන භාවිතයට ගන්නා සැෂේ පැකට් සඳහා යොදා ගනු ලබන PET සහ PVC පොලිතින් ඇසුරුම් මාර්තු මස 31 වැනිදා සිට තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර ඇති බව සඳහන්. ඒ අනුව යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා […]
කොවිඩ් 19 වෛරසය වැළඳී මියගිය තවත් 7 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එම මරණ වාර්තා වන්නේ කොළඹ 6, නිට්ටඹුව, රත්නපුර, කොළඹ 13, එඬේරමුල්ල යන ප්‍රදේශවලින් සහ කොළඹ බන්ධනාගාරයෙන්. එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු වන අතර ඔවුන් අවුරුදු 61ත් 86ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. ඒ අනුව ශ්‍රී […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 852 හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන්ගෙන් 351 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගෙන තිබූ අතර සෙසු 501 දෙනා රාත්‍රියේ වාර්තා වී තිබුණා. එම ආසාදිතයින් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් රෝගීන් වනවා. ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 852ක් ලෙස දැක්වෙන අතර මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ […]
වවුනියාව, රාසේන්ද්‍රකුලම් ප‍්‍රදේශයේ අන්ධ පුද්ගලයෙකුට අයත් නිවසකට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුගිය 26 වැනිදා එම පුද්ගලයා ඔහුට අයත් නිවසේ නිදා සිටියදී කිසියම් පිරිසක් නිවසේ දොරගුළු දමා එලෙස නිවසට ගිනි තබා ඇති බවයි. ගින්නෙන් දැවෙන විට අන්ධ පුද්ගලයා කෑ ගසා ඇති අතර අසල්වැසියන් පැමිණ ඔහුව බේරාගෙන තිබුණා. කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ එම පුද්ගලයා […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 1,869 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මෙතෙක් සුවය ලැබූ වැඩිම රෝගීන් ගණන මෙය වන අතර ආසන්නතම වැඩිම රෝගීන් ගණනක් ඊයේ සුවය ලැබුවා. එම සංඛ්‍යවා 1,520ක්. අද සුවය ලැබූ සංඛ්‍යාව සමග මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 54,000 ඉක්මවා ගිය අතර එම ගණන දැක්වෙන්නේ 54,435ක් ලෙසයි.
බස්නාහිර පළාත තුළ අද දිනයේ විශේෂ මෙහෙයෙුම් රැසක් සිදු කරන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක හෝ පී.සී.ආර්. පරීක්ෂණ ස්ථාන 12කදී සිදු කෙරෙන බවයි. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටව යන්නේ නම් එම ජනතාවට සිදු කෙරෙන අදාළ කොවිඩ් පරීක්ෂණ සඳහා සෞඛ්‍ය […]
තම බිරිඳ තවත් තරුණයෙකු සමග අනියම් ඇසුරක් පවත්වා හසු වීම නිසා කුපිත වූ පුද්ගලයෙකු එම තරුණයාට පිහි පහරවල් කිහිපයක් එල්ලකර තිබෙනවා. අදාළ සිද්ධිය වාර්තා වන්නේ කටාන ප්‍රදේශයෙන්. එම පුද්ගලයා සංගීත කණ්ඩායමක සන්නිවේදන සහ සංගීත කටයුතු භාර ඉංජිනේරුවරයෙකු වන අතර එහි සේවය සඳහා යන ඔහු යළි නිවසට පැමිණෙන්නේ පසු දින අලුයම් කාලයේදීයි. එහෙත් සිද්ධිය වූ දින […]
ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා විසින්. අදාළ එන්නත් තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණේ මීට සුළු වේලාවකට පෙරයි. ඉන්දියාවෙන් එලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එන්නත් පළමු […]
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් පළමු තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයේ AI 281 යානය කටුනායක ගුවන් තොටුපළ වෙත මීට සුළු මොහොතකට පෙර ළඟා වුණා. ඉන්දියාවෙන් එලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එන්නත් පළමු තොගයට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අයත් වනවා. ඉන් එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙක බැගින් ලබා දිය යුතු බවයි දන්වා […]
මත්ද්‍රව්‍යයක් භාවිතකර නිපදවූ තෙල් වර්ගයක් සමග මහරගම, ඇරැව්වල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ හෑෂ් නමැති මත්ද්‍රව්‍ය භාවිතකර එම තෙල් වර්ගය නිෂ්පාදනයකර ඇති අතර ඒවා පැකට්කර තිබියදී හමු වූ බවයි. අදාළ මත්ද්‍රව්‍ය භාවිතකර නිපදවූ තෙල් වර්ගයක් මෙරටින් හමු වී ඇත්තේ ප්‍රරථමවරට වන අතර ඒවායෙහි බර කිලෝ ග්‍රෑමයකට අධික බවයි පොලිසිය පැවසුවේ. කොළඹ සංවිධානාත්මක අපරාධ […]