අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ ඇතැම් ස්ථානවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් එලෙස වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බවයි. එමෙන්ම අද උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් […]
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා. කොළඹ 15 සහ ගෝනපොල යන ප්‍රදේශවල පදංචිව සිටි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 74 හැවිරිදි කාන්තාවත් එලෙස මිය ගොස් තිබුණා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් : මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 742 ඊයේ දිනය […]
පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන ජාතික නිදහස් දින උළෙල සඳහා වන පෙරහුරු පෙළපාලි හේතුවෙන් කොළඹ වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ලබන සෙනසුරාදා සිට පෙබරවාරි මස 3 වැනිදා දක්වා දින පහක් නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිත මාර්ගවල වාහන ගමනාගමනය එලෙස සීමා කෙරෙන බවයි. ඒ අනුව බොරැල්ලේ සිට […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ මේ වනවිට සාක්ෂි දෙමින් සිටිනවා. ඒ, ස්කයිප් තාක්ෂණය ඔස්සේයි. රිමාන්ඩ් භාරයේ පසු වන ශානි අබේසේකර මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතුරතුර ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඒ, ඔවුන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැනීමෙන් අනතුරුවයි.
ස්වයං නිරෝධායනය වෙමින් සිටි පොලිස් සැරයන්වරයෙකු නිවසින් බැහැරට ගිය අවස්ථාවක අනතුරකට ලක්ව ඇති බව පොලිසිය පවසනවා. අදාළ සැරයන්වරයා කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනය වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණා. කෙසේ වෙතත් නිරෝධායනය වෙමින් සිටින අතරතුර සිය යතුරුපැදියෙන් නිවසින් බැහැරට ගොස් තිබූ නිලධාරියා ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව […]
පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි තබා තිබුණා. ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා මිය ගොස් තිබෙනවා. එලෙස මියගියේ 32 හැවිරිදි පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානයට […]
ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ ලෙස හැඳින්වෙන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදට වසර 23ක් සපිරෙනවා. 1990 වසරේ අවසන් භාගය වනවිට මෙරට සිවිල් යුද්ධය උපරිම මට්ටමක් දක්වා වර්ධනය වී තිබූ අතර 1995 දක්වා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින්ගේ ග්‍රහණයේ තිබූ උතුරු පර්යන්තය වූ යාපනය අර්ධද්වීපය නැවතත් සියතට නතුකර ගැනීමට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව සමත් වනවා. […]
අභාවප්‍රාප්ත කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ උදෑසන සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍යය ශාලාවේ තැන්පත්කර තැබුණා. අද පස්වරු 3.30ට අවමංගල්‍යය සභාව බොරැල්ල සුසාන භූමියේ ඉදිකර ඇති විශේෂ චිතකය අසලදී ආරම්භ වන අතර ආදාහන කටයුතු […]
කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වූ කාන්තාවන් තිදෙනෙකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ 77, 84 සහ 65 යන වයස් සීමාවන්වල පසු වූ කාන්තාවන් තිදෙනෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔවුන් කොළඹ 14, මරදාන සහ පූජාපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටියා. ඳම කාන්තාවන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් […]
මාතර, ගන්ධර ප්‍රදේශයේ නිවසක තිබී ගෙල වැල ලා ගෙන මිය ගිය බවට සැක කෙරෙන කුඩා දරුවෙකුගේ සහ කාන්තාවකගේ මළ සිරුරු දෙකක් ඊයේ හමු වුණා. පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව ලියූ බවට සැක කෙරෙන ලිපියක් එම නිවසේ තිබී හමු වූ බවයි. ඇගේ සැමියා ධීවර රැකියාවේ නිරත අයෙක් වන අතර ඔහු මුහුදු ගිය අවස්ථාවේ අදාළ කාන්තාව එම ලිපිය […]
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කල්මුණේ ප්‍රදේශයේ කොටස් කිහිපයක් හුදෙකලා බවින් ඉවත්කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටට අයත් ගම්මානයක් සහ පූජාපිටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදෙකලා කරන බව එම මධ්‍යස්ථානය නිවේදනය කළා. එම තොරතුරු පහතින් :