News Line| Off Air
Generic placeholder image

Jan
23

අභාවප්‍රාප්ත එඩ්වින් ආරියදාස ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

Generic placeholder image

අභාවප්‍රාප්ත කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එඩ්වින් ආරියදාස මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට උදෑසන 10 සිට අනිද්දා පස්වරුව දක්වා බොරැල්ල ජයරත්න අවමංගල්‍යය ශාලාවේ තැන්පත්කර තැබෙන බවයි. අවමංගල්‍යය සභාව අනිද්දා පස්වරු 3.30ට බොරැල්ල සුසාන භූමියේ […]


Jan
23

තවත් ආසාදිතයින් 371 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 371 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 724ක්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල ආසාදිතයින් ගණන 53,710 දක්වා ඉහළ ගියා.


Jan
23

කොවිඩ් ආසාදිත සුව ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා. හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇයව යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. අමාත්‍යවරියට වෛරසය ආසාදනය වූ බවට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් තහවුරු වී තිබූ අතර එය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් […]


Jan
23

කොවිඩ් රෝගීන් 644කට සුවයි – නව ආසාදිතයින් 353ක් හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 353 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන්ගෙන් ආසාදිතයින් 9 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු 344 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස වාර්තා වී ඇති බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු […]


Jan
23

ලොව ප්‍රකට නිවේදක ලැරී කිං කොවිඩ් 19 වැළඳී මියයයි

Generic placeholder image

CNN නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලැරී කිං කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉකුත් දෙසැම්බර් මස ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි පිහිටි රෝහලකට ඔහුව ඇතුළත් කළ අතර එහිදී සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයකින් තහවුරු වී තිබුණේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි. විදෙස් මාධ්‍ය පැවසුවේ, ලැරී කිං දියවැඩියාව, හෘද මෙන්ම […]


Jan
23

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Generic placeholder image

අනුරාධපුර, දේවානම්පියතිස්සපුරට අයත් ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා තත්ත්වයට පත්කර තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, දේවානම්පියතිස්සපුර (තිසාවැව 01 කොටස) 295 ඒ ග්‍රාම නිලධාරී වසම අද දහවල් සිට එලෙස හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බවයි.


Jan
23

අත් ට්‍රැක්ටරයක් මාස 9ක බිළිඳෙකුට මරු කැඳවයි

Generic placeholder image

මොරගොඩ, මහදිවුල්වැව ප්‍රදේශයේදී මවක්, සිය මාස 9ක් වයසැති බිළිඳා සමග අත් ට්‍රැක්ටරයක ගමන් ගනිමින් සිටියදී බිළිඳා මවගේ දෑතින් ගිලිහී ගොස් ට්‍රැක්ටරයට යට වී තිබෙනවා. අදාළ මව සිය බිළිඳා සමග අත් ට්‍රැක්ටරයේ පිටුපස ගමන් කරමින් සිට තිබෙනවා. අත් ට්‍රැක්ටරය වැව් බැම්මක් මතින් ධාවනය කිරීමේදී එය එක්වරම පසුපසට යෑම හේතුවෙන් මව අතින් ගිලිහිණු බිළිඳා බිමට වැටී අත්ට්‍රැක්ටරයට […]


Jan
23

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති අතර වැඩිදුරටත් සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙහි ප්‍රතිඵල ලැබෙන තෙක් අමාත්‍යවරිය නිවසේ නිරෝධායනය වීමට තීරණයකර ඇති බව නිවේදනය කෙරුණා. කෙසේ වෙතත් මේ වනවිට ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි […]


Jan
23

කොවිඩ් එන්නත් හය ලක්ෂයක් ලබන 27 වැනිදා දිවයිනට

Generic placeholder image

පළමු කොවිඩ් එන්නත් තොගය ලෙස එන්නත් එය ලක්ෂයක් එළැඹෙන 27 වැනිදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කළුතර වලල්ලාවිට පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව එම එන්නත් ප්‍රථමයෙන් සෞඛ්‍ය සේවාවන්වල මෙන්ම ආරක්ෂක අංශවල සේවයේ නියුතු පිරිසටත් අනතුරුව වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් ඇති වයෝවෘද්ධ පිරිසටත් […]


Jan
22

කොරෝනා වැළඳුණු තවත් රෝගීන් 438ක් හඳුනා ගැනේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 438 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 784ක්.


Jan
22

තවත් කොරෝනා මරණ දෙකක් – මෙරට සමස්ත මරණ ගණන 278 තෙක් ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ 8 සහ හෝමාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් එලෙස මරණයට පත්ව තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Jan
22

ඉන්දියාවේ කොරෝනා එන්නතත් හදිසි භාවිතයට අනුමැතිය

Generic placeholder image

ඉන්දියාවේ නිෂ්පාදනය කළ “කොවිෂීල්ඩ්” එන්නත හදිසි භාවිතයට ශ්‍රී ලංකා රජය අනුමැතිය දී තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව නිවේදනය කළා. එම කාර්යාලය පැවසුවේ අදාළ එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා දෙරටේ බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post