News Line| Off Air
Generic placeholder image

May
18

නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයේ තවත් 22 ක් නිරෝධායනය අවසන් කරයි

Generic placeholder image

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද(18) එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. මෙම නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 22 ක් මෙලෙස අද ඉන් පිටව ගිය අතර මෙම පුද්ගලයින් සියළු […]


May
18

ධීවර හා නාවික ප‍්‍රජාවට කාළගුණයෙන් අවවාදාත්මක දැනුම්දීමක්

Generic placeholder image

නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගැඹුරු නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල ධීරව හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙසට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළි දැනුම්දීමක් කර තිබෙනවා. පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම ගිණිකොණදිග සහ යාබද නිරිතදිග […]


May
18

අගමැති මහින්දගෙන් නිවේදනයක්

Generic placeholder image

වසර 30 ක් පැවැති මෙරට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 11ක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා. යහපාලන ආණ්ඩුව විසින් ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට […]


May
18

මහ මැතිවරණ දිනය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් සලකා බැලීම හෙටට කල්යයි

Generic placeholder image

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සලකා බැලීම හෙට(19) පෙරවරු 10.00 තෙක් කල් දමා තිබෙනවා. ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම […]


May
18

විදේශ රැකියා සදහා ශී‍්‍ර ලාංකිකයින් ලියාපදිංචි කිරීම ලබන 20 වනදා සිට යළි ආරම්භ කෙරේ

Generic placeholder image

විදේශ රැකියා සදහා පිටත් වීමට බලාපොරොත්තු වන ශී‍්‍ර ලාංකිකයින් ලියාපදිංචි කර විදේශගත වීමට අනුමැතිය ලබාදීමේ කටයුතු ලබන 20 වනදා සිට යළි ආරම්භ කරන බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දී තිබෙනවා. එහි පළමු පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය යන රටවල රැකියා සදහා අවශ්‍ය අනුමැතිය ලබාදෙන අතර මැදපෙරදිග සහ සෙසු රටවලට […]


May
18

ශ්‍රී ලංකාවේ තියන ක්‍රීඩාපිටි ටික හරියට පාවිච්චි කරලා ඉන්න – මහේලගෙන් ඇමති බන්දුලට අප්‍රසාදය

Generic placeholder image

හෝමාගම ප‍්‍රදේශයේදී ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සදහා ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන සිය අප‍්‍රසාදය පළ කර තිබෙනවා. ඒ සිය නිල ට්විටර් ගිනුම හරහා සටහනක් තබමින්. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට පවතින කී‍්‍රඩාගණවලදී ද ශී‍්‍ර ලංකාව ප‍්‍රමාණවත් ජාත්‍යන්තර සහ පළමු පෙළ දේශීය තරග කී‍්‍රඩා නොකරන බවයි. හෝමාගම ප‍්‍රදේශයේ ඉදි […]


May
17

මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 06 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. මේ අතර අවසන් වරට හමු වූ කොරෝනා ආසාධිතයින් 06 දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.


May
17

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 964 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 964 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


May
17

අද දිනයේ මේ වන තෙක් කිසිදු කොරෝනා රෝගීයෙකු වාර්තා නොවේ

Generic placeholder image

අද දිනයේ මේ වන තෙක් මෙරටින් කිසිදු කොරෝනා රෝගීයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.


May
17

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 07ක තොගයක් සමඟ පුද්ගලයෙකු ගලේවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය ‍නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 160 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්. පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක තොගයක් සොයාගෙන […]


May
17

කොරෝනා ව්‍යාප්තියට නායකත්වයේ අසමත්වීම් බලපා ඇති බව ඔබාමා කියයි

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ගෙන ඇති තීරණ එරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විසින් යළිත් වරක් විවේචනයට ලක් කර තිබෙනවා. මීට දින කිහිපයකට ද පෙර ද හිටපු ජනාධිපතිවරයා වත්මන් පරිපාලනයේ ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනයට ලක් කර තිබුණා. උපාධිධාරී සිසුන් පිරිසක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ අමතමින් බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ බොහෝ නිලධාරීන් […]


May
17

අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව අනූ දහස ඉක්මවයි

Generic placeholder image

අමෙරිකාවේ කොරෝනා වෛරස් ආසාධිත මරණ 90,000 ඉක්මවා තිබෙනවා. මේ වන විට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 90,113 ක්. අමෙරිකාවෙන් කොරෝනා වෛරස් ආසාධිතයින් 1,507, 773 ක් හමුව තිබෙනවා. මේ වන විට කොරෝනා වෛරසය පැතිර ඇති රටවල් අතරින් ආසාධිතයින් වැඩිම සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.


News Articles
Latest Videos
Most Popular Post