පවතින තත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කළ බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (14) අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර එවනු ලැබ තිබෙනවා. අසර්බයිජානයේ සේවය කර පෙබරවාරි මස මෙරටට පැමිණි අයෙකු වන ඔහු ඊයේ බන්ධනාගාර ගතව තිබුණේ, රථවාහන නඩුවක් සම්බන්ධයෙනුයි.
ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් මහජනතාවට විවෘත නොකරන බව පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශයේ ලේකම් සරත් විජේසිංහ දැනුම් දෙනවා.මේ අනුව හෙට සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය මෙන්ම රිදියගම සෆාරි උද්‍යානය යන ආයතන මහජනතාව වෙනුවෙන් විවෘත නොකෙරෙන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර තිබේ. මේ අතර කලින් රෝගය හදුනගත් රෝගියෙකුගේ වයස අවුරුදු 17ක ඥාතියෙකුද පසුවෙන බවයි වාර්තා වෙන්නේ.අනෙක් රෝගියා පසුගිය 7 වෙනිදා ඉතාලියේ සිට දිවයිනට පැමිණි 56 හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.
I Drank CBD Espresso for a Week. One of many first few things individuals who drink CBD take notice of is that they begin to catch higher sleep. Possibly you haven’t been getting sufficient night rest before now, attempt a cup full of a CBD mix at this time, and you will be amazed at […]
විශාල වශයෙන් ජනතාව ඒකරාශීවන සමුහ රැස්වීම් පැවැත්වීම අද (14) සිට සති දෙකක් යන තුරු තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.
කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට හත දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සදහන් කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට මෙන්ම වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදීයි. හදිසි මිලදී ගැනීම් සඳහා අවශ්‍ය අවසරය ලබාදීමට ද එහිදී තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව ඉදිරි දින […]
නව කොරෝනා වසංගත තත්ත්වය පහවයන තෙක් චතාරික සමයේ බැතිමතුන් විශාල වශයෙන් ඒකරාශීවන වැඩසටහන් අවලංගු කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට සියලුම කතෝලික පූජකවරුන් සහ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. පවතින තත්ත්වය හමුවේ බැතිමතුන් විශාල වශයෙන් එක්රැස්වන සිද්ධස්ථාන වසා තැබීම වඩාත් යෝග්‍යය බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් කාදිනල් […]
මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය (කොවිඩ් -19) හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සලකා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථාන වල පුහුණු පාඨමාලාවන් හදාරනු ලබන පුහුණුලාභීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2020.03.13 වන දින සිට 2020.03.31 දක්වා සියළු පුහුණු පාඨමාලාවන් සඳහා තාවකාලිකව නිවාඩු දීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ […]
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පහසුකම් සැපයීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් කටයුතු යොදා තිබෙනවා. මෙම වැඩ පිළිවෙළ අද (14) ආරම්භ වන අතර ජලය හා […]
මේ වන විට කොරෝනා වෛරසයේ සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු දිවයිනේ රෝහල් 14 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. විදේශිකයින් තිදෙනෙකු ද ඒ අතර වන බව එම අංශය පෙන්වා දුන්නා. පුද්ගලයින් 35 දෙනෙකු අයි.ඩී.එච්. රෝහලේ රඳවා සිටින අතර 16 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේත්, 13 දෙනෙකු ගම්පහ […]