ඇෆ්ගනිස්ථානයේ ලෝගාර් හිදී සිදුවූ බෝම්බ පිපිරීමකින් කුඩා ළමුන් 9 දෙනෙකු මියගොස් තිබෙනවා. පිපිරීමෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කළා. කිසියම් ත්‍රස්ත සංවිධානයකට අයත් පිරිසක් මාර්ගය අසල අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරායාමට ලක්ව ඇති බව සදහන්. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු සංවිධානයක් මෙතෙක් වගකීම භාරගෙන නොමැති අතර තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රහාරය සිදුකරන්නට ඇති […]
යහපත විසින් අයහපත පැරදවීම සමරනු ලබන හෝලි සැණකෙළි සමයේදී පැවැත්වෙන හෝලීකා ධහාන් උත්සවය පිළිබද විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා. සුරයන් විසින් නපුර පැරදවීම සිහිපත්කිරීමේ හෝලි සැණකෙළිය ඉන්දියාව පුරා මහත් හරසරින් යුතුව සමරනු ලබනවා. දිවා කාලයේදී වර්ණවත් කුඩුවලින් එකිනෙකා වෙත දමාගසාගන්නා, හින්දු බැතිමතුන් අනතුරුව රාත්‍රී කාලයේදීත් හෝලි සමය උත්සවාකාරයෙන් සමරන්නේ සිය පවුල්වල සාමාජිකයින් සමඟින්. සැණකෙළිය අතරතුර […]
මහ මැතිවරණයේ ඡන්ද අවභාවිතය වැළැක්වීමේ අරමුණින් මියගිය සහ විදේශගත ඡන්ද දායකයන්ගේ තොරතුරු ලබාගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2019 ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත් ඡන්ද දායකයන් අතුරින් අද දිනය වනවිට මියගොස් හෝ විදේශගතව සිටින ඡන්ද දායකයන් සම්බන්ධ තොරතුරු ලබන 14 වන දිනට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වෙත දැනුම් දෙන […]
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඇප ලබාදිම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම පිරිස ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. එමෙන්ම නඩුව නැවත සළකා බැලීමද එදින තෙක් කලදැමීමට […]
At first though, I remember being to shy to ask. Find Bride is the convenient online dating website for many who are trying forward to meeting authentic Ukrainian and Russian girls. A subscription to this web site gives you an access to over a thousand profiles of native russian wives women: every woman attends a […]
2016 වසරේදී සිදුවූ බැදුම්කර වංචාවට අදාලව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධියට අදාලව පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බදාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. මධ්‍යම කාරක සභා රැස්වීම හිටපු ජනාධිපති නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 07.00 ට පැවැත්වීමට නියමිත බව සදහන්. මෙහිදී ඉදිරි දේශපාලන […]
නව කොරෝනා වෛරස අවධානම හමුවේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට කුවේටයට පැමිණෙන සියලු ගුවන් ගමන් සතියක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව,ලෙබනනය,සිරියාව,බංග්ලාදේශය,පිලිපීනය සහ ඊජිප්තුවද මෙම නියමයන්ට අදාළ වන බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. පසුගිය සති 2 තුළදී මෙම රටවල වාසය කර පැමිණෙන කුවේට් පුරවැසියන් නොවන සෑම අයෙකුටම රටට ඇතුලුවීමද මේ අනුව තහනම් […]
තමන් රැඳී සිටි ස්ථාන සහ ගමන් තොරතුරු ලබා නොදෙන නව කොරෝනා වෛරස් ආසාදිතයින් සිරගත කිරීමට සහ ඔවුන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට සිංගප්පූරුව තීරණය කර තිබෙනවා. රට තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බව බලධාරීන් පැවසුවා. සිංගප්පූරුවේදී කොරෝනා වෛරසය අසාදනය වූ බවට තහවුරු වූ චීන ජාතික යුවළක් සාවද්‍ය තොරතුරු ලබාදුන් බවට […]
වල්ලපට්ටා තෙල් බවට පත් කර ඒවා නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසුවා. මොහු 40 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බව සදහන්. ඔහු වල්ලපට්ටා කැබලි ලෙස […]
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 22 සඳහාම තරඟ කරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියාවසම් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
කොවීඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඊයේ දිනය වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ 1961 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ආසාදනය වූ පුද්ගලයින් 56,126 දෙනෙකු සුව වී ඇති බව වාර්තා වනවා. මේ අතර කොරෝනා වෛරසය වැළදීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3466 […]