News Line| Off Air
Generic placeholder image

Mar
7

වසරේ ජනප‍්‍රියතම නිවේදක සම්මානය මෙවරත් සියත FM අරවින්ද ලොකුගේට

Generic placeholder image

ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ වසරේ ජනප‍්‍රියතම නිවේදක සම්මානය මෙවරත් සියත FM අරවින්ද ලොකුගේ විසින් දිනා ගෙන තිබෙනවා. මෙම සම්මානය අරවින්ද ලොකුගේ විසින් දිනා ගත්තේ පස්වන වතාවටයි. ස්ලිම් නීල්සන් සම්මාන උළෙල ඊයේ රාත‍්‍රීයේ පැවැත්වුණේ බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටල් පරිශ‍්‍රයේදීයි. එහිදී කාණ්ඩ 47 ක් යටතේ සම්මාන පිරිනැමුණා.


Mar
6

ශ්‍රී ලංකා කොදෙව් දෙවන T20 තරගය ඇරඹෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවට එරෙහි 2 පන්දුවාර 20 තරගයේ කාසිය වාසිය දිනාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා. ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ඔවුන් තීරණය කළා. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙනවා. මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී තරගය පැවත්වෙනවා.


Mar
6

රවී කරුණානායක ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

Generic placeholder image

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර වරෙන්තු නිකුත් කළා. ඒ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින්.


Mar
6

සමගි ජන බලවේගයේ ලකුණ දුරකථනය – සරත් ෆොන්සේකා

Generic placeholder image

අද වන විට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්නයක් ඇති බවත් එම පක්ෂයේ නායකයා විසින් හුදෙකලාව වෙනම ගමනක් යන්නට උත්සහ දරණ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා […]


Mar
6

කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස්

Generic placeholder image

කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායට දැනුම් දී තිබෙනවා. කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියා. මෙම සාකච්ඡාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් […]


Mar
6

බදුල්ලේ බිළිඳාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු සයමස් බිළිඳාට එම වෛරසය වැළදී නොමැති බව තහවුරු වී තිබෙනවා. බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණු දරුවාගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ අනුව, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බිළිඳා අද පෙරවරුවේ […]


Mar
6

පැරමැටා හෙට දිවයිනට

Generic placeholder image

ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ පැරමැටා නෞකාව හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම නෞකාව දිවයිනට පැමිණෙන බව නාවික හමුදාව පැවසුවා. නිලධාරීන් සහ නැවියන් 200 කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත එම ඕස්ට්‍රේලියානු යුධ නෞකාව හෙට සිට ලබන 11 වනදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතයි. […]


Mar
6

CID නිළධාරීන් බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගැනීමට තැත් කළ 04 ක් අත්අඩංගුවට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් බව හගවා කාන්තාවකගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කල සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සිදු කල විමර්ශනයකදීයි. සැකකරුවන් යක්කල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකට දුරකථනයෙන් අමතා ඇයට පාතාල සාමාජිකයින්ගෙන් තර්ජන ඇති බවට පවසා තිබෙනවා. ඇයට දැනුම් දී ඇත්තේ ඉන් බේරා ගැනීම සදහා රුපිියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය […]


Mar
6

මහමැතිවරණයට අදාලව ස්වාධීන කණ්ඩායම් 9 ක් ඇප තැන්පත් කරයි

Generic placeholder image

පැවැත්විීමට නියමිත මහමැතිවරණයට අදාලව ස්වාධීන කණ්ඩායම් 9ක් මේ වන විට ඇප තැන්පත් කර තිබෙනවා. වන්නි මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයන් දෙදෙනෛක්, යාපනය මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයන් දෙදෙනෙක්, කලුතර මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයෙක් සහ මඩකලපුව මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයෙක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා. 2020 මහමැතිවරණයට අදාලව ඇප තැන්පත් කිරීම පසුගිය 03 වනදා ආරම්භ […]


Mar
6

අපිරිසිදු ලෙස පවත්වාගෙන යන ආපනශාලා වලට වැඩ වරදී

Generic placeholder image

ආපන ශාලා වලින් තේ පානය කිරීමේදී භාවිතා කරන තේ කොළ පිලිබද සැකයක් පවතීනම් පාරිභෝගිකයාට ඒ පිලිබද විමසීමක් කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ කොටුව වැඩබලන ප‍්‍රධාන ආහාර පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී ලාල් කුමාර මහතා සදහන් කළේ කොළඹදී කසළ තේ තොගයක් පසුගියදා අත්අඩංගුවට ගත් බවයි. පසුගියදා කසළ තේ කිලෝ තුන්දහසක් අත්අඩංගුවට ගෙන තිබුණේ […]


Mar
6

රවී ඇතුලු 12 දෙනාගේ වරෙන්තුව ගැන තීන්දුව පස්වරුවේ

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක ඇතුළු 12දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද පස්වරුවේ ලබා දීමට නියමිතයි. අදාළ දොළොස් දෙනාට විදෙස් ගමන් තහනමක්ද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණ විසින් පනවා තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝෂියස් ඇතුලූ කිහිපදෙනෙක් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය […]


Mar
6

කොරෝනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

චීනය, කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන […]


News Articles
Latest Videos
Most Popular Post