News Line| Off Air
Generic placeholder image

Feb
14

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අද අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.


Feb
14

රනිල්, සජිත් එකගතාවකට පැමිණෙයි

Generic placeholder image

මහමැතිවරණයේදි ‌දෙපලිකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වනවා.


Feb
14

හැමෝම වැලන්ටයින් සමරද්දි උපන්දිනය සැමරූ You Tube

Generic placeholder image

පෙබරවාරි 14 අපි හැමෝම දන්නේ ආදරවන්තයින්ගේ දිනය ලෙසයි. නමුත් ඔබ දන්නවද? ලොව සියලු දෙනා අද වන විට පරිහරණය කරන සමාජ මාධ්‍යයක් වන You Tube හි ආරම්භය සිදුවන්නේ අද වන් දිනකයි. 2005.02.14 දින ආරම්භ වන You Tube ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න. Click Here


Feb
14

ඇමරිකාවට සහ ඊශ්‍රායලයට, ඉරානයෙන් අනතුරු ඇගවීමක්

Generic placeholder image

ඇමරිකාව සහ ඊශ්‍රායලය සුළු අතපසුවීමකින් හෝ තම රටට අනතුරක් සිදුකළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රධානියෙකු වන කමාන්ඩර් හුසේන් සලාම් පවසනවා. ඉරාන හමුදා ප්‍රධානී කසීම් සුලෙයිමානිගේ ඝාතනයෙන් දින 40කට පසු පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


Feb
14

අරවින්ද වැලන්ටයින් සමරපු අමුතුම විදිහ මෙන්න

Generic placeholder image

රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here


Feb
14

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් සිව් දෙනා අද දින අලුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකකින් […]


Feb
14

අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

Generic placeholder image

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි. කොළඹ දෙසට පවතින වාහන තදබදයට කඩිනම් විසඳුම් සොයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. එසේම, ගාලූපාරට සමාන්තර මුහුදුබඩ මාර්ගය, පානදුර දක්වා දීර්ඝ කිරීමට […]


Feb
14

චීනයේ සෞඛ්‍ය සේවකයින් 1700 කට කොරෝනා වැළදෙයි

Generic placeholder image

චීනයේ සෞඛ්‍ය සේවකයින් 1700කට අධික පිරිසක් කොවිඩ්නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ආසාදනයට ලක්ව ඇති බව එරට සෞඛ්‍ය අංශය පවසනවා. පසුගිය 11 වනදා වන විට සෞඛ්‍ය සේවකයින් 1716 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සේවකයින් 06 දෙනෙකු මියගොස් ඇති බව ඔවුන් පැවසුවා. ඉන් 1500 දෙනෙකු හුබෙයි පළාතෙන් වාර්තා වී තිබෙනවා. කොරෝනා වෛරසයෙන් සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම […]


Feb
14

තම රටේ සමලිංගික විවාහ නීතිගත නොකරන බව රුසියානු ජනපති කියයි

Generic placeholder image

තමා ජනාධිපති ධුරයේ රැඳී සිටින තුරු රුසියාවේ සමලිංගික විවාහ නීතිගත නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් පවසනවා. මව, පියා යන සම්ප්‍රදායික නාමයන් වෙනස් කිරීමට තමන් ඉඩ නොතබන බවද ඔහු සඳහන් කර තිබෙනවා. සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධයෙන් තම ස්ථාවරය මීටපෙර ද ප්‍රකාශයට පත් කර ඇති බව පෙන්වාදෙන රුසියානු ජනාධිපතිවරයා තමා ධුරයේ කටයුතු කරන තුරු එම […]


Feb
14

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්වයක්

Generic placeholder image

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විදෙස්ගත ශ්‍රමිකයින් දක්වන දායකත්වය සලකා බැලීමේදී ඔවුන්ගේ දරුවන් රැකබලා ගැනීම රජය සතු වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ අද(14) පැවති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. විගමනික ශ්‍රමික දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා බස්නාහිර පළාත තුළ පවත්වන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.


Feb
14

වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා යුද හමුදා කඳවුරෙන් නිවෙස් වෙත

Generic placeholder image

දියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක් රඳවා සිටි වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා අද (14)උදෑසන 11.00ට පමණ කදවුරෙන් කොළඹ යුධ හමුදා මුලස්ථානය වෙත යාමට පිටත්වු බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් චමින්ද වික්‍රමසිංහ මහතා පැවසුවා. චීනයේ වුහාන් සිට පසුගිය 01 දින දියතලාව යුද හමුදා කඳවුරට රැගෙන ආ තරුණියන් 18 දෙනෙකු හා තරුණයන් 15 දෙනෙකු […]


Feb
14

දෙමළ ජනතා ජාතික පෙරමුණේ මංගල රැස්වීම අද

Generic placeholder image

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී, විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ මංගල රැස්වීම අද පස්වරුවේ යාපනයේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වීමට නියමිත බව හිටපු උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළා. මෙහිදී දෙමළ ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂය ඉටු කළ යුතු කාර්යයන් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව මන්ත්‍රීවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post