News Line| Off Air
Generic placeholder image

Feb
17

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වය අගමැති මහින්දට – සභාපති ධුරය මෛත්‍රී ට

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්වී තිබෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එහි ලේකම්ධූරය හිමිව ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් – රාජ්‍ය අමාත්‍ය දයාසිරි […]


Feb
17

උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට ජනතාවට උපදෙස්

Generic placeholder image

පවතින වියළි කාලගුණික තත්ත්වය මාර්තු සහ අප්‍රේල් දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. විටින් විට වැසි ඇදහැලුන ද, පවතින උණුසුම් කාලගුණය අඩු නොවනු ඇති බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළා. එමෙන්ම දහවල් කාලයේ දැඩි අව් රශ්මිය නිසා පාසල් යන දූ දරුවන් පමණක් නොව එළිමහනේ වැඩ කරන අයද ඒ ගැන සැලකිලිමත් […]


Feb
17

ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 105 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1775 ක්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ගතවූ පැය 24 තුළ චීනයේ මරණ 105ක් අලුතින් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 1775 ක් ලෙස වාර්තා වී තිබෙනවා. එමෙන්ම ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 71,323 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ(16) දිනයට සාපේක්ෂව ආසාදිතයින් 2048ක වැඩිවීමක් පෙන්නුම් කරන […]


Feb
17

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය ආධාර

Generic placeholder image

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇපකර නැවත නිකුත් කර තිබෙනවා. ලංකා බැංකුවට සහ මහජන බැංකුවට මෙම ණය ඇපකර ලිපි නැවත නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සහ ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළා. මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය වෙනුවෙන් මෙවැනි […]


Feb
15

හෙරොයින් පිළිබඳව නඩු සියයට 64 කින් වැඩි වෙයි

Generic placeholder image

පසුගිය වසරට වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබඳව නඩු වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය ඉතාමත් ඛේදනීය බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා. වැලිකඩ බන්ධනාගාරයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසුවා. මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් බන්ධනාගාර ගතව සිටින රැදවියන් වැඩි වශයෙන් […]


Feb
15

ලබන අගහරුවාදා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ලබන අගහරුවාදා දිනයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට අදාළව ඉදිරිපත්ව ඇති ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී විමසා බැලීමට නියමිතයි. එම පක්ෂයේ ලාංඡනය ලෙස දැනට නව […]


Feb
15

කොරෝනා හේතුවෙන් සිංගප්පූරුවේ නව යුවළක් විවාහ උත්සවය කල් දමයි

Generic placeholder image

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ නව යුවළ සිය විවාහ උත්සවය කල් දැමීමට කටයුතු කර ඇති බව සදහන්. විදේශයන් හි සිට පැමිණෙන අමුත්තන් වෛරසයට ගොදුරු වීමේ අවදානම ඊට හේතුව වන අතර වෛරසයේ අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර, ලන්ඩනයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා සහභාගි […]


Feb
15

උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Generic placeholder image

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා. ඒ අනුව ප්‍රවාහන, සංදේශ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ආර්. විජේසිංහ ප්‍රවර්ථන දිසාව වෙත මාරු කර […]


Feb
15

උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන සඳුදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට […]


Feb
15

මාලි රාජ්‍යයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට

Generic placeholder image

මධ්‍යම මාලිහි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මාලි හි ඔගොසාගෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. අදාල ප්‍රහාරඅය හේතුවෙන් එම ගම්මානයේ නිවාස රැසක් විනාශ වී ඇති බව සඳහන්. කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Feb
15

කෝටි 10ක රත්‍රං සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් ඊයේ සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර ඇති බව නාවික හමුදාව […]


Feb
15

මාරාන්තික කොරෝනා මරණ සංඛ්‍යාව 1500 ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික නව කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව මේ වනවිට 1523 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 66,962ක් වනවා. ඉන් මරණ 150 ක් ගත වූ පැය 24 තුළ සිදුව තිබෙනවා. ආසියානු කලාපය ඇතුළු ලොව ප්‍රභල රාජ්‍යයන් රැසකින් මාරාන්තික කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වුව ද, […]


News Articles
Latest Videos
Most Popular Post