අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම ලබන පෙබරවාරි 05 වැනිදා සිදුකිිරීමට නියමිතව තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන පළමු අවස්ථාව මෙය වන අතර ඒ සඳහා එදින පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා කාලය වෙන් කර ඇති බව සදහන්.
කොරෝනා වෛරසය වැළදී ඇති රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා දින 06 කින් චීනයේ වුහාන් නගරයේ රෝහලක් ඉදිකිරීමට චීනය විසින් පියවර ගෙන තිබෙනවා. දැනට මෙම කොරෝනා වෛරසය හේතුවෙන් 80 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 2744 කට වැඩි පිරිසකට වෛරසය ආසාධනය වී ඇති බව සදහන්. ඉන් 324 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා පවසනවා. මිලියන 11 ක් […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය හරාරේ හිදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන අතර මේ වනවිට පළමුව පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම එක් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. අද(27) උදෑසන මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.
නිදහස් චතුරශ්‍රයේ පැවැත්වීමට නියමිත 72 වන නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමිව සිදුකරනු ලබන පෙරහුරුවන් සහ පෙබරවාරි 04 වෙනිදා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පුහුණුවීම් ආරම්භ කරන ජනවාරි මස 31 වෙනිදා සිට පෙබරවාරි මස 03 වෙනිදා දක්වා විවිධ කාල සීමාවන් වලදී රථවාහන ධාවනය නැවැත්වීමට සහ ධාවනය සිමා කිරීමට කටයුතු […]
චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා 0086-10-65321861 / 2 යන දුරකථන අංක විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මීට අමතරව, ඇලෙක්සි ගුණසේකර මහතා (වාණිජ) – 0086 13070138025 බ්‍රිගේඩියර්. කල්ප සංජීව- උපදේශක (ආරක්ෂක) […]
රටම දන්න සුපිරි රේඩියෝ ඩබලගේ වැඩසටහන අරම්භවෙන්නේ උදෑසන 7ට. විහිලුවෙන් එහාට ජීවිතයට යමක් එකතු කරන්න සැහැල්ලුවෙන් දවසේ වැඩ පටන්ගන්න රටම අහන වැඩසටහන තමයි අරවින්ද with ආශ්චර්යා කියලා කියන්නේ.
අද සිට රියදුරු බලපත්‍රය සඳහා වන වෛද්‍ය පරීක්ෂණ පිළිබඳව දිනය හා වේලාව, ඔන්ලයින් ක්‍රමයට වෙන් කර ගැනීමේ අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය පවසනවා. ඒ අනුව අද සිට නව ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ. පෙර පැවති ක්‍රමයට […]
කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර චීනයේ වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා. චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට සොයාගත් නව කොරෝනා වෛරසය මේ වන විට එරට නගර රැසක් ආක්‍රමණය කර ඇති අතර ලොව රටවල් රැසකට ද ව්‍යාප්ත වී තිබෙනවා. […]
නානුඔය – ෆාමස්ටන් ප්‍රදේශයේ දැව වෙළඳ සැලක ඇති වු ගින්නකින් එම දැව වෙළඳ සැල හා එහි බිම්මහලේ වු ඔවුන්ගේ නිවස, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් හා ලොරි රථයක් ගිනිගෙන විනාශ වු බව ලිඳුල පොලීසිය පවසනවා. ඊයේ (26) රාත්‍රී 10.00 පමණ දැව වෙළඳ සැල තුළින් මතුවු ගින්න ඔවුන්ගේ නිවස පිහිටි බිම් මහලටත්, ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළඳ සැලට හා […]
ඇමෙරිකාවේ ජාතික පැසි පන්දු ක්‍රීඩකයෙක් වන කොබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් යානා අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. බ්‍රයන්ට්ගේ දියණිය සහභාගී වීමට තිබු බාස්කට් බෝල් තරගයකට සහභාගී වීමට යන අතරතුර මෙම ගුවන් අනතුරට ලක්ව තිබෙනවා. මියයන විට ඔහු 41 වන වියෙහි පසුවූවා.
චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ බොහෝ රටවලට ව්‍යප්ත වී තිබෙනවා. ප්‍රංශය , ජපානය , මලයාසියාව , නේපාලය , සිංගප්පූරුව , දකුණු කොරියාව ,තායිවානය,තායිලන්තය , අමෙරිකාව ,වියට්නාමය , කැනඩාව යන රටවල් ඒ අතර ඇති අතර මේ වන විට එම වෛරසය ආසාදනය වීමෙන් 56 දෙනෙකු මියගොස් තිබෙනවා. මේ වන විට අමෙරිකාවෙන් මෙම […]