රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාල ගැසට් නිවේදනය ඊයේ රාත්‍රි නිකුත් කර ඇති අතර රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවට […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටි අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබද […]
හෙරොයින් මත්කුඩු සහ ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු වූ 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. කොළඹ, අළුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිමියොන් විල්සන් නැමැති 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට මෙලෙස දඬුවම් නියම වී තිබෙනවා. 2018 වසරේ පෙබරවාරි මස 18 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අලුත්කඩේ […]
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ඉකුත් රජය විසින් අත්සන් කිරීමට සූදානම් වූ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවත් එතෙක් අදාළ ගිවිසුම්වලට එළඹීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. Millennium Challenge වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළඹීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා […]
බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ පාලක කන්සර්වේටිව් පක්ෂය සමත් වී තිබෙනවා.
පොල් ගොවියා සහ පාරිහෝගිකයා ආරක්ෂා කිරීමටත්, පොල් වගාව ප්‍රවර්ධනයටත් අවශ්‍ය ඉදිරි පියවර නුදුරේදීම ක්‍රියාත්මක කරන බව වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඊයේ පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන එකමුතුව අතර ඊයේ […]
ඊයේ සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රධාන කාර්යාලයෙදී හර්ෂාන් ද සිල්වා මහතා නාගරික සංවර්ධන අධකාරියේ නව සභාපති ලෙස වැඩ භාර ගනු ලැබුවා.
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් සිදුකල වැටලීමකදී ඔහු අත්අංඩගුවට ගෙන ඇති බව වාර්තා වන අතර සැකකරු සතුව තිබී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 3600ක් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය බාරයට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සඳහා […]
හෙට දිනයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට උදෑසන 08.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මෙලෙස ජල සැපයුම අත් හිටවනු ලබන්නේ කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 ප්‍රදේශවලටයි.
දිවයින පුරා අදත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු නැගෙනහිර සබරගමුව, බස්නාහිර පළාත් වලට ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා වාසීන්ට අතිශය දුර්ලභ සුර්යග්‍රහණයක් දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. මෙම වළයාකාර සුර්යග්‍රහණයක් ලබන 26 වෙනිදා සිදු වෙන බව ආතර් සි ක්ලාක් මධ්‍යස්ථනය සදහන් කරනවා. මෙම වළයාකාර සුර්යග්‍රහණය වසර 10 කට පසු ඇති වෙන බවයි එම මධ්‍යස්ථනය වැඩි දුරටත් සදහන් කරන්නේ. කෙසේ වෙතත් මෙම වළයාකාර සුර්යග්‍රහණය පියවි ඇසට නිරීක්ෂණය කිරීම සිදු නොකළ යුතු බවයි […]
නව පරීක්ෂණ කණ්ඩායමක් යටතේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි පිළිබඳව විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අද (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයයේ දී වෛද්‍ය මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදීය. එසේම අදාළ නඩුව සම්බන්ධ සාක්ෂි නැවත සටහන් කරගන්නා ලෙස එහිදී අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.