News Line| Off Air
Generic placeholder image

Dec
31

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Generic placeholder image

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත් සදහාත්, ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක සදහාත් ප්‍රභල අකුණු පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ පළාත්වල සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි වැසි […]


Dec
31

අබලන් බස් 273ක් අලුත්වැඩියාවෙන් පසු යළි ධාවනයට (ඡායාරූප)

Generic placeholder image

අබලන් තත්ත්වයේ පැවැතීම හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක්කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ගාලු මුවදොර පිටියේදී ඒය සිදු කෙරුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අදාළ බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. […]


Dec
31

ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය ආසාදිත රැඳවියන්ගෙන් අයෙක් සොයා ගනියි

Generic placeholder image

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන පළා ගිය ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් එක් රැඳවියෙකු සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ ආසාදිත රැඳවියා හලාවත, දෙමටපිටිය ප්‍රදේශයේ රැඳී සිටියදී සොයා ගැනුණු බවයි. එම පුද්ගලයා වයස අවුරුදු 27ක් වූ කවිඳු මධුශාන් නැමැති අයෙක් වන අතර ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට නියමිතයි. අදාළ රැඳවියන් පස් […]


Dec
31

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල ශක්තිමත් වී තිබෙනවා. දෛනික විනිමය අනුපාතික අද සටහනේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල දැක්වුණේ රුපියල් 184.12ක් වන අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 189.18ක් ලෙසයි. ශ්‍රී ලංකාමහ බැංකුව නිවේදනය කළේ, මෙය ඉකුත් දෙසැම්බර් 16 වැනිදායින් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ […]


Dec
31

විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ සිනමා ශාලාවලට සහනයක්

Generic placeholder image

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම සදහා සිනමා ශාලා හිමියන්ට සහන කාල සීමාවක් ලබා දීමට විදුලිබල අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. ඒ අනුව මේ වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා ගෙවීමට නොහැකි වූ විදුලි බිල්පත්, ලබන වසරේ දෙසැම්බර් දක්වා සමාන වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව අදාළ සිනමාහල් හිමියන්ට හිමි වනවා. එම කාල සීමාව තුළ […]


Dec
31

තවත් රැඳවියන් පිරිසක් මුදා හරියි

Generic placeholder image

තවත් රැඳවියන් 174 දෙනෙකු ඊයේ දිනයේ ඇප මත සහ නිදහස ලබා දී බන්ධනාගාරවලින් මුදා හැර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ සිරකරුවන්, සැක පිට බන්ධනාගාරගත කළ පිරිමි රැඳවියන් මෙන්ම කාන්තා රැඳවියන් පිරිසක් එලෙස මුදා හැර ඇති බවයි. ඒ අනුව දෙසැම්බර් මස තුළ නිදහස සහ අැප මත මුදා හැරි සමස්ත රැඳවියන් සංඛ්‍යාව 9,959ක්.


Dec
31

පැන ගිය කොරෝනා රැඳවියන්ගේ විස්තර මාධ්‍යයට – තොරතුරක් වේ නම් දැනුම් දෙන්නැයි පොලිසිය කියයි

Generic placeholder image

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන පළා ගිය රැඳවියන් සෙවීම සඳහා මේ වනවිට පොලිසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා. පොලිසිය පවසන්නේ, ඒලෙස පළාගිය ආසාදිත සැකකරුවන් පිළිබඳ තොරතුරක් වේ නම් පොළොන්නරුව, මුලස්ථාන පොලිස් පරීක්ෂණ සදහා වන 071 8 591 233 අංකය වෙත හෝ 119 වෙත දැනුම් දෙන ලෙසයි. පළාගිය රැඳවියන්ගේ […]


Dec
31

මහර බන්ධනාගාර ගැටුමේ අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. අදාළ කමිටු වාර්තාව ඊයේ පස්වරුවේ අධිකරණ අමාත්‍යාවරයා වෙත භාර දීම සිදු කෙරුණා. ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය සමග රැදවියන් 11 දෙනෙකු මියගොස් […]


Dec
31

සමාජ මාධ්‍ය පරිශීලකයින්ට අනතුරු ඇඟවීමක්

Generic placeholder image

අද දිනයේ සමාජ මාධ්‍ය භාවිතයේදී ප්‍රවේසම් වන්නැයි සමාජ මාධ්‍ය පරිශීලකයින්ට පොලිසිය දැනුම් දෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ, මෙරට රැදී සිටින නයිජීරියානු ජාතිකයින් විසින් සිදු කරන බවට සැක කෙරෙන වංචාකාරී ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිව ඇති බවයි. ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සහ දුරකතනවලට ලැබෙන ව්‍යාජ පණිවිඩ පිළිබද අවධානයෙන් මෙන්ම […]


Dec
31

පිහි ඇණුමකට ලක් වූ පොලිස් නිලධාරියෙක් රෝහලේ

Generic placeholder image

මහව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට ඊයේ රාත්‍රී පුද්ගලයෙකු පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකර තිබෙනවා. පොලිසිය පැවසුවේ රාත්‍රී රාජකාරියේ යෙදී සිටි අදාළ පොලිස් සැරයන්වරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු පිරිසක් පරීක්ෂා කිරීමට යාමේදී පිරිස අතර සිටි අයෙක් සැරයන්වරයාට පිහියෙන් ඇණ ඇති බවයි. බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මහව රෝහලට ඇතුළත් කෙරුණා. අනතුරුව වැඩිදුර […]


Dec
31

උත්සව සහ සාද පැවැත්වීම පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්නැයි උපදෙස්

Generic placeholder image

රට තුළ පැතිර යන කොරෝනා වෛරස තත්ත්වය සැළකිල්ලට ගනිමින් අද උත්සව සහ සාද පැවැත්වීම පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. මේ අතර කොළඹින් පිටව යන පොදු ප්‍රවාහන සේවා සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා. පවතින තත්ත්වය හේතුවෙන් […]


Dec
31

නව මැතිවරණ කොමිසම අද දෙවැනි දිනට රැස් වෙයි

Generic placeholder image

නව මැතිවරණ කොමිස අද දෙවැනිවරට රැස්වීමට නියමිතයි. මෙහිදි කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට අපේක්ෂිත අතර ඡන්ද හිමි නාම ලේඛන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති. මේ අතර මේ වසරේ ඡන්ද හිමි නාම ලේඛන පිළිබඳ මෙහිදි වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post