ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ අගමැති ඇතුළුව 16 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් තාවකාලිකව පත්කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව නව ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙයයි.
හැටන් ප්‍රදේශයේ නොර්වුඩ් නගරයේ වෙලදසැල් කිහිපයක අද උදැසන ගින්නක් හටගෙන තිබෙනවා. ගෑස් අලෙවි කරන වෙලදසැලකින් ගින්න හටගෙන තිබෙන අතර ඒ අසල වෙලදසැල් පෙළකටද මෙම ගින්න පැතිර ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ. මෙම ගින්නෙන් වෙලදසැල් 02 ක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර අනෙක් වෙළෙදසැලට බොහෝ හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ජිවිත හානි කිසිවක් සිදු […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් අමාත්‍යධුරයේ වැඩභාර ගැනීමට නියමිතව තිබෙනවා. පසුගියදා නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අතර ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විෂයන් හා අදාල අමාත්‍යංශ වුයේ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන ,ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව වාර්තා වෙනවා. මෙම රැස්වීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී මැතිවරණය සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම කොමිෂමේ ඉදිරි ගමන ගැනද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
ඓතිහාසික රුවන්වැලි මහාසෑ රදුන්ට රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය පැළඳවීම අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද දහවල් 12.00ට චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය කිරිමේ කටයුතු අවසන් කෙරෙන අතර අනතුරුවයි මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ.
අද දිවයින පුරා තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වලත් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් බොහෝ ප්‍රදේශ වලත් මි.මී. 75 – 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මහනුවර සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් හෙට සිට ධාවනයට එක් කරන බවයි. නව දුම්රිය කොළඹ කොටුව සිට මහ නුවර බලා ගමන් ආරම්භ කරන්නේ පස්වරු 5.20 ටයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශයෙදී සදහන් කලේ අපේ රටේ ස්වාධිපත්‍ය හා ඒකීය රාජ්‍යත්වයට ගෞරව කරන ලෙසත් අපගේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය යළිත් පිහිටුවන ලද බවට සහතිකයක් බවයි ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ එම ප්‍රකාශයට සිය ප්‍රණාමය […]
පසුගිය කාලය පුරා පැවැති හොංකොං රාජ්‍ය විරෝධතා ව්‍යාපාරය මේ වන විට යම් නිහඬතාවයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ එරට දිස්ත්‍රික් ඡන්ද විමසීම ආරම්භ වී ඇති නිසයි. විශේෂයෙන්ම මැතිවරණය හේතුවෙන් උද්ඝෝෂණ හෝ ප්‍රචණ්ඩකාරීක්‍රියා වාර්තා වුවහොත් ඡන්දය අවලංගු කරන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග විරෝධතාකරුවන් මෙලෙස සිය විරෝධතාවයන් නවතා තිබෙනවා.
පොදු ජන පෙරමුණ බලය හිමිව තිබෙන නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ අයවැය ඉකුත්දා ඉදිරිපත් කෙරුණු අතර එම අයවැය සම්මත කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ සහයද හිමිව තිබෙනවා. ඒ අනුව එජාපයේ සභිකයන් 07 දෙනකුගේ සහයද හිමිව තිබෙනවා.
නව කථානායකධුරය සදහා ආණ්ඩු පක්ෂයේ නායකයින් විසින් වාසුදේව නානායක්කාර මහතාගේ නම යෝජනා කර ඇති බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මහතා සදහන් කරන්නේ ඒ සදහා තම නම යෝජනාවි ඇති බවට දැනගන්නට ලැබි ඇති බවයි.
අනුරාධපුර රුවන්වැලි මහ සෑ රඳුන්ගේ කොත්වහන්සේට රන් පාදම සහිත චූඩා මාණික්‍යය පැළදවීමේ මහෝත්සවය හෙට දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේත් චූඩා මාණික්‍ය වන්දනා කිරීමේ අවස්ථාව සැඳැහැවතුන්ට හිමිවෙනවා.