2019 වර්ෂයට අදාළව ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මත පවත්වනු ලැබූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අවසන් ප්‍රතිඵල අද(22) නිකුත් කළ අතර එම ප්‍රතිඵල www.slbfe.lk යන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි අතර මෙම විභාගය 2019 මැයි 28 දින ආරම්භ වූ අතර, එය 2019 ඔක්තෝම්බර් 08 දින දක්වා නිශ්පාදන, ඉදිකිරීම් හා […]
නාවික හමුදාව විසින් මන්නාරම, වංකාලේ වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ට්‍රහිබෙනවා. ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර දී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිටි මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති […]
දුම්රිය කිහිපයක් ධාවනය කරන වේලාවන් සංශෝධනය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් දරුවන්ගේ පහසුව සඳහා එම පියවර ගත් බවයි. ඒ අනුව, පස්වරු 1.40ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය කරන දුම්රිය පස්වරු 1.25 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ඇති අතර එමෙන්ම පස්වරු 1.45 ට කොටුව සිට පොල්ගහවෙල දක්වා නව දුම්රියක් ධාවනයට එක් කිරීමට […]
කැලෑවක පිපී තිබූ විෂ හතු (බිම්මල්) වර්ගයක් ආහාරයට ගත් එකම පවුලක කාන්තාවක් ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්ව අද (22) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69 ක කාන්තාවක් හා අවුරුදු 75 සහ 45 වයස්වල පසුවන එකම පවුලක සාමාජික පිරිසක්. කැලෑවේ පිපී තිබිය […]
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම 2020 වසරේ මාර්තු 03 වැනිදා දක්වා ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. ලලිත් වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.
මොරටුව කටුබැද්දේ මහල් 4 කින් යුත් රසායනික ද්‍රව්‍ය අලෙවි සැලක අද අලුයම හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා අමතර නිලධාරීන් කැඳවීමටද සිදුවු බව මොරටුව නගර සභාවේ ගිණි නිවීම් ඒකකය සඳහන් කළා. අද අලුයම සිට ගින්න මැඩපැවැත්වීමට ගිණි නිවීමේ රථ 15 කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබුණා. දෙහිවල / කොළඹ / මොරටුව […]
නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරයක් භාර නොගැනිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව පැවසුවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ ගනුදෙනු නිමාවන විට ඉකුත් සතියට සාපේක්ෂව සියයට 03ක වර්ධනයක් වාර්තා වුණා. ඉකුත් නොවැම්බර් 15 වැනිදා දෛනික පිරිවැටුම රුපියල් මිලියන 686 යි දශම 5යි 2ක් ලෙස වාර්තා වී තිබුණා. එය ඊයේ දිනය නිමාවනවිට රුපියල් මිලියන 708 යි දශම 5යි 3ක් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රවර්ධන ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා ප්‍රකාශ කළා. […]
පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් වාසුදේව නානායක්කාර මහතා කථානායක ධුරයට පත් කිරීමට සුදුසු යැයි යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රජයේ […]
හඟුරන්කෙත හා රාගල ප්‍රදේශවල කළ වැටලිමක දී හෙරෝයින් මත් කුඩු හා ගාංජා සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිර්ඝ කාලයක සිට හඟුරන්කෙත හා රාගල, වලපනේ යන ප්‍රදේශවල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර ගනිමින් සංවිධානත්මකව තහනම් මත්ද්‍රව්‍ය ලෙස නම් කර තිබෙන හෙරොයින් හා ගංජා අලෙවිය පිරිසක් විසින් සිදු කරන බවට ලැබි තිබු තොරතුරු අනුව මෙම […]
අන්තර් වාර රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ලබන සඳුදා දිනයේදී සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා. අද පෙරවරුවේ පැවති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
කොළොන්නාව නගර සභා බලප‍්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවනු ලබනවා. ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු […]