News Line| Off Air
Generic placeholder image

Dec
30

ඩෙංගු පරීක්ෂා කිරීමට ගිය 5 හැවිරිදි දැරියකට දුන් වෙනත් එන්නතක් නිසා ඇය අධි නින්දේ – සිද්ධිය ගැන පරීක්ෂණ

Generic placeholder image

ඩෙංගු පරීක්ෂාව සදහා පානදුර මූලික රෝහලට පැමිණි පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ 5 හැවිරිදි දැරියකට සුනඛයින් සහ බළලුන් සපා කෑ විට ලබා දෙන ඖෂධයක් එන්නත් කිරීම නිසා ඇය අධි නිද්‍රාවට පත්ව ඇති බව වාර්තා වනවා. ඩෙංගු රෝගය සම්බන්ධ පූර්ණ රුධිර පරීක්ෂාවක් සදහා අදාළ දැරිය රැගෙන ඇයගේ මව පානදුර රෝහල වෙත පැමිණ තිබුණේ ඊයේ පෙරවරුවේයි. එම අවස්ථාවේ රෝහල් […]


Dec
30

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Generic placeholder image

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් දුරකතන අංකය තාවකාලිකව අකර්මණ්‍ය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එය යථා තත්ත්වයට පත් වන තෙක් එම දෙපාර්තමේන්තුව ඇමතීම සදහා දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇති අතර හදිසි තත්ත්වයකදී අදාළ අංක ඇමතීම මගින් කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා […]


Dec
30

වැසි ජලයට හසු වී කොල්ලුපිටියේදී පුද්ගලයෙකු මරු දකියි

Generic placeholder image

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී ඇද හැළුණු අධික වර්ෂාවත් සමග කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මාර්ගයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යට වී තිබුණා. එම අවස්ථාවේ එහි සිටි අදාළ පුද්ගලයා ඊට හසු වී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Dec
30

කොරෝනා අවදානම් පිරිස මිලියන 4 පනියි – වෙෙරස මර්දන එන්නත ලබන මාර්තුවේ සිට

Generic placeholder image

මෙරට කොරෝනා මර්දන එන්නත් කිරිම් එළැඹෙන මාර්තු මාසය පමණ වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ඇය පැවසුවේ, මේ වනවිට නිෂ්පාදනය ආරම්භ කර ඇති එන්නත් අතුරින්, යම් එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඇණවුම්කර ලබා ගන්නා බවයි. කොරෝනා මර්දන එන්නත මුලින්ම […]


Dec
30

ජනපතිගේ උපදෙස් මත බන්ධනාගාරවල ආරක්ෂාවට විශේෂ යුද කණ්ඩායම් කැඳවයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්ධනාගාරවල ආරක්ෂාව සදහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථානය කිරීමට සැළසුම්කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ඒ සදහා අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් පාතාල ගණයේ රැඳවියන් වෙන්කර, ඔවුන්ව දැඩි අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා […]


Dec
30

කොරෝනා ආසාදිතයින් ගණන 42,000 පසු කරයි – වැල්ලම්පිටියෙන් තවත් මරණයක්

Generic placeholder image

ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණයක් පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගියා. එලෙස මිය ගියේ, වැල්ලම්පිටියේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනයයි. එම පුද්ගලයා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඉකුත් 28 වැනිදා […]


Dec
28

කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 520කට සුවයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 520 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 33,221ක් දක්වා ඉහළ ගියා.


Dec
28

12 හැවිරිදි දරුවාගේ සිරුර මදුරු දැල් ආධාරකයේ එල්ළෙමින් තිබියදී හමු වෙයි – මරණය සැක බව පියා කියයි

Generic placeholder image

කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි සිසුවෙකුගේ සිරුර මදුරු දැල් ආධාරකයක එල්ලෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා. එම සිසුවා, 6 හැවිරිදි සිය සහෝදරිය සමග නිවසේ සිට ඇති අතර ඔවුන්ගේ පියා සහ සුළු මව එම අවස්ථාවේ එහි සිට තිබුණේ නැහැ. සුළු මව නිවසට පැමිණෙන අවස්ථාවේ 12 හැවිරිදි සිසුවා නිවසේ නොසිටීම හේතුවෙන් කළ සොයා බැලීමේදී කාමරයක මදුරු දැලේ ආධාරකයේ […]


Dec
28

ඊශ්‍රායලය යළිත් වැසෙයි

Generic placeholder image

ඊශ්‍රායාලය යළිත් වරක් සති තුනක කාලයක් සඳහා වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ලබන මාර්තු මාසය වනවිට කොරෝනා වෛරසයෙන් මිදීම අරමුණුකර ගනිමින්. මේ වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ කටයුතු ද කඩිනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ලබන මාර්තු මාසය වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට හැකි […]


Dec
28

සංචාරකයින් 185 දෙනා රැගත් විශේෂ ගුවන් යානය දිවයිනට

Generic placeholder image

සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මීට ටික වේලාවකට පෙර ළගා වුණා. ඒ, යු‍ක්‍රේනයේ සිටයි. එම සංචාරකයින් පිරිස දින 14ක පමණ කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව අත් හිටුවා තිබු මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ආරම්භ කෙරුණා.


Dec
28

වේයන්ගොඩදී වෙඩි කෑ නිශාන්ත කුමාරසිරිගේ අපරාධ පිළිබඳ හෙළිදරව්ව

Generic placeholder image

අද උදෑසන පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ 37 හැවිරිදි නිශාන්ත කුමාරසිරි නැමැත්තා ඉකුත් 19 වැනිදා පුද්ගලයෙකුට කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර තිබුණා. පොලිසිය පැවසුවේ නිශාන්ත කුමාරසිරි නැමැත්තා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත්කර තිබූ බවයි. සැකකරු මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට මේ වනවිටත් තොරතුරු අනාවරණ වී අැති […]


Dec
28

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ

Generic placeholder image

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී අදාළ රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වත්මන් දේශපාලන තත්ත්වය සහ නව වසරේ පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post