News Line| Off Air
Generic placeholder image

Dec
28

ඊයේ දිනයේ ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ

Generic placeholder image

ඊයේ දිනය තුළ කොරෝනා වෙෙරසය ආසාදනය වූ පුද්ගලයින් දිස්ත්‍රික්ක 18කින් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. දෙෙනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් ඊයේත් වැඩිම පිරිස හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 174ක් ලෙසයි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් […]


Dec
28

සිරි පා වන්දනාකරුවන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුව, සීමිත පහසුකම් යටතේ ඉඩ

Generic placeholder image

හෙටින් ඇරඹෙන සිරි පා වන්දනා සමය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩ සළසා ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. පවතින වාතාවරණය යටතේ අදින් ඇරඹෙන චාරිත්‍රානුකූල පෙරහැර සහ ඉදිරි තේවා කටයුතු ද සීමිත පිරිසකට පමණක් සීමාකර තිබෙනවා. බුදු රජාණන් වහන්සේ සිය තුන්වන ශ්‍රී ලංකාගමනයේදී සමනොළ ගිරි මුදුනෙහි තම […]


Dec
28

බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වන කොරෝනා තොරතුරු

Generic placeholder image

අද දින වනවිට බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ සහ ආසාදිතයින් ලෙස සැක සහිත පිරිස 3,909ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 121ක්, පිරිමි රැදවියන් 416ක්, කාන්තා රැදවියන් 9ක් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. එමෙන්ම වෙෙරසය ආසාදනය බවට සැක, පිරිමි රැදවියන් 3,172ක් සහ කාන්තා රැදවියන් 191 දෙනෙකු සිටින බවයි නවතම දත්ත […]


Dec
28

කිළිනොච්චියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි – ඝාතනයට මුල අනියම් පෙමක් බව හෙළි වෙයි

Generic placeholder image

කිළිනොච්චිය, මුලංගාවිල් ප්‍රදේශයෙදී පුද්ගලයෙකු කඩුවකින් කපා කොටා ඝාතනයකර තිබෙනවා. මුලංගාවිල්, පල්වරායන්, කට්ටචෝලේ ආදර්ශ ගම්මානයේදී අදාළ ඝාතනය සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ, මියගිය පුද්ගලයා අදාළ සැකකරුගේ ඥාතියෙකු සමග ඇතිකර ගෙන තිබූ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් දුරදිග යාම ඝාතනයට මුල් වී ඇති බවට අනාවරණ වූ බවයි. ඒ සම්බන්ධයෙන් […]


Dec
28

අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව – ඊයේ දිනයේ ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනේ

Generic placeholder image

බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින්ට අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණ සිදු කිරීම තවදුරටත් සිදුවන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඊයේ දිනය තුළ එම පරීක්ෂණ 1,100ක් සිදු කළ අතර ඉන් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම පසුගිය සතිය තුළ බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට එලෙස සිදු කළ අහඹු […]


Dec
28

කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් හමුවෙයි

Generic placeholder image

රුපියල් මිලියන 50ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයෙන් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ කේරළ ගංජා තොගය කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබියදී මෙලෙස සොයාගෙන ඇති බවයි. එම ගංජා තොගයේ බර කිලෝ ග්‍රෑම් 360ක්.


Dec
28

තවත් ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග කිහිපයක් ලබන අප්‍රේල් සිට තහනම්

Generic placeholder image

තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන වර්ග කිහිපයක් ලබන අප්‍රේල් මස සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ වරක් භාවිතකර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන වර්ග 6ක් ඇතුළත් ලැයිස්තුවක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි‍. එලෙස තහනම් වන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන සදහා වන ගැසට් නිවේදනය එළැඹෙන පළමු වැනිදා නිකුත් කරන බවයි පරිසර […]


Dec
28

තවත් මරණ 4ක් – සමස්ත කොරෝනා මරණ ගණන 191ට නගියි

Generic placeholder image

තවත් කොරෝනා මරණ 4ක් පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 191 දක්වා ඉහළ ගියා. එලෙස මියගියේ පිටකෝට්ටේ, රාගම, කඩවත සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 52ත් 78ත් අතර වයස් සීමාවන්වල පසුවන්නන්. ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් : මේ අතර ඊයේ දිනය තුළ හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 668 […]


Dec
24

කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් යුක්‍රේනයෙන් ගෙන් වූ දේ (ඡායාරූප)

Generic placeholder image

කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් මෙරටට ගනේ වූ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව අද සිය භාරයට ගත්තා. අදාළ අපද්‍රව්‍ය තොගය යුක්‍රේනයේ සිට ආනයනයකර ඇති අතර ඒවා බහාලුම් 28ක දමා තිබියදී සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, යුක්‍රේනයේ Agronika Trade LLC නමැති ආයතනයක් මගින් එම බහාලුම් ආනයනයකර ඇති බවයි. අදාළ බහාලුම්වලින් බහාලුම් 8ක් පසුගිය 10වැනිදා […]


Dec
24

තවත් කොරෝනා මරණයක් අගලවත්තෙන් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. අගලවත්තේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති අතර එම පුද්ගලයා ඉකුත් 20 වැනිදා පිඹුර මූලික රෝහලට ඇතුළත්කර තිබුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එම පුද්ගලයාගේ […]


Dec
24

තවත් ආසාදිතයින් 182 හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 182 හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 588ක් ලෙසයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 35,548 දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය […]


Dec
24

නත්තල් දේව මෙහෙය පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

Generic placeholder image

අද සහ හෙට කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව අද රාත්‍රී සහ හෙට උදෑසන නත්තල් දේව මෙහෙය පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අදාළ ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post