කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 388 දෙනෙක් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 18 දෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
ජනවාරි පළමුවැනිදා සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ආරම්භ කරන නව බස් රථ සේවාවක් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා අද සියත FM Morning Show වැඩසටහනට එක් වෙමින් පැවසුවා. ඔහු පැවසුවේ, ‘සිටි රයිඩ්’ නැමැති අදාළ සේවාවේ නියමු ව්‍යාපෘතිය මෙලෙස ලබන පළමුවැනිදා සිට ඇරඹෙන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා එය ක්‍රියාත්මක වන […]
අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට කොළඹ – කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති බවයි. ඒ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙනතුරු විවෘත නොවන බව ද […]
මෙරට කොරෝනා වෛරසය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 30,000 ඉක්මයා ගියා. ඒ, වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 686 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 30,568ක් ලෙසයි.
සුවසරණ සෞඛ්‍ය අරමුදල මගින් කළුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කිරීම සඳහා මිල දී ගත් නව පී.සී.ආර්. යන්ත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර කිරීම පසු ගියදා සිදු කෙරුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. පිරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් නව පී.සී.ආර්. යන්ත්‍රය මිල දී ගැනුණේ, හොරණ කුරුඳුවත්ත මහා විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක, පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම […]
තවත් පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදකෙලාකර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසුවේ අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස්බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා තත්ත්වයට පත් කරන බවයි.
නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, හෝටල් සහ විශේෂ තුන් අවුරුදු බලපත්‍ර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙන බවයි. එමෙන්ම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන 29 වැනිදා දිවයිනේ සියලුම සුරාසැල් වසා තබන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ සියලු ජන කොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින්. මෘත දේහ ආදාහනය කරන්නේ ද, භූමිදාන කරන්නේ ද යන්න පිළිබඳ තීන්දු […]
අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 579 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අද රාත්‍රී තවත් ආසාදිතයින් 231 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවල සමස්තය 34,960 දක්වා ඉහළ ගියා.
කොරෝනා වැළඳීමෙන් තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. එලෙස මියගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා වෛරසය ආසාදනය වීම සමග ලේ විෂ වීම සහ පිළිකා රෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා. අදාළ පුද්ගලයා ඉකුත් 21 වැනිදා නිවසේදී මියගොස් ඇති බවයි රජයේ […]
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සහ හුදෙකලා කළ පොලිස්බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල්වල 1-5 දක්වා ශ්‍රේණි ඇතුළු සියලු ශ්‍රේණි සඳහා නව පාසල් වාරය ජනවාරි මස 11 වැනිදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වර්ෂයේ තුන්වැනි පාසල් වාරය අදින් අවසන් වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම වර්ෂය අවසන් වනවිට සියලුම […]
පවතින වසංගත තත්ත්වය හමුවේ ලබන ජනවාරි මාසය තුළ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. එම කමිටුව පෙන්වා දෙන්නේ ශ්‍රී පාද සමයේ ආරම්භක සති කිහිපය දැඩි අවදානම් සහගත බවයි. හැටන් වතු ආශ්‍රිතව කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මැදිහත්ව සංචරණ සීමා පැනවීමට […]