News Line| Off Air
Generic placeholder image

Dec
23

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Generic placeholder image

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ පහක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශය, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රදේශය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කහවත්ත යන ප්‍රදේශ සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත්කර කෙරුණා. හෙට පස්වරු 5.30 දක්වා අදාළ අනතුරු ඇඟවීම බලපැවැත්වෙනු ඇති.


Dec
23

කොරෝනා නිසා මිය ගිය දින 20 බිළිඳාගේ මරණය සැක බව පවසා මව්පියන් අධිකරණයට

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී පසුගියදා මිය ගිය දින 20ක් වයසැති බිළිඳාගේ මරණය සැක සහිත බව පවසමින් බිළිඳාගේ මව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. වෛද්‍ය වාර්තා කැඳවා පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඔවුන් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ. දින 20ක් වයසැති බිළිඳා පසුගිය 8 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර ලේ විස […]


Dec
23

නව ආසාදිතයින් 348ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 348 දෙනකෙු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 276 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 72 බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල ආසාදිතයින් ගණන 34,729 දක්වා ඉහළ ගියා. මේ අතර අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 582 සමග මෙරට […]


Dec
22

කොරෝනා එන්නත් පිළිබද සම්බන්ධීකරණ කටයුතුවලට ලලිත් වීරතුංග පත් කෙරේ

Generic placeholder image

විදෙස් රටවල නිපදවා ඇති කොවිඩ් එන්නත් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමෙන් පසුව අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබෙනවා. දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව, ජනාධිපති කාර්යාලයේ අද රැස් වූ අවස්ථාවේදී එම තීරණයට එළැඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. වතු, මහල් නිවාස, […]


Dec
22

කොරෝනා ආසාදිතව සිටි 618කට සුවයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 618 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්තය 29,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 29,300ක් ලෙසයි.


Dec
22

නරියගේ කලර්ස් දැකලා කොර වුණු කැලේ අනිත් සත්තු

Generic placeholder image

“කපටි නරියා” අපි කව්රුත් අපේ කපටි යාළුවන්ට එහෙම මේ නම පාවිච්චි කරනවා.. නරියා තරම් කපටි වෙන සතෙක් කැලේක වුණත් නැති තරම් නේ.. ඒ ගැන ඕන තරම් ළමා කතා පොත් එහෙමත් ලියවිලා තියෙන බව අපි කව්රුත් දන්න දෙයක්. ඒ කොහොම වුණත් නරියගේ කපටිකම් කැලේට වුණත් හැමදාට හරියන්නේ නෑ. දවසක් සායම් ගොඩක් තවරං කැලේට ගිය නරියෙක් කැලේ […]


Dec
22

ශානි අබේසේකර පරීක්ෂණයක් සඳහා ජාතික රෝහලට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අයි.ඩී.එච් රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ, ඇනිජියෝග්‍රෑම් (Angiogram) පරීක්ෂණයක් සඳහායි. ශානි අබේසේකර මහතාට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වූ අතර ඔහු බන්ධනාගාර රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලැබුවා. ඔහුව අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යැවුණේ ඉන් අනතුරුවයි.


Dec
22

කොවිඩ් 19 නව වෙෙරසය බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමනුත් නවතයි

Generic placeholder image

හෙට අලුයම 2 සිට බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන කිසිදු ගුවන් යානයක් මෙරටට ඇතුළු විය නොහැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළා. ඒ, බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 නව වෛරස ප්‍රභේදය හේතුවෙන්. යළි ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කරනු ලබන දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ. බ්‍රිතාන්‍යය තුළ […]


Dec
22

පාස්කු කොමිසමේ කාලය ජනවාරි අග දක්වා දීර්ඝ කෙරේ

Generic placeholder image

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය තවත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම කොමිසමේ කාලය ලබන වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බවයි අදාළ ගැසට් නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.


Dec
22

ශ්‍රී ලංකා – එංගලන්ත කි‍්‍රකට් හටනේ එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශනයට ජැක් කලිස්

Generic placeholder image

එළැඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා දකුණු අප‍්‍රිකානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක ජැක් කලිස් එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත්කර තිබෙනවා. ටෙස්ට් තරග දෙකකට සහභාගිවිම සදහා එංගලන්ත කණ්ඩායම ලබන ජනවාරි මස 3 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි. ටෙස්ට් තරග පිටියේ අත්දැකීම් බහුල කී‍්‍රඩකයෙකු වන ජැක් කලිස් ටෙස්ට් තරග 166කට කී‍්‍රඩා කරමින් ලකුණු 13,289ක් […]


Dec
22

බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

උත්සව සමයත් සමග ජනතාව බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වෙත යා හැකි බැවින් එම පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ජනතාව බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට යෑම තුළින් වෙෙරසය පැතිර යාමේ විශාල අවදානමක් පවතින බවයි. ඒ හේතුවෙන් ජනවාරි පළමු වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසයි මහජන සෞඛ්‍ය […]


Dec
22

උපරිමාධිකරණය ගිනි ගත්තේ කොහොම ද?

Generic placeholder image

පසුගියදා කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බවට අනාවරණ වී තිබෙනවා. ගින්න හට ගැනීමෙන් පසු සිදු කළ පරික්ෂාවෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. එම ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයා කළ පරීක්ෂණයේ වාර්තාව ද මෙතෙක් නිකුත් වී නැහැ. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සංකීර්ණයේ සේවකයින් […]


News Articles
Latest Videos
Most Popular Post