News Line| Off Air
Generic placeholder image

Oct
28

මිහින්තලය අඹගහවෙල මාරාන්තික අනතුරක්

Generic placeholder image

මිහින්තලය අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ජිප් රථයක් සහ වෑන් රථයක් එනිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා කාන්තාවක් මියගොස් තිඛෙනවා. අනතුරින් වෑන් රථයේ ගමන් කළ පස් දෙනෙකු තුවාල ලබා මිහින්තලය රෝහලට ඇතුලත් කිරීමේදී 45 හැවරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ජිප් රථයේ රියදුරු ඇතුළු තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර […]


Oct
28

ජපාන සංචාරය නිම කර ජනපති යළි දිවයිනට

Generic placeholder image

ජපානයේ සිය තුන් දින නිල සංචාරය නිමා කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය . ජපානයේ නරුහිතෝ රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා එරටට ගොස් සිටි අතර , ජනාධිපතිවරයා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරය සදහා සහභාගී වී සිටියහ. මෙම පිරිස ඊයේ […]


Oct
28

සමාජ නිදහස සහතික කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

Generic placeholder image

කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 2015 වසෙර්දී ලබා ගත් සමාජ නිදහස තවදුරටත් සහතික කිරීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් තෙරරතුරු දැනගැනිමේ පනත බලාත්මක කරමින් ජනතාවට අවශ්‍ය නිදහස ලබා දීමට පියවර ගත් බවද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.


Oct
28

අදත් දිවයිනේ බොහෝ පළාත් වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

Generic placeholder image

දිවයිනේ බොහෝ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයට අද (28) දිනයේදී ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතියේ බලපෑමට යටත්ව දිවයිනේ බොහෝ පළාත් වල වැසි තත්ත්වය […]


Oct
26

කන්ටේනරය තුළ මිය ගිය තරුණියගේ අවසන් පණිවිඩය

Generic placeholder image

එංගලන්තයේ එසෙක්ස් හි කන්ටේනරයක තිබී සොයාගත් මළ සිරුරුවල අනන්‍යතාව මේ වනවිට අනාවරණය වෙමින් පවතිනවා. එංගලන්තයේ එසෙක්ස් හි කන්ටේනරයක තිබී සොයාගත් මළ සිරුරු චීන ජාතිකයන් බව මුලින් අනාවරණය වුවත්, ඉන් 6 දෙනෙකු වියට්නාම ජාතිකයන් බව මේ වනවිට අනාවරණය වෙමින් තිබෙනවා. වියට්නාමයේ පවුල් කිහිපයක් තමන්ගේ ඥාතීන් මෙම මියගිය පිරිස අතර සිටින බව මේ වනවිට පවසා ඇති බව […]


Oct
26

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

Generic placeholder image

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ එල්ලවූ එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ නිරුවත් ජයාරූප ආදිය පළකර තිබු බව වාර්තා වනවා. කෙසේ හෝ අද අළුයම් කාලය වන විට යළි පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවී තිබෙනවා. මේ දක්වා එය සයිබර් […]


Oct
26

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා 20 යි 20 තරඟාවලියේ පළමු සටන හෙට

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු 20යි 20 තරගය හෙට (27) පැවැත්විමට නියමිතව තිබෙනවා. පළමු තරඟය ඔක්තෝම්බර් 27 උදෑසන 9.00 ට ඇඩිලේඩ් හි පැවැත්වෙන අතර දෙවැනි තරඟය ඔක්තෝම්බර් 30 සවස 1.40 ට බ්‍රිස්බෙන්හි පැවැත්වීමට නියමිතයි. තෙවැනි තරඟය නොවැම්බර් 1 වැනි දා සවස 1.40 ට මෙල්බන් හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් […]


Oct
26

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ වෙයි

Generic placeholder image

ලබන මස 16 වන දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහි මූලික අදියර ලෙස තැපැල් මූලස්ථානයේ සිට ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් හරහා තැපැල් කාර්යාලවලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා යොමු කිරීම අද දිනයේදි සිදුකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියා. අනතුරුව ලබන සඳුදා සිට ඡන්ද දායකයින් […]


Oct
26

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

Generic placeholder image

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද පෙරවරුවේ එළිදැක්වුණා. ‘අනුර සමග රට හදන හැටි ’ අපේක්ෂාවේ උදානය ලෙස එය නම් කර තිබෙනවා. ඒ සඳහා වන උත්සවය අද කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා. මැතිවරණයකදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ජනතාව අතර නිතිමය බැඳීමක් පවතින ආකාරයේ නීතියක් සම්පාදනය කිරීම සිය ප්‍රමුඛ අරමුණ බව […]


Oct
26

රුසියානු සෙබළුන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි

Generic placeholder image

නැගෙනහිර සයිබිරියානු හමුදා කඳවුරක් තුළදී රුසියානු සෙබළුන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම කඳවුරේ රාජකාරියේ නියුතු තවත් සෙබලෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. වෙඩි තැබීමෙන් තවත් සෙබළුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව සදහන්. වෙඩි තැබීම සිදු කළ සෙබලා මානසික රෝගියෙකු බව වාර්තා වනවා.


Oct
26

චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂාවක්

Generic placeholder image

චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා නව ගවේෂණ යානයක් එහි යැවීමට ඇමරිකානු නාසා ආයතනය සැලසුම් කරන බව වාර්තා වනවා. වයිපර් ලෙසින් නම් කෙරුණු ගොල්ෆ් කරත්තයක් තරම් විශාල එම රොබෝ ගවේෂකය 2022 වසරේ සඳ මත පතිත කිරීමට අපේක්ෂා කරන බව සදහන්. 2024 වසරේදී ඇමරිකානු ගගනගාමීන් නැවතත් සඳ වෙත යැවීමට සැලසුම් කෙරෙන අතර, ඊට […]


Oct
26

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසයි

Generic placeholder image

ඇල්ල වැල්ලවාය මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබෙනවා. අයහපත් කළගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ එම මාර්ගයේ 25/1 බෝක්කුව ආසන්න ප්‍රදේශයේ කන්දක් නායයාමකට ලක්ව පස් සහ ගල් මාර්ගයට වැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා. මේ හේතුවෙන් එම මාර්ගය ඊයේ පස්වරු 06.00 සිට අද උදෑසන 06.00 දක්වා වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන […]


News Articles
Latest Videos
Most Popular Post