News Line| Off Air
Generic placeholder image

Oct
1

ලෝක ළමා දිනය නිමිත්තෙන් තුන් නිවුන් දරුවන්ට ජනපතිගෙන් තෑග්ගක්

Generic placeholder image

ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද දින සිය රාජකාරී ආරම්භ කරනු ලැබුවේ දරුවන් වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් ඉටු කරමින්. තුන් නිවුන් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් පවතින ආර්ථික දුෂ්කරතා සඳහා සහනයක් ලෙස පවුල් 03ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග පිරිනැමීම ඒ අනුව අද (01) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ […]


Oct
1

විදෙස් මත්පැන් නීති ලිහිල් කරයි

Generic placeholder image

විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය කිරීම සහ ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර 7.5 සිට 80 දක්වා ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය 27 වනදා විෂයභාර අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ සුරාබදු නිවේදනය මගින් මුළු දිවයිනට බලපවත්වන පරිදි මෙම සංශෝධනය සිදුකර ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා. ඒ අනුව සුරාබදු ආඥා […]


Oct
1

සියලු ජනපති අපේක්‍ෂකයන් එකම වේදිකාවට ගේන වැඩේට අනුරගේ කැමැත්ත

Generic placeholder image

මාර්තු 12 ව්‍යාපාරය සහ පැෆරල් ආයතනය එක්ව සංවිධානය කරන ඉදිරි ජනාධිපතිවරණයේදී තරගවදින ප‍්‍රධාන අපේක්‍ෂකයින් එක තැනකට ගෙන්වා රට ගොඩනැගීම පිළිබදව ඔවුන්ගේ ප‍්‍රතිපත්ති සහ සැලසුම් පිළිබද  සාකච්ඡාවක්  ඔක්තොම්බර් මස 05 වනදා පැවැත්වීමට නියමිතයි. මේ සදහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක  අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේඛම් ටිල්වින් සිල්වා මහතා […]


Oct
1

දිවයිනේ සියලු සුරාසැල් ලබන 3 වනදා වැසේ

Generic placeholder image

අනිද්දා එනම් ලබන 3 වනදා සියළු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඊට හේතු වන්නේ ලෝක අමද්‍යප දිනය එදිනට යෙදී තිබීමයි. විශේෂයෙන්ම නීති විරෝදී ලෙස මත්පැන් අළෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමට හා එම ස්ථාන වැටලීමට මෙහෙයුම් යොදන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.


Oct
1

පළාත් කිහිපයකට අද සවසත් ගිඟුරුම් සහිත වැසි

Generic placeholder image

පළාත් කීපයක අද(01) සවස ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ මෙලෙස වැසි ඇති විය හැකියි. ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝ මීටර 70-80 ක පමණ කෙටි […]


Oct
1

අනුරත් ජනපතිවරණයට ඇප වෙයි

Generic placeholder image

ජාතික ජනබල ව්‍යාපාරය විසින් අද (01) දින පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත් ,මහාචාර්ය චන්දන අබේරත්න, නීතීඥ සුනිල් වටගල , නීතීඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහින්ද […]


Oct
1

පෞද්ගලික රූපවාහිනි නාලිකා අපක්ෂපාති කරන්න මැතිවරණ කොමිසමෙන් උපදෙස්

Generic placeholder image

මැතිවරණ කාල සිමාවේ මැතිවරණ නීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනි නාලිකා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය නියාමන කටයුතු සිදු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දී තිබෙනවා. ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාලිකාවල විකාශනය කෙරෙන ප්‍රවෘත්ති වැඩසටහන් හා වෙනත් විශේෂාංග හේතුවෙන් ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට පත් කිරීමට වැඩි අවස්ථා තිබෙන […]


Oct
1

සියලු සිද්ධස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි කාදිනල් හිමිගෙන් ජනපතිට දැනම් දීමක්

Generic placeholder image

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දේවස්ථාන හා විහාරස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි ලිඛිතව දැනුම් දීමක් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා. ඒ අනුව මීට අමතරව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා. මේ පිලිබදව ජනපති වරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාගේ විශේෂ […]


Oct
1

තර්ජනය කිරීමේ සිද්ධියකට පුජිත් CID අත්අඩංගුවට

Generic placeholder image

පොලිස් මුලස්ථානයේ දී පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. විදුලි සෝපාන ක්‍රියාකරවන පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි සදහන් වන්නේ.


Oct
1

ලෝක ළමා දිනය වෙනුවෙන් චන්ද්‍රසේකර විදුහල් ආදී ශිෂ්‍ය සංගමය විසින් පාවහන් බෙදා දීමක්

Generic placeholder image

හොරතුඩුව චන්ද්‍රසේකර මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් එම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පාවහන් බෙදා දීමේ උත්සවක් සංවිධානය කර තිබුණා. අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක වුණා.  


Oct
1

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ දැක්වීමට වප් පුර අටවක පොහොය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාද්වීපයට බුදු දහම රැගෙන ආ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කළගුණ දැක්වීමක් වශයෙන් වප් පුර අටවක පොහො දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා. මේ අනුව සෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් වෙනවා. ඊට සමගාමීව මිහින්තල පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටද […]


Oct
1

ගෝඨාභය විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර පතයි

Generic placeholder image

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීම සදහා විදෙස් ගත වීමට පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  ස්ථිර  ත්‍රිපුද්ගල මහාධිකරනය වෙත මෝෂමක් ගොනු කරමින් ඉල්ලා සිටිනවා. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් තව දුරටත් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකික පුරවැසියකු බවට තහවුරු කිරීමට ද විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසයි. ඒ අනුව මෙම නඩුව ලබන ඔක්තෝබර් මස 03 […]


News Articles
Latest Videos
Most Popular Post