කොරෝනා වෛරසය වැළඳුණු නව රෝගීන් 123 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 618ක්. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ […]
මෙරට කොරෝනා මරණ ගණන 171 දක්වා ඉහළ නංවමින් තවත් මරණ 6ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු එලෙස මියගොස් ඇති අතර එම මරණ වාර්තා වන්නේ කොළඹ 14, වීරඟුල, කොළඹ 15, කොළඹ 10, කිරිවත්තුඩුව සහ බණ්ඩාරගම යන ප්‍රදේශවලින්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් ප්‍රදේශයේදී කැබ් රථයක් වැවකට පෙරළී සිදු වූ අනතුරකින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. අද පස්වරුවේ අදාළ අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රථයේ සිව් දෙනෙකු සිට ඇති අතර එකම පවුලේ පියා, පුත්‍රයා සහ දියණිය එලෙස අතුරුදන් වී තිබුණා. තවත් දරුවෙකු අනතුරින් දිවි බේරාගෙන තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් සහ ඔහුගේ 12 හැවිරිදි […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 495 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 32,875 දක්වා ඉහළ ගියා.
බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට පිටව යන පුද්ගලයින් තවත් සති දෙකක කාලයක් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලට ලක් කරන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ශ්‍රී ලංකා පොලිසියේ ද සහය ඇතිව බස්නාහිර පළාතෙන් පිට වන කපොලු ආශ්‍රිතව මෙම පරීක්ෂණ සිදු කරන බවයි. එහිදී යම් කිසි පුද්ගලයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනා […]
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 491 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 27,552 දක්වා ඉහළ ගියා. එමෙන්ම රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබන ගණන 8,332ක්. මරණ ගණන දැක්වෙන්නේ 165ක් ලෙසයි. මේ අතර ගත වූ පැය 24 තුළ හඳුනාගත් […]
ඇෆ්ගනිස්ථානයේ සිදු වූ පිපිරීමකින් දරුවන් පහලොස් දෙනෙකු මිය ගොස් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ ගම්මානයක ආගමික උත්සවයක් පැවති නිවසක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි. ළමුන් කිහිපදෙනෙකු යමක් වෙළෙන්දෙකුට අලෙවි කිරීමට සූදානම් වී ඇති අතර එම අවස්ථාවේ බෝම්බය පුපුරා ගොස් ඇති බවයි […]
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර ලෙස සැළකෙන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කොටසේ ඉදි කිරීම් කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ සඳහා සංවිධානකර තිබූ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස මංතීරු 4කින් සමන්විත වන අතර එහි සමස්ත දුර කිලෝමීටර් 31.7ක්. මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ, එහි ඉදි කිරීම් කටයුතු වසර 3කින් නිම […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 284 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. පස්වරුවේ වාර්තා වූ ආසාදිතයින් 376 දෙනා සමග අද දිනයේ මේ දක්වා හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 660ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,047 දක්වා ඉහළ ගියා. එමෙන්ම වෛරසය ආසාදනය වූවන් 708 දෙනෙකු සුවය ලබා අද […]
රත්නපුර මහනගර සභා සීමාව තුළ ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනා ගැනීමත් සමග නගරයේ පාසල් තුනක් වසා දැමීමට බලධාරීන් තීරණයකර තිබෙනවා. රත්නපුර ගඟබඩ සීවලී විද්‍යාලය, රත්නපුර අල්මකියා මුස්ලිම් විද්‍යාලය සහ රත්නපුර ධර්මරාජ විද්‍යාලය එලෙස වසා දමා දැමුණා. ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසන්නේ, පුද්ගලයින් 16දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි. ඊට එකම පවුලේ 7දෙනෙකු ඇතුළත්. මේ අතර රත්නපුර […]
මෙරට කොරෝනා මරණ ගණන 165 දක්වා ඉහළ නංවමින් තවත් කොරෝනා මරණ 5ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අගලවත්ත, මග්ගොන, කොළඹ 15, මහරගම සහ වතුපිටිවල යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී අද සිදු කෙරුණා. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව අදාළ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිවයින පුරා සිටින සියලු හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ඇදුම් කට්ටල ප්‍රදානය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. […]