වේයන්ගොඩ, මාලිගාතැන්න ප්‍රදේශයේදී පෙදරේරුවෙකුට පහර දී බරපතල තුවාල සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. පොලිසිය පැවසුවේ, තුවාල ලැබූ පුද්ගලයාගේ අතක් සහ පාදයක් ගතින් වෙන් වන ලෙස කඩුවකින් කපා තිබූ බවයි. බරපතල තුවාල ලැබූ පුද්ගලයා, ශරීරයෙන් වෙන් වූ කොටසක් සමග රෝහල්ගතකර තිබූ අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා […]
බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සියලුම පෙර පාසල් සහ ප්‍රාථමික අංශ යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ ඒ අනුව අදාළ ප්‍රදේශවල පෙර පාසල් සහ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ 2021 වසරේ ජනවාරි මස 11 වැනිදා සිට යළි විවෘත කරන බවයි.
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව ඊයේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී තහවුරු වී තිබෙනවා. ඒ අනුව සභාපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර තිබුණා. කෙසේ වෙතත් අදාළ සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව යමින් ප්‍රාදේශීය සභා සභාපතිවරයා රැස්වීම් කිහිපයකටත් සහභාගී වී ඇති බවටයි වාර්තා වන්නේ. ඔහු සහභාගී වූ රැස්වීම් සඳහා නුවරඑළිය, තලවාකැලේ ලිඳුල, කොටගල, ආගරපතන, […]
මුව ආවරණ නොපැළඳ සෙළ්ෆි ඡායාරූපයකට පෙනී සිටි චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබස්තියන් පිනේරාට දඩ නියමකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ඩොලර් 3500ක දඩ මුදලක් ජනාධිපතිවරයාට එලෙස නියමකර ඇති බවයි. චිලී ජනාධිපතිවරයා කාන්තාවක් සමග මුව ආවරණයක් නොමැතිව වෙරළ තීරයකදී ගත් සෙල්ෆි ඡායාරූපයක් චිලී රාජ්‍යයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. […]
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම පිළිබද තීරණයක් අද දිනයේ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා පවසනවා. කෙසේ වෙතත් ඒ පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බස්නාහිර පළාත තුළ පවතින තත්ත්වය හමුවේ එම පළාතේ සියලුම පාසල් එකවර විවෘත කිරීමේ හැකියාවක් නොමැති බවයි.
Facebook ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍යය හරහා පැතිර යන විෂමචාර ඇතැම් අවස්ථාවලදී පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩනැගී ඇති බවයි. ඊට අදාළ සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ පවතින අතර ඉදිරියේදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි […]
පොළොන්නරුව සොලොස්මස්ථානය පූජා භූමියක් ලෙස ඊයේ නම් කළා. සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් ඒ බව ප්‍රකාශයට පත් කෙරුණා. ඒ පිළිබඳ වූ සන්නස් පත්‍රය පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේදී සොලොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් වෙත භාර දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. […]
ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් යළි දැනුම් දෙනතරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා. එම තීරණය ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නගරය ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය […]
අද උදෑසන 5 සිට හුදෙකලා තත්ත්වය අළුතින් පනවන, ඉවත් කරන සහ පවතින තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කෙරුණා. එම තත්ත්වය කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට අදාළ වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් ඊයේ නිකුත් කළ නිවේදනය පහතින් :
ඊයේ රාත්‍රී නව කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 176 දක්වා ඉහළ ගියා. පනාගොඩ, කොළඹ 08, කොළඹ 12, කොළඹ 02, සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු එලෙස මියගොස් තිබුණා. ඔවුන් අවුරුදු 44 සිට 71 දක්වා වන වයස් සීමාවන්වල පසු වූවන්. ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු ඇතුළත් කරමින් රජයේ […]
කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග බෙන්තර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරුණා. බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන […]