News Line| Off Air
Generic placeholder image

Dec
18

“ගම සමග පිළිසඳර” තෙවැනි වැඩසටහනට ඉදිරිපත් වූ ගැටළුවලට ජනාධිපතිවරයාගෙන් විසඳුම් රැසක්

Generic placeholder image

“ගම සමග පිළිසඳර” තෙවැනි වැඩසටහන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ, ඉඹුල්පේ, රාවණාකන්ද ප්‍රදේශයේ, තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියේදී පැවැත්වුණා. එහි පළමුවැනි වැඩසටහන ඉකුත් සැප්තැම්බර් මස බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රදේශයේ ද දෙවැන්න ඔක්තෝබර් මස මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව ද පැවැත්වුණා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දීර්ඝ කාලයක් ග්‍රාමීය ජනතාවගේ නොවිසඳුණු ගැටළු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡාකර, […]


Dec
18

අපේ ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමිට

Generic placeholder image

අපේ ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඒ බව ප්‍රකාශයට පත්කර ඇති බවයි. අදාළ ගැසට් නිවේදනය පහතින් :


Dec
18

තවත් ආසාදිතයින් 376 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

තවත් ආසාදිතයින් 376 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 35,763 දක්වා ඉහළ ගියා.


Dec
18

බස්නාහිර පළාතෙන් පිටව ගිය 5කට කොරෝනා වැළඳී ඇති බව අහඹු පරීක්ෂණවලින් තහවුරු වෙයි

Generic placeholder image

බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට පිටව ගිය පුද්ගලයින් 5 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ, ස්ථාන කිහිපයකදී අහඹු ලෙස සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට පිටත්ව ගිය 451 දෙනෙකුගෙන් 5 දෙනෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් […]


Dec
17

තවත් ආසාදිතයින් 338ක් හඳුනා ගැනේ

Generic placeholder image

තවත් ආසාදිතයින් 338 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත ම්‍යස්ථානය පවසනවා. ඔවුන් සියලු පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 650ක් වන අතර එම පොකුරුවල සමස්තය දැක්වෙන්නේ 31,720ක් ලෙසයි.


Dec
17

මහනුවර දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය විවෘත කෙරේ

Generic placeholder image

රජයේ ප්‍රකාශන කාර්යාංශයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය අද විවෘත කෙරුණා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී එය සිදු කෙරුණේ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික්කය තුළ රජයේ ප්‍රකාශන කාර්යාංශයක් විවෘත කිරීම මගින් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය රජයේ අණ පනත් මිල දී ගැනීමට මෙන්ම රජයේ තොරතුරු දැන ගැනීමට ඇති […]


Dec
17

මැතිවරණ කොමිෂන් සභාව රැස් වෙයි – තීරණ කිහිපයක්

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අද රැස් වුණා. එහිදී පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටළු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම්දීම ඇතුළු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. එම තීරණ ඇතුළත් නිවේදනය පහතින් :


Dec
17

ප්‍රංශ ජනපතිටත් කොරෝනා

Generic placeholder image

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද නිවේදනය කළා. ජනාධිපතිවරයාටවෛරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න පිළිබඳ තවමත් පැහැදිලි තොරතුරක් අනාවරණ වී නොමැති බවයි ප්‍රංශ ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ. රෝග ලක්ෂණ මතු වූ පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් කළ බවත් ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි දින හතක කාලයේදී ස්වයං නිරෝධායනයට යොමු […]


Dec
17

නව ආසාදිතයින් 312 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 312 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එලෙස හඳුනා ගත් ආසාදිතයින් අතරින් 300 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි. සෙසු 12 දෙනා වාර්තා වී ඇත්තේ බන්ධනාගාර පොකුර ආශ්‍රයෙන්. ඒ අනුව එම පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 31,382ක් දක්වා ඉහළ ගියා.


Dec
16

එල්.පී.එල්. කුසලානය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට (ඡායාරූප)

Generic placeholder image

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 අවසන් මහා තරඟය ලකුණු 53කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, ගාල්ල ග්ලැඩියේඩර්ස් කණ්ඩායම සමග අද හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරඟයේදීයි. කාසියේ වාසිය දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 6ක් […]


Dec
16

තවත් කොරෝනා මරණ 3ක් ගැන තොරතුරු

Generic placeholder image

කොරෝනා ආසාදනය වී මිය ගිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එලෙස මිය ගොස් ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්, කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 160 […]


Dec
16

නව ආසාදිතයින් 285 දෙනෙකු හඳුනා ගැනේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නව ආසාදිතයින් 285 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඔවුන්ගෙන් 51 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස වාර්තා වී ඇත්තේ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 611ක්. ඒ සමග මෙරටින් වාර්තා […]


News Articles
Latest Videos
Most Popular Post