ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරඟය මේ වනවිට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි. කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයෙන් […]
උත්සව සමයේ සෑම පවුලකටම කාණ්ඩ තුනක් යටතේ සහන පොළියට මූල්‍ය පහසුකම් සැළසීමට රජය තීරණයකර තිබෙනවා. මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීන්ට රුපියල් 50,000ක ණයක් ගැනීමට හැකි වනවා. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය ලබාගත හැකි වනවා. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල […]
තවත් නව කොරෝනා ආසාදිතයින් 326 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 34,447ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම 8,312 දෙනෙකු තවමත් රෝහල්වල සහ ප්‍රතිකාර […]
වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ පස්වරුවේ පළා ගිය කොරෝනා ආසාදිතයා හමු වී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පුද්ගලයා මරදාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී එලෙස සොයා ගත් බවයි. එම පුද්ගලයා සොයා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂාවෙන් පොලිසිය අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කළා. මේ අතර […]
මුළු ලෝකෙම ප්‍රචලිත ක්‍රීඩාවක් තමයි “චෙස්” කියන්නේ. මේ ක්‍රීඩාව ගැන රජ කාලෙත් රසවත් කතා තිබුණ බව ඔබ දන්නවා ද? ශේෂ කියලා පඬිවරයෙක් හොයා ගත්ත ක්‍රීඩාවක් ලු චෙස් කියන්නේ.. ඒ කාලේ මේ ක්‍රීඩාව ගැන පුදුමයට පත් වුණු ඉන්දියාවේ හිටපු එක්තරා රජ කෙනෙක් ශේෂ පඬිවරයාව රජ මාළිගයට ගෙන්නලා තෑග්ගක් දෙන්නත් හැදුවා ලු.. චෙස් නිසා පුදුම වුණ රජතුමා, […]
කොරෝනා වෙෙරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍යය වෙළද සංකීර්ණය හෙට විවෘත කිරීමට නියමිතව තිබෙනවා. සීමිත තොග වෙළදාම් කටයුතු සදහා පමණක් එය විවෘත කෙරෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව හෙට අලුයම 2 සිට මත්ස්‍යය වෙළද සංකීර්ණය විවෘත කෙරෙන අතර සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එය විවෘත කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.
සෞඛ්‍ය සේවකයින් පිරිසකගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ – ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවක සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානකර ඇති බවයි වාර්තා වන්නේ. විහාරමහාදේවී උද්‍යානය අසලින් උද්ඝෝෂණය ආරම්භ කළ පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට ගමන් කිරීමට උත්සාහ ගැනීමත් සමග පොලිසිය ඊට බාධා එල්ල කළා. ඒ හේතුවෙන් විරෝධතාකරුවන් ටවුන්හෝල් ප්‍රදේශය අවට විරෝධතාවයේ නිරතවෙමින් […]
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ජයග්‍රහණය කළ බව ඊයේ ලැබුණු ප්‍රතිඵල අනුව තහවුරු වී තිබෙනවා. එරට මැතිවරණ ක්‍රියාවලියට අනුව ඊයේ රැස් වූ ඡන්ද විද්‍යාල නියෝජිතයින් එක් එක් අපේක්ෂකයින්ට සිය සහය ස්ථිරකර ඇති බවයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව ජෝ බයිඩ්න්ට ඡන්ද විද්‍යාල 306ක් ලැබී ඇති අතර වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව […]
වව්නියාව ප්‍රධාන පාසලක සිසුවියකට කොරෝනා වෙෙරසය ආසාදනය වීම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් 4ක් වසා දැමීමට තීරණයකර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ, වයස අවුරුක 15ක පාසල් සිසුවියකට වෙෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. ඒ අනුව වව්නියාව දෙමළ මහ විද්‍යාලය, දෙමළ මිශ්‍රපාසල පාසල, ගාමිණි ජාතික පාසල හා රම්බකුලම බාලිකා විද්‍යාලය යන පාසල් දින නියමයකින් […]
දිනකට මෙරටට පැමිණිය හැක්කේ විදෙස් සංචාරකයින් 500කට පමණක් බවත් එලෙස පැමිණෙන සියල්ලන් පී.සී.ආර්. පරික්ෂණවලට යොමුකර නිරෝධායනය සදහා යොමු කරන බවත් සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. ගුවන්තොටුපළ යළි විවෘත කිරීම සහ ඊට අනුබද්ධ කටයුතු සම්බන්ධයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී අදාළ තීරණවලට එළැඹ තිබෙනවා. සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ, එලෙස පැමිණෙන විදෙස් සංචාරකයින් නිරෝධායනය […]
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමු වීමට ඔහුගේ නීතීඥයින්ට හෙට අවස්ථාව දිය හැකි බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා වන අතර ඒ අනුව ඔහුගේ නීතීඥයින්ට ඔහුව හමුවිය හැක්කේ හෙට පස්වරු 2.30ටයි. ඒ සදහා අවසර දෙන ලෙස අපරාධ […]
කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. එමෙන්ම කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථානපනය කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී නිවේදනය කෙරුණා.