News Line| Off Air
Generic placeholder image

Aug
23

චීනයෙන් ප්‍රදානය කළ පී625 නෞකාව අධිකාරියට පත්කිරීම ජනපති අතින්

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් පී625 නෞකාව ඊයේ (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කෙරුණා. අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් නලීන්ද්‍ර […]


Aug
23

කංජිපානි ඉම්රාන්ට බරපතළ වැඩ සහිතව වසර 6ක සිරදඬුවමක්

Generic placeholder image

ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් හට වසර 6ක සිරදඬුවම් නියමකර තිබෙනවා. කංජිපානි ඉම්රාන් අද(07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සිර දඩුවම නියම වුණා.


Aug
23

පාර්ලිමේන්තු විවාදයක් අතරතුර බිළිඳෙකුට කිරි පෙවූ කථා නායකවරයා

Generic placeholder image

පාර්ලිමේන්තු විවාදයක් අතරතුර බිළිඳෙකුට කිරි පෙවූ කතානායකවරයෙක් පිළිබඳව පුවතක් නවසීලන්තයෙන් වාර්තා වනවා. නවසීලන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විවාදයක් අතරතුර එහි කතානායක ට්‍රෙවර් මල්ලාර්ඩ් (Trevor Mallard) බිළිඳෙකුද අතැතිව සිටින අයුරු දැක්වෙන දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා. එම බිළිඳා කම්කරු පක්ෂයේ මන්ත්‍රී ටමටි කොෆී සහ ඔහුගේ සැමියා වන ටිම් ස්මිත් සමරිසි යුවළගේ පුතු බව සඳහන්. මල්ලාර්ඩ් […]


Aug
23

” අපේ නිවස දැවෙනවා ” ලෝක නායකයින් ඇමසන් ගින්න ගැන සංවේදීව ප්‍රතිචාර දක්වයි

Generic placeholder image

පෘතුවියේ හදවත ලෙස හදුන්වන ඇමසන් වනය ආශ්‍රිත කලාපය මේ වන විට ගිනිගෙන දැවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය දින කිහිපයක සිට ඇමසන් වැසි වනාන්තරය තුල වාර්තාගත ගින්නන් වාර්තා වූ අතර මේ වන විට මේ පිලිබදව ලෝක නායකයින්ගේ අවධානයට ලක් වී තිබෙනවා. පසුගිය දිනවල අභ්‍යවකාශ පර්යේෂණය සදහා වූ ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රකාශයට පත් කරන ලද […]


Aug
23

පැය 24ම මිහින්තලයට ආලෝකය ලබාදීමට පියවර

Generic placeholder image

මිහින්තලය පුදබිම ප්‍රථම වතාවට පැය 24 මුළුල්ලේම ආලෝකවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම පියවර ගෙන තිබෙනවා. සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා රුපියල් මිලියන 275ක් වෙන් කර ඇති බව සදහන්. මේ යටතේ අනුරාධපුර අටමස්ථානය, රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධීන් […]


Aug
23

කාගම සිරිනන්ද හිමි රිය අනතුරකට ලක්වෙයි

Generic placeholder image

ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් උපදේශණ මධ්‍යස්ථානාධිපති කාලීන ධර්ම දේශක පුජ්‍ය කාගම සිරිනන්ද හිමියන් රිය අනතුරකට ලක්ව තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ උන්වහන්සේ වැඩම කළ කැබ්රථය මැල්සිරිපුර අඹන්පොල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණා. අනතුරින් තුවාල ලබා ඇති කාගම සිරිනන්ද හිමියෝ හා කැබ්රථයේ රියදුරු ප්‍රතිකාර සදහා කුරුණැගල ශීක්ෂණ රෝහලට […]


Aug
23

සජිත්ට සහයයෝගය දෙන දෙවන මහජන රැළිය අද මාතරදී

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමේ රැළියක් අද මාතර ප්‍රදේශයේ පැවත්වෙන බව වාර්තා වෙනවා.මෙම රැළිය පැවැත්වීමට කටයුතු කර ඇත්තේ ජනතාවගේ හා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ඉල්ලීම් මත බව සදහන් වන අතර ඒ අනුව මෙම රැළිය සංවිධානය කර ඇත්තේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් බව පැවසෙනවා.


Aug
23

මේ වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනයට

Generic placeholder image

2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අද සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.ඒ අනුව දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදු කරනු ලබන අතර ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර ඇති නම් පිළිබඳව එහි සඳහන් වන බවකොමිසම […]


Aug
23

වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

Generic placeholder image

ඖෂධ හිඟය, උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට උත්සහ ගැනීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අද උදෑසන 08 න් අවසන් කෙරුණා. මේ හේතුවෙන් ඊයේ දිනයේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වුණ අතර රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා


Aug
23

තවදුරටත් තද වැසි හා තද සුළං

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු පළාතෙත් බදුල්ල සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එමෙන්ම දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු විය […]


Aug
22

ඇල්ල කඳු පන්තියේ ගින්නක්

Generic placeholder image

මොණරාගල දිස්ත්‍රික්කයට මායිම්ව පවතින ඇල්ල කඳු පන්තියේ මේ වන විට ගින්නක් පැතිර යමින් තිබෙනවා. මෙම කන්ද “ඇල්ල රොක්” ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ කඳු නගින්නන් බහුලව මෙම කන්ද තරණය කිරීමට යොදා ගැනීම හෙතුවෙන්. අද (22) උදෑසන සිට මෙම ගින්න පැතිරී යමින් තිබෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකළ විමසීමකදී එහි සහකාර අධ්‍යක්ෂක […]


Aug
22

දීපව්‍යාප්ත ඩ්‍රෝන යානා සංගණනයක්

Generic placeholder image

ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණනයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇති අතර එම අධිකාරියේ ව්ව්ව්.cආ.ල්ක් වෙබ් අඩවියේ සංගණනය සඳහා වන අයදුම්පත්‍රය පල කර ඇති බව සදහන්. මේ වන විට ඩ්‍රෝන යානා 500ක් පමණ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇති අතර මෙම සංගණනයේ අරමුණ වන්නේ අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ […]


News Articles
Latest Videos
Most Popular Post