News Line| Off Air
Generic placeholder image

Dec
1

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතන සිද්ධියේ මහමොළකරු අබුඩාබිහිදී කොටුවෙයි

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතාව ඝාතන කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා ඉකුත් 29 වැනිදා අබුඩාබිහිදී ජාත්‍යන්තර පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අැති අතර ප්‍රධාන සැකකරු රටින් පළා ගොස් තිබූ බවයි. එ් […]


Dec
1

මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළට

Generic placeholder image

මහර බන්ධනාගාරය තුළ පසුගිය 29 වැනිදා ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ගැටුමේදී මියගිය රැඳවියන් සංඛ්‍යාව 8ක්. තුවාල ලැබූවන් අතර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එමෙන්ම අදාළ සිද්ධියත් සමග බන්ධනාගාරය තුළ ඇති වූ ගින්නෙන් එහි ලේඛනාගාරය, සිර මැදිරි කිහිපයක්, ආහාර ගබඩාව සහ […]


Dec
1

කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ දෙකක් වාර්තා වුණා. මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන පළමු කොරෝනා මරණය ලෙස පේරාදෙණිය, ගලහ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් මිය ගිය අතර අනෙක් මරණය වාර්තා වුණේ අටලුගම ප්‍රදේශයෙන්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Nov
30

නව ආසාදිතයින් 318ක් හඳුනා ගැනේ

Generic placeholder image

කොරෝන වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 318 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 496ක්. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 20,442ක් ලෙසයි.


Nov
30

ඉතිහාසයේ ප්‍රථමවරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Generic placeholder image

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූ බවත් සාකච්ඡාව සාර්ථකව පැවැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මෙම රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම සඳහා වන එකම අරමුණ කොරෝනා […]


Nov
30

මහර බන්ධනාගාරයේ සිද්ධිය විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයකර, නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Nov
30

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක

Generic placeholder image

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත සහ බන්ධනාගාර භූමියේ විරෝධතාවක් ආරම්භකර තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටියේ සිය නඩු කටයුතු කඩිනමින් අවසන්කර නිවෙස් වෙත යෑම සඳහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසයි.


Nov
30

මහර බන්ධනාගාරයේ ගින්නෙන් එහි දේපළ රැසකට හානි

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඊයේ හටගත් කලහකාරී තත්ත්වය සමග ඇති වූ ගින්නෙන් එහි දේපළ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම බන්ධනාගාරයේ ලේඛනාගාරය, සිර මැදිරි කිහිපයක්, ආහාර ගබඩාව සහ අධිකාරි හා සහකාර අධිකාරි කාර්යාල ගින්නෙන් විනාශ වී තිබෙනවා. එමෙන්ම අදාළ සිද්ධියෙන් තුවාල ලැබූවන් 71 දෙනෙකු මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අද […]


Nov
30

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක්

Generic placeholder image

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හා වේරහැර කාර්යාලය මගින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේදී කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා මින් පෙර හඳුන්වා දී තිබූ දුරකතන අංක ඇමතීම මගින් සේවාලාභීන් පත්වන අපහසුතාව අවම […]


Nov
30

දිගන යළිත් හෙළවෙයි

Generic placeholder image

මහනුවර, දිගන, අඹකොටේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රී යළිත් සුළු භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ, එම කම්පන තත්ත්වය රික්ටර් මාපක 2කට වඩා අඩු අගයක් ලෙස පල්ලේකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇති බවයි. මින් පෙර ද අවස්ථා කිහිපයකදී මහනුවර ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයන් හටගත් අතර ඒ […]


Nov
30

තවත් 558 දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 17,560 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Nov
30

රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට සිට යළි විවෘත කෙරේ

Generic placeholder image

කොරෝනා වෙෙරස් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, නියමිත සෞඛ්‍ය උපදේශවලට අනුව හෙට සිට මහජනතාව වෙනුවෙන් එම කාර්යාංශය යළි විවෘත කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post