News Line| Off Air
Generic placeholder image

Nov
17

2021 අයවැය අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

2021 වසර සඳහා වන අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම අද පස්වරු 1.40ට ආරම්භ වන අතර මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එහිදී අයවැය යෝජනා සභාවට ඉදිරිපත් කරනු ඇති. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75වැනි අයවැය වාර්තාවයි. අයවැයට අදාළ විවාද සහ ඡන්ද විමසීම් දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙනු […]


Nov
17

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

දිවයිනට නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස වෙත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම මුහුදු ප්‍රදේශවලට ඉහතින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්. […]


Nov
17

ඊයේත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹින්

Generic placeholder image

ගත වූ පැය 24 තුළ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 387ක්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි. එම සංඛ්‍යාව 231ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42දෙදෙනෙකු ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 20ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙක් ලෙස ගත වූ පැය 24 තුළ ආසාදිතයින් වාර්තා වී තිබුණා. එමෙන්ම ගාල්ලෙන් 2ක්, […]


Nov
16

පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් 14,170 දක්වා ඉහළට

Generic placeholder image

පෑලියගොඩ කොරෝනා පොකුර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ, අද රාත්‍රී තවත් ආසාදිතයින් 153 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව අද දිනය තුළ මේ දක්වා වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 382ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ, 14,170ක් ලෙසයි.


Nov
16

තවත් කොරෝනා මරණ 3ක් – මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගියා. ඒ, අද තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වීමත් සමගයි. මොරටුව, කොළඹ 10 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු එලෙස මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මරණ කොරෝනා මරණ ලෙසට තහවුරුකර තිබෙනවා. අදාළ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය […]


Nov
16

සුරූපි නිළි ජැකලීන් ෆර්නැන්ඩස් සිය සේවකයෙක්ව පුදුම කළ හැටි

Generic placeholder image

ශ්‍රී ලංකාවට ද නෑකම් කියන ඉන්දියානු සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස් පසුගිය දිනක සිය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට නවීන පන්නයේ මෝටර් රථයක් තෑගිකර ඇතැයි ඉන්දීය මාධ්‍ය රැසක් වාර්තාකර තිබුණා. එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, අදාළ සේවකයා ජැකලින් ෆර්නැන්ඩස්ගේ මුල් කාලීන සේවකයෙකු වීම හේතුවෙන් ඇය මෙම ත්‍යාගය ඔහු වෙත පිරිනමා ඇති බවයි. ඉන්දියාවේ පැවැත්වෙන දුෂේරා උත්සවයේ පෙරහැරක් අතරතුර ජැකලින් […]


Nov
16

කැලෑවක් තුළ එල්ලෙමින් තිබියදී තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගනියි

Generic placeholder image

පිටිගල, පොරවගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකුගේ මළ සිරුරක් ඔහුගේ නිවස පිටුපස කැලෑවක එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. අදාළ තරුණයා නාගොඩ, තල්ගස්වල ප්‍රදේශයේ යතුරුපැදයකින් යමින් සිටියදී සංචරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් එය නවතන ලෙසට පොලිසිය සංඥාකර තිබුණා. එහෙත් නොනවත්වා ධාවනය කළ යතුරුපැදිය සහ අදාළ තරුණයා පසුව පොලිසිය සොයාගෙන ඇති අතර ඔහුව පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් […]


Nov
16

නිරෝධායනයට ලක්කර සිටි 8 හැවිරිදි දැරියක් හදිසියේ මියයයි

Generic placeholder image

දිවුලපිටිය ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමුකර තිබූ පවුලක 8 හැවිරිදි දැරියක් හදිසියේ මියගොස් තිබෙනවා. මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවන්නේ, එම දැරියගේ පියා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව පවුලේ සියල්ලන් නිරෝධායනය සඳහා යොමුකර තිබුණා. නිරෝධායනය වෙමින් සිටි අතරතුර අදාළ දැරිය හදිසියේ මියගොස් තිබුණේ පෙරේදා රාත්‍රියේ වන අතර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් […]


Nov
16

2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

Generic placeholder image

ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එය මෙරට 75වැනි අයවැය වාර්තාව ද වනවා. 2021 විසර්ජන කෙටුම්පත ඉකුත් ඔක්තෝබර් මස 6 වැනිදා ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පසුගිය 20 වැනිදා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා […]


Nov
16

කොරෝනා පාලනයට ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට සංචරණ සීමා

Generic placeholder image

ඇමරිකාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එරට ප්‍රාන්ත රැසකට සංචරණ සීමා පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ, සංචරණ සීමා පැනවීම සඳහා එරට බලධාරීන් නව කොන්දේසි කිහිපයක් ද හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව ඇමරිකාවේ වොෂිංටන්, මිචිගන්, කැලිෆෝනියා, නිව්යෝර්ක්, ඔහායෝ ඇතුළු ප්‍රාන්ත රැසකට සංචරණ සීමා පැනවීමට කටයුතු යොදා තිබෙනවා. මේ […]


Nov
16

නව ආසාදිතයින් 229 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස වාර්තා වූ සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.


Nov
16

කොරෝනාවට එරෙහිව සටන් කළ හැකි නව එන්නතක් ඇමරිකාවෙන්

Generic placeholder image

කොරෝනා වෛරසයට එරෙහිව සියයට 95කට ආසන්න සාර්ථක බවක් පෙන්නුම් කරන නව එන්නතක් ඇමරිකාවේ ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනයකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ සමාගම පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදී ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. මින් පෙර ද එරට සමාගම් දෙකක් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි බව පැවසෙන එන්නතක් […]


News Articles
Latest Videos
Most Popular Post