News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

කතානායක ජනපති හමුවක්

Generic placeholder image

කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් තව සුළු මොහොතකින් පවත්වන්නට නියමිත බවයි සියත 24 පාර්ලිමේන්තු වාර්තා කරුවන් පවසා සිටියේ. එය සිදුවන ස්ථානයක් තවම නිල වශයෙන් දැනුම් දී නැහැ.


Nov
15

පාර්ලිමේන්තුව කල් තබයි නැවත රැස්වෙන දිනය මෙන්න

Generic placeholder image

කතානායක හා පක්ෂ නායකයින්ගේ හමුවද උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා, කෙසේ නමුත් සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් කියා සිටියේ පාර්ලිමේන්තුව 21 වෙනිදා දක්වා කල් තැබීමට පක්ෂ නියෝජිතයන් එකග වූ බවයි.


Nov
15

කථානායක හා පක්ෂ නියෝජිතයන් අතර හමුවක්

Generic placeholder image

කතානායක කරු ජයසූරිය මහතා හා ආණ්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අරම්භ වී තිබේ. විමල් වීරවංස, දිනේෂ් ගුණවර්ධන, ගයන්ත කරුණාතාලක, ලක්ෂ්මන් කිරිඇල්ල, රිෂාඩ් බද්යුදීන්, රවුෆ් හකීම් අනුර කුමාර දිසානායක හා විජිත හෙරත් යන මැති ඇමතිවරුන් හා කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.


Nov
15

පාර්ලිමේන්තු අවට ප්‍රදේශයට කථානායක STF ආරක්ෂාව ඉල්ලයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ මතුව ඇති නොසන්සුන්තාවය මත කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙනවා.ඒ අනුව එම STF ආරක්ෂාව යෙදවීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. තවමත් පාර්ලිමේන්තුව කල් තැබීමේ නිල නිවේදනයක් නිකුත් කර නැහැ.


Nov
15

මන්ත්‍රීවරු ගහා ගනිද්දි රුපියල තවත් පහළටම යයි

Generic placeholder image

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා කළ පහළම විකුණුම් අගය අද වාර්තා කලා. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 178.10ක් ලෙස සටහන් විය. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 174.14ක් වාර්තා විය. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ ආකාරයෙන් කඩා වැටිමට […]


Nov
15

උණුසුම මැද ගරු මන්ත්‍රීවරු කතානායකට කසල බඳුනකින් දමා ගසයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ අද ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට කසල බඳුනකින් සහ වතුර බෝතලයකින් පහර දී ඇති බවට වාර්තා වෙනවා.මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ප්‍රසන්න රණවීර සහ එක්සත් ජාතික පක්ෂයේ නවින් දිසානායක මන්ත්‍රිවරයා අතර ගුටිබැට හුවමාරුවක්ද සභා ගර්බයේදී සිදුව තිබෙනවා.


Nov
15

මහින්ද සභාවෙන් පිටව යයි රනිල් තවමත් සභාවේ රැදෙයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙත් ඉවත්ව යාමට කටයුතු කළේය. කෙසේ වෙතත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පාර්ලිමේන්තුවේ රැදී සිටියි.


Nov
15

දිලුම් අමුණුගම තුවාල ලබයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්තාව හේතුවෙන් තුවාල ලබා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනිමට කටයුතු කරයි. කතානායකවරයාගේ ආසනය ආසන්නයේ රැදී සිටිමින් වයරයක් වැනි දෙයක් ඇදීමට උත්සහාකල මන්ත්‍රී වරයාගේ අත කැපී ඇති බවයි මේ සිද්දිය සම්බන්දයෙන් වැඩි දුරටත් වාර්තා වෙන්නේ.


Nov
15

තත්වය පාලනය කර ගැනීමට නොහැකි වෙයි කතානායක අසුනෙන් නැගිට සභාවෙන් පිටව යයි

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා.ඒ අනුව ඔහු කථානායකවරයා වෙත යෝජනා කළේ එහි විශ්වාසය පිළිබඳව ‘නම්; වලින් ඡන්දයක් ගත යුතු බවයි.ඒත් සමගම සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ඉන් පසුව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවූ […]


Nov
15

පාර්ලිමේන්තු සභා ගර්භයේ ගුටි බැට හුවමරුවක්

Generic placeholder image

පාර්ලිමේන්තු සභා ගර්භයේ දැඩි උණුසුමක් නිර්මානය වී තිබේ. මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමරුවක්ද ඇතිව තිබේ.


Nov
15

අදත් පෙට්‍රල් මිල අඩුකරනවා – මහින්ද

Generic placeholder image

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ අද රාත්‍රියෙත් ඉන්ධන මිල අඩු කිරීමට තම රජය ක්‍රියා කරන බවයි.


Nov
15

මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි

Generic placeholder image

“මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි.මම ඉපදුන දවසේ ඉදන් පාර්ලිමේන්තු එන්නේ හැබැයි ඊයේ දවස වගේ අදුරු දවසක මම කවදාවත් දැකලා නැහැ.” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භකර තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ දැඩි ඝෝෂාවන් මද්ධ්‍යයෙයි.


News Articles
Latest Videos
Most Popular Post