ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් අද හෙටම ආණ්ඩුවට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර පවසා සිටිනවා. මුදල් තනතුරු හා වරප්‍රසාද ලබා දෙමින් පාර්ලිමේන්තුවේ 113 කගේ බහුතරය සැදීමට ගත් උත්සහා කළ බවත් එය සිදුනොවූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩු පක්ෂය කටයුතු කළ බවත් ඔහු පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ පැවති […]
පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල මේ වනවිට උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි සියත 24 වාර්තාකරුවන් පවසන්නේ. දේශපාලන පක්ෂවල ආධාරකරුවන් පැමිණිම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි. මේ නිසා එම ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රිවරු 122ක් අත්සන් කළ ලිපියක් කථානායක කරු ජයසූරිය මහතාට ලබාදුන් බවත් අනෙක් පාර්ශ්වය එය පිළිගන්නේ නොමැතිනම් හෙට දිනයේදි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. “අගමැතිවරයෙක් ඉවත් කිරීමේ හා පත්කිරිමේ ගැසට් නිවේදන ප්‍රතික්ෂේප වුණා. කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයට බලයක් නෑ. ඒක රජයේ නිලධාරීන්ටත් පොලීසියට ත් මතක් කරන්න කැමතියි.විශ්වාසභංග යෝජනාවට බහුතරයක් […]
“අපිට බහුතරය තිබෙනවා. ආණ්ඩුවට විශ්වාසය පළ කිරීමේ තත්ත්වයක් නෑ. අපි රජය, ආණ්ඩුව කරගෙන යනවා. රජයට විරුද්ධව විශ්වාසභංගයක් කියලා කඩදාසියක් ඉදිරිපත් කළා. ඒ ගැන විවාදයක් කරලා ඡන්ද විමසීමක් කරන්න ඕන.” යැයි හිටපු නියොජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා එක්වූ වඩුවේල් සුරේෂ් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්වූ බව හර්ෂද සිල්වා මහතා පවසනවා.
අද දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවේ පිටපතක් මේ වන විට නිකුත් වී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එයයි..
තමන් ආණ්ඩුවට සහයෝගය දැක්වූයේ බහුතරය තමන් සතුව ඇතැයි ආණ්ඩුව පැවසු නිසා බවත් අද දිනයේ ඔවුන්ට බහුතරය පෙන්වීමට නොහැකි වූ නිසා ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරන බවයි වසන්ත සේනානායක පවසා සිටියේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ඔහු පරාජයට පත්වූ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා පැවැසීය
අද පාර්ලිමේන්තුව ආරම්භ වූ සැණින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය පලකල පියසේන ගමගේ, මනුෂ නානයක්කාර සහ ඒ.එච්.එම් ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය හරහා ගොස් විපක්ෂයේ අසුන් ගත්තා.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කිරීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් සිදුකර තිබෙනවා. මේ අතර විජිත හේරත් එය ස්ථිර කල අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමට අදාළ යෝජනාව සම්මත වී තිබෙනවා. කතානායක වරයා සඳහන් කළේ යෝජනාවට ඡන්ද විමසිමක් පවත්වන බවයි. ඉන් පසුව පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තතත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට පෙරවරු […]
හෙට උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්වීමට කටයුතු කළහොත් තමන් අපක්ෂපාතිව සිටින බව අමාත්‍ය වසන්ත සේනානායක පාර්ලිමේන්තුවේදී පවසා සිටිනවා.තමන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් සහ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම නිසා පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට කටයුතු කරන බවයි ඇමැතිවරයා කියා සිටියේ. තමන් කිසි කලකත් මුදල් ලබා නොගත් බවත් එසේ මුදල් ලබා ගැනීමක් සිදුකළා නම් මුදල් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට නොහැකි බවයි ඔහු […]