News Line| Off Air
Generic placeholder image

Nov
11

තවත් කොරෝනා මරණ දෙකක් – මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. කොළඹ 11 සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් එලෙස මරණයට පත්ව ඇති අතර ඔවුන් පිළිවෙළින් 40 සහ 45 යන වයස් කාණ්ඩවල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය […]


Nov
11

බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයින් සංඛ්‍යාව 156ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ, කාන්තා රැඳවියන් 150 ක් සහ නිලධාරින් 6 දෙනෙකු වශයෙන්. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 90 දෙනෙක් , පිරිමි රැඳවියන් 22 දෙදෙනෙක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සිව්දෙනක්, පැරණි බෝගම්බර හා දුම්බර බන්ධනාගාර වලින් 32 දෙදෙනෙක්, කුරුවිට හා මාතර බන්ධනාගාරවලින් […]


Nov
11

කොල්ලුපිටියෙන් කොරෝනා ආසාදිතයින් 55ක්

Generic placeholder image

කොල්ලුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 55 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා. එම පිරිසෙන් වැඩි දෙනෙක් හඳුනාගෙන ඇත්තේ ගාලුමුවදොර වැඩබිමක් ආශ්‍රයෙන් වන අතර විදේශීය ජාතිකයින් 14 දෙනෙකු ද ඊට අයත්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන්ගේ ආශ්‍රිතයින්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි.


Nov
11

මෙරට 42 වැනි කොරා්නා මරණය වාර්තා වෙයි

Generic placeholder image

මෙර 42 වැනි කොරනො මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් එහිදී පැවැත්වූ අදාළ පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඇති වූ හෘදයාබාධයක් […]


Nov
11

කොරෝනා වෛසරයෙන් මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානයට මන්නාරමෙන් භූමියක් තෝරා ගැනීමට යෝජනාවක්

Generic placeholder image

කොරෝනා වෛසරය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදාන කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථානයක් තෝරා ගැනීමට යෝජනා වී ඇති බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය පවසනවා. එලෙස මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදාන කිරීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසූ බවයි සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුර් රාසික් මහතා පැවසුවේ. කැබිනට් රැස්වීමේ දී අමාත්‍යවරයා […]


Nov
11

පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සරසවියට තෝරා ගත්තේ කොහොම ද?

Generic placeholder image

2019 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පැරණි හා නව නිර්දේශයන් යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල සඳහා තෝරා ගත් ආකාරය පැහැදිලි කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම පැහැදිලි කිරීම පහතින් :


Nov
11

කොන්සියුලර් සේවා අද සිට

Generic placeholder image

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ කටයුතු යළි ආරම්භකර තිබෙනවා. කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ කටයුතු එලෙස ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව දිනපතා උදෑසන 10 සිට පස්වරු 2 දක්වා කාලය අතරතුර සීමිත පිරිසකට පමණක් එම සේවා ක්‍රියාත්මක වනු ඇති. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඒ […]


Nov
11

මුව ආවරණ ඇතුළු සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට උපදෙස් මාලාවක්

Generic placeholder image

කොරෝනා වෛරසයට අදාළව බැහැර කෙරෙන මුව ආවරණ ඇතුළු සියලු සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට උපදෙස් මාලාවක් නිකුත්කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය මගින් එම උපදෙස් මාලාව නිකුත්කර ඇති අතර සියලු පළාත් පාලන ආයතන වෙත ද එය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව, හුදකලා කර ඇති ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට වෙනත් වාහන හා සේවකයින් යෙදවෙනු […]


Nov
11

කටුනායක අධිවේගයේ අනතුරට ලක් වූ බස් රථයේ සිටියේ කවු ද?

Generic placeholder image

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් ඊයේ රාත්‍රී අනතුරට ලක්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන 25 වැනි කිලෝ මීටර කණුවේ ගැටී තිබූ බවයි. කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබූ සූඛෝපභෝගී බස්රථයක් […]


Nov
11

ලොක්ඩවුන් ප්‍රදේශවලට ගිලන් රථ සේවයක්

Generic placeholder image

හුදෙකලාකර ඇති කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාවට හදිසි රෝගී තත්ත්වයක් ඇති වුවහොත් රෝහලට යෑම සඳහා විශේෂ ගිලන් රථ සේවාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මතයි. කොරෝනා රෝගී තත්ත්වයක් හෝ එවැනි රෝගී තත්ත්වයක් නොවන අවස්ථාවක වුව ද මෙම ගිලන් රථ සේවය භාවිත කළ හැකි වනවා. ඒ අනුව කොළඹ ඇතුළු දිවයිනේ හුදෙකලාකර ඇති […]


Nov
10

තවත් කොරෝනා ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඔවුන් සියලු දෙනා මින් පෙර පැළියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. එලෙස හඳුනාගත් නව ආසාදිතයින් 125 දෙනා සමග දිවුලපිටිය සහ පැළියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,233ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව අද […]


Nov
10

කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර එක් දුම්රිය මාර්ගයක් තාවකාලිකව වැසේ

Generic placeholder image

මුහුදුබඩ මාර්ගයේ හිදිසි ඉදි කිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට සිට 13 වැනිදා සිකුරාදා දක්වා කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර එක් දුම්රිය මාර්ගයක් තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පැවසුවේ, කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදි කිරීමක් හේතුවෙන් එක් මාර්ගයක දුම්රිය ධාවනය එලෙස තාවකාලිකව අත්හිටුවන බවයි. එබැවින් ඒ වෙනුවට පෙරවරුවේ […]


News Articles
Latest Videos
Most Popular Post