News Line| Off Air
Generic placeholder image

Nov
12

2021 විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ මුදල් ඇමතිගේ පැහැදිලි කිරීම ඇරඹෙයි

Generic placeholder image

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ පැහැදිලි කිරීම මේ වනවිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා. එම පැහැදිලි කිරීම් සිදු කෙරෙන්නේ මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර සහ තුන්වන වර කියවීම් ඇතුළුව විවාදය පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි. විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයෙන් […]


Nov
12

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත විරෝධතාවක

Generic placeholder image

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැග විරෝධතාවක් ආරම්භකර තිබෙනවා. ඒ, තමන්ට කඩිනමින් පී.සී.ආර්. පිරීක්ෂණ සිදු කරන්නැයි ඉල්ලමින්. ඔවුන් පවසන්නේ පසුගිය දිනවල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට වෛසරය ආසාදනය වීමත් සමග තමන්ට ද වෛරසය ආසාදනය වීමේ ඉඩක් පවතින බැවින් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙසයි. එසේ නොමැති නම් තමන්ව වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙස ද […]


Nov
11

46 වැනි කොරෝනා මරණය මහරගම අපේක්ෂා රෝහලෙන් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 46 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා මිය යාමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතා මරණයට හේතු ලෙස දැක්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව […]


Nov
11

කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට දුරකතන අංක කිහිපයක්

Generic placeholder image

කොළඹ නගරයේ ජනතාවට අවශ්‍යය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඕනෑම මොහොතක දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීම සඳහා වෛද්‍ය නාමාවලියක් සහ ඊට අදාළ දුරකතන අංක කිහිපයක් කොළඹ මහනගර සභාව නිවේදනය කරනවා. කොළඹ නාගරික කොමසාරිස් රෝෂණි දිසානායක මහත්මිය පැවසුවේ, ඉදිරි සතියේදී ජංගම සායන ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. එම වෛද්‍යවරුන්ගේ විස්තර ඇතුළත් ලේඛනය පහතින් :


Nov
11

15 වෙනිදා දක්වා දුම්රිය ධාවනයේත් වෙනසක්

Generic placeholder image

අද රාත්‍රී 10 සිට ලබන 15 වැනිදා දක්වා පිට පළාත්වල සිට බස්නාහිර පළාතට පැමිණෙන දුම්රියවලට ඒ සඳහා අවසර හිමි වන අතර පිටව යාමට අවසර නොලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ හේතුවෙන් දුම්රිය ධාවනයේ වෙනසක් සිදුවන බව ද අදාළ නිවේදනයේ සඳහන්. එම නිවේදනය පහතින් :


Nov
11

45 වැනි කොරෝනා මරණය මාලිගාවත්තෙන් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට සිදු වූ 45 වැනි කොරෝනා මරණය මාලිගාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. අදාළ ප්‍රදේශයේ නිවසේදී මියගිය කාන්තාවකගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීකෂණයේදී හඳුනාගෙන ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩන තත්ත්වය මත ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවටයි. එලෙස මියගොස් ඇත්තේ කොළඹ 10, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්. ඒ […]


Nov
11

කොරෝනා වෛරසයට එරෙහි එන්නතකින් සියයට 92ක සාර්ථක ප්‍රතිඵල

Generic placeholder image

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව නිපදවීමට සැරසෙන ස්පුට්නික් – 5 එන්නත මේ වනවිට සියයට 92 සාර්ථක ප්‍රතිඵල පෙන්නුම්කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අදාළ එන්නත සම්බන්ධයෙන් එම කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේදී වන අතර එවැනි මට්ටමක ඇති එන්නතක් ජනතාවට අත්හදා බැලූ පළමු රට රුසියාවයි. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, දැනට පෙන්නුම්කර […]


Nov
11

බස්නාහිරින් පිටවන සහ ඊට ඇතුළුවන සියලු බස් සේවා තාවකාලිකව නවතයි

Generic placeholder image

මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතෙන් පිටව යන සහ ඊට ඇතුළුවන සියලුම බස් සේවා ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.


Nov
11

2021 සඳහා වන අයවැය එළැඹෙන අඟහරුවාදා පාර්ලිමේන්තුවට

Generic placeholder image

2021 සඳහා වන අයවැය එළැඹෙන 17වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා. එහිදී සාකච්ඡා වී ඇත්තේ මෙවර අයවැය විවාදය දින 20ක් පැවැත්වීමටයි. මේ අතර ලබන 13 වැනිදා විපක්ෂය ඉල්ලා ඇති විශේෂ කල් තැබීමේ විවාදයක් සඳහා අවස්ථාව ලබාදීමට ද එම කමිටුවේදී තීරණයකර තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව […]


Nov
11

ලබන 15 වැනිදා තෙක් බස්නාහිරින් පිටතට යාම තහනම්!

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට බස්නාහිර පළාතෙන් පිටව යෑම තහනම්කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් කිසිවෙකුටත් බස්නාහිර පළාතේ සිට දිවයිනේ කිසිඳු ප්‍රදේශයකට පිටව යා නොහැකි බවයි.


Nov
11

බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට සිදු කරන සංචරණය වළක්වන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් (ඡායාරූප)

Generic placeholder image

කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එමෙන්ම හුදෙකලාකර ඇති ප්‍රදේශවලට කිසිවෙකුටත් ඇතුළු වීමට හෝ ඉන් පිටව යාමට ඉඩ නොතැබීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අද පැවසුවා. ඒ, ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව රැස්වන කොවිඩ් කාර්ය සාධක […]


Nov
11

නව ආසාදිතයින් 309ක් – මෙරට රෝගීන් සංඛ්‍යාව 15,000 පනියි

Generic placeholder image

තවත් නව කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් මින් පෙර හඳුනාගත් පෑලියගොඩ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 11,542ක්. අද හඳුනාගත් නව ආසාදිතයින් 309 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 15,024ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post