News Line| Off Air
Generic placeholder image

Nov
12

බත්තරමුල්ලේ යාචකයෙකුට කොරෝනා

Generic placeholder image

බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ, අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදීයි. ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් 8 දෙනෙකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


Nov
12

තවත් කොරෝනා මරණ දෙකක් මුල්ලේරියාව මූලික රෝහලෙන් වාර්තා වෙයි

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 48 දක්වා ඉහළ නංවමින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් මුල්ලේරියාව මූලික රෝහලේදී මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල්වරයා තහවුරු කළා. ඔවුන් දෙදෙනා කොළඹ 12 සහ මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ එම මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Nov
12

“සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබනවා” – අගමැති

Generic placeholder image

සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, තමා මුදල් අමාත්‍යවරයා ලෙස 11 වන වරටත් විසර්ජන පනත් කෙටුම්පතක් විවාදය සදහා යොමු කරන බවයි. ජනාධිපතිරණයෙන් […]


Nov
12

යුද හමුදාව ස්ථාපනය කළ අලුත් රෙජිමේන්තුව

Generic placeholder image

ශ්‍රී ලංකා යුද හමුදාව අද ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කළා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එලෙස ආරම්භ වුණේ, නියමුවන් රහිත ගුවන් යානා රෙජිමේන්තුවක්. යුද හමුදාපතිවරයා පැවසුවේ, භූමියේ කටයුතු නිරීක්ෂණය සඳහා නව රෙජිමේන්තුවේ සහය ලබා ගැනීම අපේක්ෂාව බවයි. එමෙන්ම ආපදා කටයුතු නිරීක්ෂණය සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් ද ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගන්නා බව ඔහු […]


Nov
12

පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තයින් ගැන අනාවරණයක්

Generic placeholder image

පසුගිය වසරේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තයින් පිරිස ශ්‍රී ලංකාවේ සිට සිරියාවට ගොස් එහි සටන් කර ආපසු මෙරටට පැමිණි පිරිසක් බවත් එලෙස ආපසු පැමිණි ත්‍රස්තයින් එදින එම ප්‍රහාරය එල්ල කළ බවත් ඇමරිකාවේ ජේම්ස් මවුප් ආයතනය අනාවරණය කරනවා. එම ආයතනය පෙන්වා දෙන්නේ, ප‍්‍රහාරයට සම්බන්ධ දෙහිවල බෝම්බකරු ද ශී‍්‍ර ලංකාවේ සිට තුර්කියට ගොස් ආපසු […]


Nov
12

දීපවාලි උත්සවය සැමරිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැහැදිලි කිරීම

Generic placeholder image

මෙවර දීපවාලි උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් හින්දු ආගමික නායකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහිදී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර වෛරසය පැතිර යාම වැළැක්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. නොවැම්බර් 14 වැනිදාට යෙදෙන […]


Nov
12

යාපනයේ ගණිකා නිවාසයක් වටලයි – තිදෙනෙක් නිරෝධායනයට

Generic placeholder image

යාපනය, කොඩිගාමම්,කරම්බගම් ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය ගණිකා නිවසක් පොලිසිය විසින් වටලනු ලැබුවා. ඒ, කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ද අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන යන බවට ලද තොරතුරුක් මතයි. එහිදී පිට පළාත්වල කාන්තාවන් දෙදෙනෙකු සහ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, ඔවුන් තිදෙනාම පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට […]


Nov
12

“මම සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරුවා නම් කොරෝනා වෛරසයට රට තුළට එන්න දෙන්නේ නෑ” – රාජිත සේනාරත්න

Generic placeholder image

තමන් මෙරට සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළේ නම් කොරෝනා වෛරසයට කිසිසේත්ම රට තුළට පැමිණීමට ඉඩ නොතබන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එසේ වූයේ නම් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් මොනයම් ක්‍රමයකට හෝ ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා අනුමැතිය ලබා ගන්නා බව ද ඔහු පවසා තිබෙනවා. ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ අද පැවැති […]


Nov
12

නිකවැරටිය හරහා හමා ගිය සුළඟකින් දේපළ රැසකට හානි – අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට තද වැසි

Generic placeholder image

අධික වර්ෂාවත් සමග ඊයේ පස්වරුවේ නිකවැරටිය ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් දේපළ රැසකට හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඉන් නිවාස 231කට සහ ව්‍යාපාරික ස්ථාන 24කට අර්ධ හානි සිදුව ඇති බවයි. එම ස්ථානවල වහලවලට හානි සිදු වී ඇති අතර සිදුව ඇති අලාභය තක්සේරු කිරීම් මේ වනවිට සිදු වෙමින් පවතින බව ද එම මධ්‍යස්ථානය […]


Nov
12

මැනිං වෙළඳපොළ කාර්යය මණ්ඩලයට දැනුම් දීමක්

Generic placeholder image

මැනිං වෙළඳපොළ කාර්යය මණ්ඩලයේ මේ වනතෙක් පිී.සී.ආර්. පරීක්ෂණ සිදු කර නොමැති සාමාජිකයෙක් සිටී නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිසිය දුරකතන අංක කිහිපයක් දැනුම් දෙනවා. පොලිසිය පවසන්නේ එවැනි අයෙක් සිටී නම් අදාළ දුරකතන අංකවලට ඔවුන්ගේ නම, ලිපිනය සහ දුරකතන අංක කෙටි පණිවිඩයක් මගින් යොමු කරන ලෙසයි. එම දුරකතන අංක පහතින් : 071 8 591 555 / […]


Nov
12

කොරෝනා එන්නත මෙරට මුලින්ම දෙන්නේ කාටදැයි සොයයි

Generic placeholder image

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයාගත් පසුව එය මෙරටදී ලබාදිය හැකි පිරිස පිළිබඳ සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, එම එන්නත මෙරට ජනගහනයෙන් සියයට 20ක පිරිසකට ලබා දීමට මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ කර ඇති බවයි. අදාළ එන්නත මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් […]


Nov
12

බස්නාහිරින් පිටතට යන අයට මොකද වෙන්නේ?

Generic placeholder image

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කිරීමෙන් පසු ඉන් පිට වූ පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා බුද්ධි අංශ යොදවා තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ, ප්‍රාදේශීය පොලිස් ස්ථානවලටද මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති බවයි. මේ අතර බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කිරීමෙන් පසු අද උදෑසන සිට එම පළාතෙන් වෙනත් ප්‍රදේශවලට පුද්ගලයින් පිටව ගොස් ඇත්නම් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට […]


News Articles
Latest Videos
Most Popular Post