News Line| Off Air
Generic placeholder image

Nov
10

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක්

Generic placeholder image

සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව පැකට් කළ සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා නියමකර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 90ක් වන අතර පැකට් නොකළ සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා නියමකර ඇත්තේ, රුපියල් 85ක උපරිම සිල්ලර මිලක්. ආනයනයකරුවන් සීනි කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම තොග මිල අදාළ ගැසට් නිවේදනයේ […]


Nov
10

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක්

Generic placeholder image

අවදානම් මට්ටම් තුනක් යටතේ අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණයකර තිබෙනවා. ඒ අනුව පළමු අදියර සෞඛ්‍ය බලධාරීන්ගේ දැනුම් දීම මත දැනට ක්‍රියාත්මක නොවන අතර දෙවන අදියර යටතේ බස්රථවල ආසන සංඛ්‍යාවට අනුව පමණක් මගීන් නංවාගත යුතු වනවා. එහිදී බස් ගාස්තුව මෙන් 1.2ක අමතර ගාස්තුවක් අය කිරීමට බස් රථ ධාවකයින්ට අවසර හිමි වනවා. […]


Nov
10

41 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 41 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. නිවසේදී මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පවත්වා ඇති අතර එහි වාර්තාවට අනුව අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා. ඔහු පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලීන පිළිකා රෝගියෙකු වූ අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග […]


Nov
10

නව ආසාදිතයින් 305ක්

Generic placeholder image

අද පස්වරුව වනවිට තවත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 305 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලුදෙනා මින් පෙර පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් […]


Nov
10

දිස්ත්‍රික්ක කිහිපියකට ඉතා තද වැසි – කාලගුණයෙන් රතු නිවේදන

Generic placeholder image

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, උතුර, උතුරුමැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි. ඒ අනුව උතුර, උතුරුමැද පළාත්වලට සහ ත්‍රිකුණාමලයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 300ට වැඩි ඉතා තද වැසි ද වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 […]


Nov
9

36 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 36 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 84 හැවිරිදි කාන්තාවක් අද මියගියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අදාළ කාන්තාව පෞද්ගලික රෝහලක සිට අයි.ඩීඑච්. රෝහල වෙත මාරුකර එවා ඇති අතර එහිදී ඇය මරණයට පත්ව ඇති බවයි. දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති එම කාන්තාවගේ මරණයට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව එම මරණය […]


Nov
9

මෙරට ජනගහනයෙන් සියයට 20කට කොරෝනා එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ ජනගහනයෙන් සියයට 20කට කොරෝනා වෛසරය සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, එන්නත ලබා දීමට අදාළ කරුණු සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස තීරණය කිරීම, ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය, තොරතුරු ලබා ගැනීම, […]


Nov
9

කොරෝනා ආසාදනය වීම වැළැක්විය හැකි එන්නතක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්විය හැකි එන්නතක් ජාත්‍යන්තර සමාගම් දෙකක් එක්ව සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, අදාළ එන්නත මගින් ජනතාවගෙන් සියයට 90කට වෛසරය ආසාදනය වීම වැළැක්විය හැකි බවයි.


Nov
9

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Generic placeholder image

අඟුලාන පොලිස් වසමට අයත් අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.


Nov
9

තවත් ආසාදිතයින් 172ක් – සමස්ත ආසාදිතයින් ගණන 14,000 ඉක්මවයි

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,000 ඉක්මවා ගියා. ඒ, තවත් ආසාදිතයින් 172දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි. කොඩිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, එලෙස හඳුනාගත් සියලු ආසාදිතයින් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 14,101ක් දක්වා ඉහළ ගියා.


Nov
9

ගැබිනි පොලිස් නිලධාරිනියන්ට නිවේදනයක්

Generic placeholder image

බස්නාහිර පළාතේ සහ හුදෙලකලා කර ඇති ප්‍රදේශවල ගර්භණී පොලිස් නිලධාරිනියන්ට සහ වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට රාජකාරියෙන් තොරව නිවෙස්වල රැඳී සිටීමට අවසර හිමිව තිබෙනවා. රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුකොට ගනිමින් මෙම අවසරය දී ඇත්තේ, වැඩබලන පොලිස්පතිවරයා විසින්.


Nov
9

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Generic placeholder image

බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අද පස්වරුව වනවිට වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර පැරණි බන්ධනාගාරය සහ මාතර බන්ධනාගාරය යන බන්ධනාගාරවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 109ක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post