News Line| Off Air
Generic placeholder image

Nov
9

කුරුණෑගල සහ කුලියාපිටියේ ප්‍රදේශ කිහිපයක් හැර සෙසු ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරේ

Generic placeholder image

කුරුණෑගල සහ කුලියාපිටියේ පොලිස් වසම් කිහිපයක් හැර සෙසු සියලු ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කුරුණෑගල මහනගර සීමා බල ප්‍රදේශයේ ඉලිප්පුගෙදර සහ කඩවීදිය යන ග්‍රාම නිලධාරී වසම් හැර අනෙක් සියලු ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හැර තිබෙනවා. එමෙන්ම කුලියාපිටිය පොලිස්බල ප්‍රදේශයේ ගලගෙදර, හම්මලව සහ ඉහළ කළුගොමුව […]


Nov
9

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට කඨින පිංකම් සමයේ ජනතාව අනුගමනය කළ යුතු උපදෙස් මොනවා ද?

Generic placeholder image

කඨින පිංකම් සමයේ මහජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා භික්ෂූන් වහන්සේ මෙන්ම සියලු දායක දායිකාවන්ගේ විශේෂ මැදිහත් වීම අත්‍යාවශ්‍යය බවයි. එම උපදෙස් ඇතුළත් නිවේදනය පහතින් :


Nov
9

5000 ගන්න පෝළිමේ සිටි කාන්තාවක් මියයයි

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා පෝළිමේ රැඳී සිටි කාන්තාවක් හදිසියේ මියගොස් තිබෙනවා. කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල පෝළිමේ සිටියදී ඇද වැටීමෙන් අදාළ කාන්තාව එලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අදාළ නිලධාරීන්ට දන්වා තිබෙනවා. […]


Nov
9

ට්‍රම්ප්ගේ බිරිය ඔහුගෙන් දික්කසාද වීමට සැරසෙයි

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ වන මෙලනියා ට‍්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මින් පෙර ඇමරිකාවේ පැවති ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ජයගැනීමත් සමග මෙලනියා ට්‍රම්ප් සිය මිතුරියකට පවසා තිබුණේ, සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට තමන් කිසි විටෙක බලාපොරොත්තු නොවූ බවයි. […]


Nov
9

ගත වූ දිනයේ කොරෝනා තත්ත්වය ගැන පැහැදිලි කිරීම

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,000 සීමාවට ආසන්න වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ මෙරටින් ආසාදිතයින් 510 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදියින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,929ක් ලෙසයි. එමෙන්ම මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 78 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. අද උදෑසන වනෙවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා […]


Nov
8

තවත් ආසාදිතයින් 227ක්

Generic placeholder image

තවත් නව ආසාදිතයින් 277 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 510ක්.


Nov
8

35 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 35 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. 78 හැවිරිදි පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කරනවිට මියගොස් සිට ඇති අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීම සමග ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇති බව […]


Nov
8

අත්‍යාවශ්‍යය සේවා සැපයෙන ආයතනවල සේවකයින්ට හුදෙකලා ප්‍රදේශ වෙත පිවිසීමට අවසර

Generic placeholder image

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩලවල සේවකයින්ට සහ අත්‍යාවශ්‍යය සේවා සැපයෙන ආයතනවල සේවකයින්ට හුදෙකලා කර ඇති ප්‍රදේශ වෙත පිවිසීමටත් ඉන් පිට වීමටත් අවසර හිමි වන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ, ඇඳිරි නීති බලපත්‍ර භාවිත කරමින් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව එම ප්‍රදේශවලට ඇතුළු වීමට හා පිට වීමට අවසර හිමි වන බවයි.


Nov
8

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියා කළ යුත්තේ කෙසේ ද?

Generic placeholder image

හෙට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව හුදෙකලාකර ඇති ප්‍රදේශවල ජනතාව සිය නිවෙස්වලම රැඳී සිටිය යුතු අතර එම ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ඇතුළු වීම හෝ පිටවීම හෝ ඒ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. එමෙන්ම හුදෙකලාකර ඇති ප්‍රදේශ හරහා පොදු ප්‍රවාහන සේවා […]


Nov
8

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවයි

Generic placeholder image

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 283දෙනා සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව මේ වනවිට එම පොකුරුවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,220 දක්වා ඉහළ ගොස් ඇති බවයි.


Nov
8

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයින් 72ක්

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 72දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් 63දෙනෙක් කාන්තා රැඳවියන් ද, 8 දෙනෙක් පිරිමි රැඳවියන් ද වන අතර සෙසු පුද්ගලයා බන්ධනාගාර සේවකයෙක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් ගණන 355ක් වනවා.


Nov
8

මෙරටින් තවත් ආසාදිතයින් 283ක් හඳුනා ගැනේ

Generic placeholder image

තවත් නව ආසාදිතයින් 283 දෙනෙකු දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.


News Articles
Latest Videos
Most Popular Post