News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

සජිත්ගෙන් වතු කම්කරුවන්ට පොරොන්දුවක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ යටතේ ඉදිරිපත්වන ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ හැටන් නගරයේ පැවති ජන හමුවක් අමතමින් ප්‍රකාශ කලේ වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1500 දක්වා වැඩි කරන බවයි. දැනට ඔවුනට හිමිවන දීමනාව කිසිසේත්ම ඔවුන්ගේ ජීවිකාව රැක ගැනීම සදහා ප්‍රමාණවත් නොවන බව එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළා. ආණ්ඩුවේ අරමුදල් උපයෝගී කරගෙන […]


Oct
21

පන්දුවාර 20යි 20 නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි

Generic placeholder image

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් නවතම පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. විශේෂයෙන්ම ඒම ලැයිස්තුවට අමෙරිකාව, ජපානය ඇතුළුව කණ්ඩායම් 85 ක් අන්තර්ගත කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම් වල ශ‍්‍රී ලංකාව 07 වන ස්ථානයේ පසුවන අතර තවදුරටත් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවන්නේ පාකිස්තානයයි.


Oct
21

ජන්ද දායකයින්ට ජන්ද හිමි නාම ලේඛනයේ නම තියේද බලන්න මෙන්න අවස්ථාවක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් සුදුසුකම් ලත් ජන්ද දායකයින්ට අන්තර්ජාලය හරහා ජන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය පරීක්ෂා කිරීම සදහා අවස්ථාව උදා කර දී තිබෙනවා. ඒ අනුව www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ජන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය තොරතුරු පරීක්ෂා කර ගත හැක.


Oct
21

කටුනායකට ආ ගුවන් යානා 2ක් මත්තලට හරවයි

Generic placeholder image

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කුවේට් හා රියාද් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් මත්තලට ගොඩ බස්සා තිබෙනවා. කාලගුණය යහපත් වීමෙන් පසුව නැවත කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.


Oct
21

ජනබලවේගයේ සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 එළිදැක්වේ

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ජාතක ජන බලවේගය යටතේ ඉදිරිපත්වන අනුර කුමාර දිසානායක මහතා සිය සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ මස 26 වෙනිදා එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව ප්‍රධාන ප්‍රතිපත්ති මාලාව තුල රටේ ව්‍යවස්ථාව ,ආර්ථිකය , ජාතික ආරක්‍ෂාව ප්‍රධාන කොට සකස් කොට ඇති බවත් එය ජනතාව අතරේ බෙදා දීමටත් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.


Oct
21

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදු වී මාස 06ක් සපිරෙයි

Generic placeholder image

රටටම මහා ශෝකාන්විත දිනයක් කරමින් අමනුෂිය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී අදට (21) මාස 06ක් සම්පුර්ණ වෙනවා. පසුගිය අප්‍රේල් මස 21 වැනිදා ඉස්ලාමිය අන්තවාදී බෝම්බකරුවන් පිරිසක් කතෝලික දේවස්ථාන ත්‍රිත්වයකට සහ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03 ක් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගලයින් 260 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පවත් වුණා. එමෙන්ම තවමත් […]


Oct
21

අගමැති හා තනිව සාකච්ජාව විග්නේෂ්වරන් ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සදහා දෙමළ ජනතා පෙරමුණ කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් සකස් කොට තිබෙන අතර සාකච්ජා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් සිදු කල ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා. එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාවලිය කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ […]


Oct
21

ජනපති ජපානයේ නිල සංචාරයක

Generic placeholder image

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අලුයම තෙදින ජපානයේ නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගියා. එතුමා සිය දුර කාලය තුල අවසන් වරට නියැලෙන නිල සංචාරය මෙයයි.


Oct
21

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. විශේෂයෙන්ම සවස් කාලයේ එම ප්‍රදේශවල මි.මී.75-100 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව වැඩි […]


Oct
20

සහරාන් සමග තමන් සිටි වීඩියෝව ගැන හකීම් පැහැදිලි කරයි

Generic placeholder image

වත්තේගම ප‍්‍රදේශයේ දී අමාත්‍ය රාවුෆ් හකීම් මහතා තමන් සහරාන් සමග සිටි ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ආණ්ඩුකාර හිස්බුල්ලාගේ පිරිසක් සිය පාක්ෂිකයින්ගේ නිවාස වලට හානි කිරීමේ සිදුවීමක් අතරතුරදී තමන් එම ස්ථානය ගිය අවස්ථාවේ ඔහු ද එතනට පැමිණ තිබෙන බවයි. එමෙන්ම ආමාත්‍යවරයා ආණ්ඩුකාර හිස්බුල්ලාටද මෙහිදී චෝදනා එල්ල කළා.


Oct
20

ඇෆ්ගනිස්ථාන මුස්ලිම් පල්ලියක පිපිරීමක්

Generic placeholder image

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් නගරයේ මුස්ලිම් පල්ලියක දේව මෙහෙය අතරතුර බෝම්බයක් පුපුරා ගියා. මෙම පිපිරීමෙන් පුද්ගලයින් 60 ක අධික පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ දක්වා මෙම මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් හාර ගෙන නෑ.


Oct
20

සියලූ ජන කොටස් වලට සම අයිතීන් ලබා දෙන බව අනුර කියයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්වන ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මීගමුව ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ප්‍රකාශ කලේ සියලූ ජන ජන කොටස් වලට සම අයිතීන් තිබෙන ලබා දෙන රටක් ගොඩනැගිමට තමන් කැපවෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post