ඉදිරි ජනපතිවරණය සදහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් මේ දක්වා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළිදක්වා නොමැති අතර ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අංශ ගණනාවක් ඔස්සේ ප්‍රකාශ කර තිබුනද එහි සම්පුර්න ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. සෑම පාර්ශවයක්ම මේ සම්බන්දයෙන් දැඩි අවධානයකින් යුක්තව පසු වන අතර විශේෂයෙන්ම රාජ්‍ය, පළාත් […]
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පෙන්නුන් කරන නවතම වාර්තාවේ සදහන් ආකාරයට 2.6% දක්වා පහලට වැටි ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවට සාපේක්ෂව මාලදිවයින, නේපාලය සහ භූතානය වැනි අනෙකුත් කුඩා රාජ්‍යයන් පවා ශ්‍රී ලංකාවට වඩා හොඳ වර්ධනයක් මෙම වසරේදී අපේක්ෂා කර තිබෙන අතර විශේෂයෙන් ම ඇෆ්ගනිස්ථානය […]
ඊයේ රත්තොට ප්‍රදේශයේ ජන රැළියක් අමතමින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ප්‍රකාශ කලේ තමන් ජයග්‍රහණය කල පසු සුළු අපනයන බෝග සඳහා සහතික මිලක් ලබාදෙන බවයි.
මීගමුවේ පැවති ජන හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ තමන් බලයට පත් වූ පසු පාස්කු ප්‍රහාරය පිලිබදව සොයා බැලීම සදහා විශේෂ ජනපති කොමිසමක් පත් කරන බවයි.
ඉදිරි ජනපතිවරණය සදහා අදාළ තැපැල් ජන්ද පත්‍රිකා මේ වනවිට අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබා දීම ආරම්භ කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ. රාජ්‍ය සේවකයින් ලක්ෂ 06 කට අධික පිරිසක් මෙවර ජනපතිවරණයේ තැපැල් ජන්ද සදහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 31 වැනිදා සහ නොවැම්බර් මස පළමු වැනිදා පැවැත්වීමට […]
දිවයිනේ පළාත් කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව,වයඹ සහ දකුණු පළාත් වලත් ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස […]
අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ රැදී සිටින ඇමරිකානු අභ්‍යාවකාශගාමිනියන් දෙදෙනා ඊයේ උඩු ගුවනේ ඇවිදීමකට එක්වුණා. ඒ, අයි.එස්.එස්. මධ්‍යස්ථානයේ පිටත අලුත්වැඩියා කටයුත්තකට එක්වෙමින්. ක්‍රිස්ටීනා කොච් සහ ජෙසිකා මියර් යන අභ්‍යාවකාශගාමිනියන්ට එහිදී ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක් ලැබීම විශේෂත්වයක් වනවා. ඔවුන් පැය 7ක පමණ කාලයක් ගගන මධ්‍යස්ථානයෙන් පිටත අභ්‍යාවකාශයේ ගත කර ඇති අතර මෙලෙස කාන්තාවන් පමණක් අභ්‍යාවකාශයේ ඇවිදීමකට එක්වූ […]
නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659117 තැපෑලට නිකුත් කළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මධ්‍යස්ථාන 987කදී සිදුවු බව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළා. මෙම ක්‍රියාවලිය දේශපාලන පක්ෂ නියෝජිතයන් නිරික්ෂණය කළ බවත් රාත්‍රී 7.00 වන විට ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අවසන් වූ බවත් […]
කොළඹ 13, 14, 15 යන ප‍්‍රදේශවලට අද රාත‍්‍රී 9.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ කොටුව, පිටකොටුව සහ කොළඹ 9 යන ප‍්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි. මහ කොළඹ ජල හා අප ජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන […]
ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් ඇන්ෆල් ආයතනයේ දස දෙනෙකුගෙන් යුත් නිරීක්ෂණ කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණීමට නියමිත බව පැෆරල් සංවිධානය පවසනවා. ජනාධිපතිවරණයේ මූලික නිරීක්ෂණ කටයුතු සඳහා ඇන්ෆල් ආයතනයේ නිරීක්ෂකයින් සිව් දෙනෙකු මීට පෙර පැමිණි අතර ඔවුන් පසුගිය 14 වනදා දිවයිනෙන් පිටත්ව ගිය බවයි එම සංවිධානය සඳහන් කළේ. ඇන්ෆල් සංවිධානයේ තවත් නියෝජිතයින් 25 දෙනෙකු ජනාධිපතිවරණයට දින 10 කට […]
දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර / සබරගමුව / දකුණු සහ ඌව පලාත් වල මිලි මීටර 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි. අකුණු […]
මන්නාරම් ප්‍රදේශයේදී සුඛෝපබෝගි ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 180ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ධාවනය වෙමින් තිබු අදාළ ජීප් රථය නවත්වන ලෙසට නාවික හමුදා නිලධාරීන් කළ අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් අදාළ රථයට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර නතර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර […]