News Line| Off Air
Generic placeholder image

Oct
18

ජනපති අපේක්ෂකයන් හා සලකුණු පිලිබද අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ඉදිරිපත්වන ජනපති අපේක්ෂකයින් සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ සහ සලකුණු පිලිබදව අන්තර්ගත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.


Oct
18

බොලිවුඩ් තරු වල ටැටූ පිටුපස ඇති කතාව

Generic placeholder image

ටැටූ එකක් කියන්නෙ දැන් තව දුරටත් රස්තියාදුකාරකමක් පෙන්නන විලාසිතාවක් නෙමෙයි. ඒක ප්‍රකාශන මාධ්‍යයක් වෙලා. තමන්ට ප්‍රකාශ කරන්න තියෙන දෙයක්, සැමරුමක් එහෙමත් නැත්නම් තමන් ආස කර​න දෙයක් තමන්ගෙ ශරීරයේ කොටා ගන්න එක මේ වෙද්දි අතිශය සාමාන්‍ය දෙයක් වෙලා. මේ වෙද්දි ටැටූ එකක් ශරීරයේ නැති අයට වඩා ඇති අය වැඩි තත්ත්වයක් තියෙන්නෙ. හැබැයි අපි හැමෝම ටැටූ ගහනව […]


Oct
18

ගම්පහ සණස සභාපති CID අත්අඩංගුවට

Generic placeholder image

ගම්පහ සණස බැංකුවේ සභාපති වන ලලිත ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගිණුම් 120ක පමණ වූ තැන්පත්කරුවන්ගේ කෝටි 55 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන්ය. ඔහුව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Oct
18

සිගරට් සඳහා වන තීරු බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරයි

Generic placeholder image

සිගරට් සඳහා වන තීරු බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඒ සඳහා වන අතිවේශේෂ ගැසට් නිවේදනය පසුගිය 14 දා නිකුත් කරනු ලැබුවා. ඒ අනුව මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000 ක් දක්වා අඩුකර තිබෙනවා. මේ හේතුවෙන් රජයට වාර්ෂිකව සිදුවන පාඩුව රුපියල් බිලියන 1.4 […]


Oct
18

පොහොට්ටුවේ ආධාරකරුවන්ට පහර දුන් සිද්ධියකට එජාප හිටපු ප්‍රා. සභාපති රිමාන්ඞ්

Generic placeholder image

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පල කරමින් තිබුණු ජන රැලියකට එක් වූ පාක්ෂික පිරිසකට පැල්මඩුල්ල නගරයේ දී පහරදුන් බවට චෝදනා ලැබූ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මේ මස 28 දක්වා රිමාන්ඞ් කර තිබෙනවා. ඒ පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් රසාංජලා පෙරේරා මහත්මිය ඊයේ නියෝග කිරීමෙන් අනතුරුවයි.


Oct
18

ගතවු මාස කිහිපය තුල ඩෙංගු රෝගීන් 55723 ක්

Generic placeholder image

නොවැම්බර් මස මුල් සතිය තුල දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කළා. පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු අවදානම වැඩි වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා කියා සිටියා. වසරේ ගතවු මාස කිහිපය තුල ඩෙංගු රෝගීන් 55723 ක් වාර්තා වී තිබෙනවා. […]


Oct
18

ගත වූ දින 10 ට මැතිවරණ පැමිණිලි 850 ඉක්මවයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා නාමයෝජනා භාර දුන් දිනයේ සිට අද දක්වා මැතිවරණ පැමිණිලි 850ක් ඉක්මවා ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.


Oct
18

ඔලිව් තෙල් ඇත්තටම විශ්මිතද?

Generic placeholder image

ඔලිව් තෙල් කියන්නේ ඔබේ රූප සෞන්දර්යය වගේම, සෞඛ්‍යයත් වැඩි කර ගන්න උදව් වෙන හරි අපූරු තෙල් වර්ගයක්. මේ අගනා තෙල් වර්ගයට රූපලාවන්‍ය සත්කාරයේදී ඉහලම ස්ථානයක් හිමි වෙනවා.එමෙන්ම ඔලිව් තෙල් යොදා නිපදවන ලද රූපලාවන්‍ය ආලේපන වර්ගත් බොහොමයක් මේ වන විට වෙළඳපලේ පවතිනවා. අද බොහෝ දෙනෙක් ආහාර සැකසීම සඳහාත් ඔලිව් තෙල් භාවිතා කරනවා. ඔලිව් තෙල් වල විශ්මිත […]


Oct
18

උතුරු සිරියාවේ සටන් විරාමයක්

Generic placeholder image

උතුරු සිරියාවේ සටන් විරාමකට තුර්කිය එකගතාව පල කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් හා තුර්කි ජනාධිපති රිසෙන් එඩර්ගෝන් අතර පැවති හමුවකින් අනතුරුවයි. ඒ අනුව කුර්දි නායකත්වයෙන් යුත් හමුදාවට උතුරු සිරියානු ප‍්‍රදේශ වලින් ඉවත් වීම සදහා මෙම සටන් විරාමයට එළඹ තිබෙනවා. සිරියාවේ අයි.එස්. ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමට අමෙරිකාවට සහය පල කලේ කුර්දි […]


Oct
18

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මෙලොවින් සමුගනී

Generic placeholder image

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසු වූ අතර එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.


Oct
18

ගෝඨාභය තවත් සහයක්

Generic placeholder image

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජාතික පක්ෂ පා.ම. විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට පදනම් ආයතනයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්.


Oct
18

ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පළමු T20 තරගය ලබන 27

Generic placeholder image

ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පළමු 20 20 තරගය ලබන 27 වනදා පැවැත්වෙනවා. තරගාවලියට තරග 03 ක් ඇතුළත්. පළමු තරගය ඇඩිලේඞ් ඕවල් හීදී පැවැත්වෙනු ඇතී. දෙවන තරගය 30 වනදා බි‍්‍රස්බේන් හීදීත් තුන් වන තරගය නොවැම්බර් 03 වනදා මෙල්බර්න් හීදීත් පැවැත්වීමට නියමිතයි. ඔස්ටේ‍්‍රලියාවට එරෙහි 20 20 තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළා. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් කන්ඩායමට […]


News Articles
Latest Videos
Most Popular Post