සිගරට් සඳහා වන තීරු බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඒ සඳහා වන අතිවේශේෂ ගැසට් නිවේදනය පසුගිය 14 දා නිකුත් කරනු ලැබුවා. ඒ අනුව මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000 ක් දක්වා අඩුකර තිබෙනවා. මේ හේතුවෙන් රජයට වාර්ෂිකව සිදුවන පාඩුව රුපියල් බිලියන 1.4 […]
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කරමින් තිබුණු ජන රැලියකට එක් වූ පාක්ෂික පිරිසකට පැල්මඩුල්ල නගරයේ දී පහරදුන් බවට චෝදනා ලැබූ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මේ මස 28 දක්වා රිමාන්ඞ් කර තිබෙනවා. ඒ පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් රසාංජලා පෙරේරා මහත්මිය ඊයේ නියෝග කිරීමෙන් අනතුරුවයි.
නොවැම්බර් මස මුල් සතිය තුල දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කළා. පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු අවදානම වැඩි වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා කියා සිටියා. වසරේ ගතවු මාස කිහිපය තුල ඩෙංගු රෝගීන් 55723 ක් වාර්තා වී තිබෙනවා. […]
ඉදිරි ජනපතිවරණය සදහා නාමයෝජනා භාර දුන් දිනයේ සිට අද දක්වා මැතිවරණ පැමිණිලි 850ක් ඉක්මවා ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඔලිව් තෙල් කියන්නේ ඔබේ රූප සෞන්දර්යය වගේම, සෞඛ්‍යයත් වැඩි කර ගන්න උදව් වෙන හරි අපූරු තෙල් වර්ගයක්. මේ අගනා තෙල් වර්ගයට රූපලාවන්‍ය සත්කාරයේදී ඉහලම ස්ථානයක් හිමි වෙනවා.එමෙන්ම ඔලිව් තෙල් යොදා නිපදවන ලද රූපලාවන්‍ය ආලේපන වර්ගත් බොහොමයක් මේ වන විට වෙළඳපලේ පවතිනවා. අද බොහෝ දෙනෙක් ආහාර සැකසීම සඳහාත් ඔලිව් තෙල් භාවිතා කරනවා. ඔලිව් තෙල් වල විශ්මිත […]
උතුරු සිරියාවේ සටන් විරාමකට තුර්කිය එකගතාව පල කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් හා තුර්කි ජනාධිපති රිසෙන් එඩර්ගෝන් අතර පැවති හමුවකින් අනතුරුවයි. ඒ අනුව කුර්දි නායකත්වයෙන් යුත් හමුදාවට උතුරු සිරියානු ප‍්‍රදේශ වලින් ඉවත් වීම සදහා මෙම සටන් විරාමයට එළඹ තිබෙනවා. සිරියාවේ අයි.එස්. ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමට අමෙරිකාවට සහය පල කලේ කුර්දි […]
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසු වූ අතර එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.
පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජාතික පක්ෂ පා.ම. විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට පදනම් ආයතනයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්.
ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පළමු 20 20 තරගය ලබන 27 වනදා පැවැත්වෙනවා. තරගාවලියට තරග 03 ක් ඇතුළත්. පළමු තරගය ඇඩිලේඞ් ඕවල් හීදී පැවැත්වෙනු ඇතී. දෙවන තරගය 30 වනදා බි‍්‍රස්බේන් හීදීත් තුන් වන තරගය නොවැම්බර් 03 වනදා මෙල්බර්න් හීදීත් පැවැත්වීමට නියමිතයි. ඔස්ටේ‍්‍රලියාවට එරෙහි 20 20 තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළා. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් කන්ඩායමට […]
නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මහකන්ද ග‍්‍රාම නිලධාරී වසමේ පවුල් 23 ක් පදිංචි ස්ථාන වලින් ඉවත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ පුද්ගලයින් 108 දෙනෙකු ආරක්ෂිත මධයස්ථාන වල රදවා ඇති බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැමිණ අද සිදු කරන භූමි පරීක්ෂාවෙන් පසුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගනු ඇතී. කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ති‍්‍රක්කවලට නිකුත් කෙරුණු […]
තරුණ තරුණියන් සදහා වැඩි අවස්ථාවක් හිමිවන ආර්ථික ක‍්‍රමයක් බිහි කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කුලියාපිටියේ පැවති ජන රැුළියකට එක්වෙමින්.
මෙරටට සහ රණවිරුන්වන්ට එල්ල වන ඕනෑ අභියෝගයක් වෙනුවෙන් තමන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව සදහන් කළේ තඹුත්තේගම පැවති ජන හමුවකට එක්වෙමින්. මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී වු තවත් ජන රැුළියක් ඊයේ පැවැත්වුණේ කැකිරාව නගරයේදීයි. එහිදී අමාත්‍යවරයා සදහන් කළේ ගොඩභෝග වගාකරන ගොවීන් […]