නැවත වරක් පාස්කු ඉරිදා සිදුවීම හා සමාන සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවර සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ලබන 23 වෙනිදා ඉදිරිපත් කිරීමට 2019 අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කටයුතු යොදා ඇති බව එහි සභාපති ආනන්ද කුමාරසිරි මහතා පැවසුවා. පිටු 200 කින් පමණ […]
ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලූතින් පත්වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම සදහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළගා වී තිබෙනවා. ජපාන රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාව එහිදී පිළිගත් අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු එරට තානාපති කාර්යාලයේ නිලධාරිහු […]
සුනඛයෙක් මුදාගැනීමට කළ දැවැන්ත මෙහෙයුමක් පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවේ බෙල්ස් බීච් (Bells Beach) නගරයේ ප්‍රපාතයක සිරවූ සුනඛයෙක් බේරාගැනීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර බෝඩර් කොලී වර්ගයේ ජිමී නම් එම සුනඛයා බේරා ගැනීමට පැය තුනක් මහත් පරිශ්‍රමයක් දැරීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට සිදු වී තිබෙනවා. මෙය ඉතාමත් අවදානම් මෙහෙයුමක් වීම හේතුවෙන් ඊට […]
පවතින වැසි තත්ත්වය සමඟ දිස්ත්‍රික්ක 4කට අදාළව නාය යාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කළුතර, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා. මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම දිවයිනේ සෙසු ප්රදේශවලටද තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍ය බවත් මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළා. හුණුපිටිය රජයේ පොහොර ගබඩාවන් වන ලක් පොහොර හා කොමර්ෂල් පොහොර ගබඩා වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු මේ බව පවසා තිබෙනවා. මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර සමඟම අතුරු බෝග සඳහා ද අවශ්‍ය […]
ආනයනික වියළි මිරිස් සහ මාළු කිලෝවක් සඳහා වන බදු මුදල් අඩු කිරීමට ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශකර තිබෙනවා. ඒ අනුව, ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 5 දක්වාත්, රුපියල් 100 ක්ව පවතින ආනයනික මාලූ කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 දක්වාත්, අඩු කෙරෙනු ඇති. එසේම, උත්සව සමය […]
එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි විස්සයි 20 ක්‍රීඩක ලසිත් මාලිංග අලෙවි වී නැහැ. ඔහුට අමතරව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්ද අලෙවි වී නොමැති බව සදහන්. මෙම තරගාවලිය වෙනුවෙන් මාලිංග හා ගේල් පවුම් 125000ක මූලික මිලක් ඉල්ලා තිබෙනවා. මෙම තරගාවලිය 2020 වසරේ ජුලි මාසයේදී […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්රහණයෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ වැඩි වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද පැවරෙන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක සදහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන බලමණ්ඩලය අමතමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් කියා සිටියා. එහිදී ඔහු මෙලෙස අදහස් පළ කළා. “රටේ ජනාධිපතිවරයා හදන්නේ ශ්‍රී ලංකා […]
කොළඹ ආනන්ද විදුහලේ නව සත්මහල් ගොඩනැගිල්ල වැඩ නිම කිරීමටත් පෙර ආධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එය විවෘත කිරීමට කටයුතු කරන බවට විරෝධය පල කරමින් එම විදුහලේ සිසු දරුවන් හා දෙමව්පියන්ද ආදී ශිෂ්‍ය සංගමයද අද පෙරවරුවේ මෙලෙස සිය විරෝධය පල කර තිබෙනවා.
මුලතිව්,පුදුකුඩිඉරිප්පු,ඉරනපලෙයි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ හමුදා ඇදුම්, ප්රභාකරන්ගේ ඡායාරූප, එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පට ඇතුළු උපකරණ තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඉරනපලෙයි අද (21) උදෑසන කිතුණු දේවස්ථානයේ තාප්පය ඉදිකිරීම වෙනුවෙන් පාදම සකස් කිරීමට පස් කැපීමේදී මෙම භාණ්ඩ බහා තිබු පෙට්ටියක් හමු වු බවයි. සොයාගත් පෙට්ටිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය ගොස් පරීක්ෂා කිරීමේදී මෙම […]
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැස්ක ජාලාශ වල ජල මට්ටම් ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව එම ජලාශයන්හි වාන් දොරටු විවෘත කිරීමට පියවර ගන්නා බව වාර්තා වෙනවා. ඒ අනුව තබ්බෝව ජලාශයේ මේ වන විට වාන්දොරටු 8ක් විවෘත කළ බව එහි පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරනවා. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ […]
ගුරුකන්ද විහාරයේ සිද්ධියට මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ඥාණසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු එම නියෝගය කඩ කල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා විසින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඥාණසාර හිමියන්ට නොතීසි නිකුත් කර තිබෙනවා.