News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

අගමැතිගෙන් කරුණාරත්න පරණවිතානට ප්‍රධාන සංවිධායක ධුරයක්

Generic placeholder image

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රත්නපුර, පැල්මඩුල්ල ආසනයේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර තිබෙනවා. අද පෙරවරුවේ දී අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම පත් වීම ලබා දී තිබෙනවා.


Oct
11

ඇල්පිටියේ කොට්ඨාශ 17ම ජයග්‍රහණය කළ හැකි බව ලක්ෂ්මන් යාපා කියයි

Generic placeholder image

ඇල්පිටිය ඡන්දයේ ප්‍රතිඵල මත ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ශක්තිමත්වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදි එහි නියෝජිතයින් ‍මේ බව සඳහන් කළා. ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්සන් කළ ගිවිසුමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය වෙනුවෙන් සියලු බලවේග එකට එක් වී ඇති බව එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා […]


Oct
11

මැතිවරණය නිරීක්ෂණයට කොමිසමේ සභාපති ඇල්පිටියට

Generic placeholder image

පැවැත්වෙන ඇල්පිටියට ප්‍රාදේශීය සභා මැතිවරණ කටයුතු නිරීක්ෂණය සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇල්පිටියට ප්‍රදේශයට පැමිණ තිබෙනවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ මැතිවරණය සාමකාමිව පැවැත්වෙන බවත් සිය ජන්දය භාවිතා කිරීමෙන් අනතුරුව ජනතාව තැන නිවෙස් වලට හෝ වැඩ බිම් වෙත ගොස් සාමාන්‍ය පරිදි වැඩ කටයුතු සිදු කරගෙන යන ලෙසයි. විශේෂයෙන්ම ඇල්පිටිය […]


Oct
11

ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Generic placeholder image

ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වුණා. ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාව ද නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.


Oct
11

ආමි අසංක අත්අඩංගුවට

Generic placeholder image

පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කුරණගේ ධනුක මධුශංඛ පෙරේරා හෙවත් ආමි අසංක නැමැත්තා මත්කුඩු අලෙවි කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාගම නගරයේදී අත්අඩංගුවට ගත් මොහු යුද හමුදාවෙන් පළා ආ අයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළ අතර මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 200ක්, යුද හමුදාව භාවිත කරනු ලබන […]


Oct
11

ඇල්පිටියේ ජන්ද ප්‍රකාශිතය සියයට 40 ඉක්මවයි

Generic placeholder image

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී පැය 04 කට ආසන්නයි. මේ වන විට එම ප්‍රදේශයේ ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සියයට 40 ඉක්මවන බව වාර්තා වෙනවා. මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර ජන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4.00 ට අවසන් වෙනවා.


Oct
11

වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙසේ අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10) භාර දී ඇති අතර සැකකරුවන් අද (11) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Oct
11

අපි දෙන්නගේ වයස් පරතරය අවුරුදු 13 ක් – සුපිරි බොලිවුඩ් නළු ෂහීඩ් කපූර්

Generic placeholder image

ෂාහිඩ් කපූර් බොලිවුඩය තුළ ජනප්‍රියව සිටින දක්ෂතා සපිරි නළුවෙක්. ඔහු නලුවෙක් පමණක් නොව ආදරණීය සැමියෙකු සහ පියෙකු ද වනවා. සිය රූමත් බිරිද මිරා රාජ්පුත්ට සහ දරුවන් දෙදෙනාට ඔහු තුළ ඇත්තේ දැඩි බැදීමක් බව නොදන්නා කෙනෙක් නැහැ. “ජීවිතේ හැමදේම හොදින් සිදු වෙනකොට අපි ඒක අමතක කරලා මායාවන්වල ජීවත් වෙනවා.. එතකොට තමයි අපිත් දන්නෙ නැතුව හැමදේම විනාශ […]


Oct
11

සජිත්ට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ප‍්‍රථම පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංගමයේ කැදවුම්කරු කේ ඞී රත්නායක පවසන්නේ මේ පිලිබදව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට නිල වශයෙන් දැනුම් දුන් බවයි.


Oct
11

ඇල්පිටියේ අවසන් ජන්ද ප්‍රථිපලය රාත්‍රී 10ට පෙර නිකුත් කල හැකි ලකුණු

Generic placeholder image

සභිකයින් 28 දෙනකු තෝරා පත් කර ගැනීම සදහා පැවත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ජන්ද ප්‍රථිඵලය අද රාත්‍රී 10.00 වන විට නිකුත්කළ හැකි බව එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පවසනවා. ජන්දය ප‍්‍රකාශ කිරීම සදහා ජන්ද දායකයින් 53 384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ජන්ද මධ්‍යස්ථාන 47 කදී ජන්ද විමසීම සිදු කිරීමට කටයුතු යොදා තිබෙන අතර ඇල්පිටිය […]


Oct
11

කාබන් බදු අයකිරීම වෙනස් වෙයි

Generic placeholder image

කාබන් බදු අය කිරීමේ පදනම වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිශ්චිතව දක්වන ආකාරයකට සහ අනුපාතයකට ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ද අය කිරීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකිරීමට නියමිත බව සදහන්. වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගත වූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව අදාළ බදු බැඳියාව මෙතෙක් තීරණය කෙරුණ අතර ප්‍රාදේශීය ලේකම් […]


Oct
11

රග්බි ලෝක කුසලාන වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියාව හා ජෝර්ජියාව අද තරග බිමට

Generic placeholder image

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව හා ජෝර්ජියාව අතර තරගය අද පැවැත්වෙනවා. හෙට පැවැත්වීමට නියමිතව තිබු තරග දෙකක් අවලංගු කර ඇත්තේ හගීබිස් සුළි කුණාටුව හේතුවෙන්. නවසීලන්තය හා ඉතාලියත් එංගලන්තය හා ප‍්‍රංශය අතර තරගයත් මෙලෙස අවලංගු කල බවයි ජපාන රග්බි බලධාරීන් සදහන් කලේ. වසර 32ක රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක් අවලංගු වූ ප‍්‍රථම අවස්ථාව ලෙස මෙයයි. මීට […]


News Articles
Latest Videos
Most Popular Post