ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක දුම්රිය සේවකයින් නිරතව ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ලබන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බවද පැවසෙනවා. මේ අතර මරදාන-කොටුව දුම්රිය ස්ථාන අතර සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට ප්‍රබල ලෙස බාධා එල්ල වී තිබෙනවා. […]
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ලබන සතිය තුළ තීරණය කරන බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පක්ෂ නායකවරයා ඒ පිළිබඳ තමන් වෙත දැනුම් දුන් බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා. මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් තවත් තීරනාත්මක සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ […]
මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (19) සම්මත වුණා. පසුගිය 17දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම පනත් කෙටුම්පත අද සභාවේ න්‍යාය පත්‍රයට ඇතුලු කර ඇති අතර ඒ අනුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට සභාවේ අවසරය ලැබුණා. මෙම පනත් කෙටුම්පතේ වගන්ති තුනක් සංශෝධනය කළයුතුයැයි විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන,බිමල් රත්නයක […]
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබෙනවා. අනුරාධපුර – සඳහිරුසෑයේ තැන්පත් කිරීම සඳහා කිලෝග්‍රෑම් 8ක බරකින් යුත් රත්‍රං සමාධි පිළිමයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගුව සතු රත්‍රං ලබාදී සාපරාධි විශ්වාසය කඩ කිරීමේ […]
ජනාධිපතිවරණය සඳහා පුද්ගලයින් තිදෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ ස්වාධීන පක්ෂ අපේක්ෂක ජයන්ත කැටගොඩ මහතා, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් පරිසරවේදිනි ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය හා ස්වාධීන පක්ෂ ජනාධිපති අපේක්ෂකයෙක් වන සිරිපාල අමරසිංහ යන අයයි. අද(19) සිට ආරම්භ කරන ලද ඇප මුදල් තැන්පත් කිරීම ලබන මස 06 වනදා දහවල් 12.00 දක්වා සිදු කල හැකි […]
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පනවා තිබෙනවා. ඔහුගේ පන්දු යැවීම් ඉරියව්වේ නීති විරෝධී බව යලිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කළා. 2020 අගෝස්තු 29 දක්වා මෙම තරඟ තහනම බලපැවැත්වෙනු ඇති.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව බහුතර අමාත්‍යවරුන් විරෝධය පළ කිරීම නිසා ඉවත් කරගෙන තිබෙනවා. මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු, බොහෝ අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයක් […]
අලූත්ගම – කළුවාමෝදර උතුර ප්‍රදේශයේ නිවසක තිබී මෙරට ලියාපදිංචි කළ නොහැකි අධි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි දෙකක්, සොයා ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ එම යතුරුපැදි දෙකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 11කට අධික බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. අදාළ යතුරුපැදි විදෙස් රටකින් මෙරටට ගෙන්වා ඇත් ද, නැතිනම් මෙරට නිෂ්පාදනය කළේද යන්න […]
බොලිවුඩ් තරු ඇගයීමට ලක්වන ඉන්දියාවේ අයිෆා සම්මාන උළෙල ඊයේ රාති‍්‍රයේ ඉන්දියාවේ මුම්බායි හීදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. මේ සදහා බොලිවුඩ් තරු වන සල්මන් ඛාන්, දීපිකා පදුකෝන්, රන්වීර් සිංග්හ්, ආලියා බාත්, පී‍්‍රටි සින්ටා, ෂහීඩ් කපූර් ඇතුළු තවත් තරු රැසක් සහභාගි වුණා. මෙහිදී හොදම චිත‍්‍රපටය ලෙස Raazi චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍ර වුණා. හොදම අධ්‍යක්‍ෂවරයා සම්මානය ලැබුනේ Sriram Raghavan (AndhaDhun) ටයි. […]
ඉදිරි මැතිවරණ සම්බන්දයෙන් විශේෂයෙන්ම ජනපතිවරණය පිළිබද ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ ඒ සදහා මේ වන විට යම් එකගතාවයක සිටින බවයි.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ලයිබීරියානු අගනුවර ඉස්ලාමිය පාසලක හටගත් ගින්නකින් ඒ අසල පාසල් බෝඩිමට එම ගින්න පැතිර යෑම හේතුවෙන් බෝඩිමේ නිදා සිටි ළමුන් ඇතුළු 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම අනතුර සිදු වූ ස්ථානයට ලයිබීරියානු ජනාධිපති ජෝර්ජ් වී එම ස්ථානයට පැමිණ සිය ශෝකය පල කර තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ විදුලි කාන්දුවක් නිසා […]