News Line| Off Air
Generic placeholder image

Sep
19

අද මධ්‍යම රාත‍්‍රීයේ සිට දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක් අකුරට වැඩ

Generic placeholder image

අද මධ්‍යම රාත‍්‍රීයේ සිට දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය සේවයේ පවතින වැටුප් සහ ශ්‍රේණි ගැටලූව සදහා නිසි විසදුම් ලබානොදීමට විරෝධය පළ කරමින්. ගැටලූවට විසදුම් ලබාදෙමින් 2018 වසරේදී කැබිනට් පත‍්‍රිකාවක් අනුමත කර තිබෙනවා. කෙසේවෙතත් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ පරිදි එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති […]


Sep
19

” ඒක හරිම කණගාටුදායක මාධ්‍යකරණයක් ” සුපිරි පිතිකරු බෙන් ස්ටෝක්ගෙන් ” ද සන් ” පුවත් පතට දොස්

Generic placeholder image

එංගලන්ත කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන බෙන් ස්ටොක්ගේ අතිශය පෞද්ගලික ජීවිතය පිළිබද කෙරෙන හෙළිදරව්වක් ද සන් පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණා. ඒ බෙන් ස්ටෝක්ගේ මවගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාට එම දරුවන්ගේ පියා විසින් වෙඩි තබා ඝාතනය කලබව පවසමින් ද සන් පුවත්පත කල හෙළිදරව්ව අතිශය කණගාටුදායක වාර්තා කිරීමක් බව ඔහු පවසනවා. 1988 වර්ෂයේදී බෙන් ස්ටෝක් ඉපදීමට වසර […]


Sep
19

ලබන වසරේදී ලංකාවට එන කි‍්‍රකට් කණ්ඩායම්

Generic placeholder image

විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පැවැත්වීමට නියමිත 2020 වසරේදී ජාත්‍යයන්තර කි‍්‍රකට් කණ්ඩායම් 06 ක් ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. විස්සයි විස්ස තරග සදහා ප‍්‍රමුඛස්ථානයක් ලබාදෙමින් මේ වන විට ආරම්භ වී ඇති ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වන ටෙස්ට් තරග කිහිපයක්ද ලබන වසරේදි ශී‍්‍ර ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා. නව වසරේ ඇරඹුමත් සමග ප‍්‍රථමයෙන් අයර්ලන්තය සමග ටෙස්ට් තරගයක් […]


Sep
19

සිංහල සිනමාවේ නවමු අත්දැකීම ” RUSH ” ඔක්තෝබරයේ සිට ඔබට

Generic placeholder image

මහේෂ් මුණසිංහගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණයක් ලෙස ” RUSH ” චිත්‍රපටය ඔක්තෝම්බර් මාසයේ 03 වනදා සිට දිවයින පුරා සිනමාශාලා වලදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ වසන්ත විජේන්ද්‍රයන්ය. ” RUSH ” චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ භූමිකාව රග දක්වන්නේ උද්දික ප්‍රේමරත්නයි. එමෙන්ම සාරංග දිසාසේකර, සනත් ගුණතිලක , ලකී ඩයස් හර්ෂණ තෙන්නකෝන්, ජනිත් වික්‍රමගේ සහ හදුන්වා […]


Sep
19

කෝප් කමිටුව නෙලුම් කුළුණ ගැන පරීක්ෂණයකට සැරසේ

Generic placeholder image

පසුගියදා මහජන අයිතියට පත් වූ නෙලුම් කුළුන ඉදිකිරීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කෝප් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ පිළිබද විමසා බැලීමට නෙලුම් කුලුන ඉදිකිරීමට දායක වූ ආයතන ගෙන්වන බව එම කමිටුව වැඩි දුරටත් සදහන් කළා.


Sep
19

එජාපයේ පක්ෂ නායකයින් අද රැස්වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Sep
19

ආබාධිත රණවිරුවන්ගෙන් මුදල් අමාත්‍යාංශයට සංදේශයක්

Generic placeholder image

මේ වන විටත් කොටුව දුම්රිය ස්ථානයේ විරෝධතාවයේ නිරත වන ආබාධිත රණවිරුවන් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පවසන්නේ ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් අද දිනයේ මුදල් අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිත බවයි. ඒ අනුව එම ඉල්ලීම් ඉටුවන තෙක් එම සත්‍යග‍්‍රහය අඛන්ඩව පවත්වන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.


Sep
19

පොහොට්ටුවේ ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සුදානම් කෙරේ

Generic placeholder image

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග පොදු ජන පෙරමුණේ ජනපතිවරණ සංවිධාන සහ ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ රාති‍්‍රයේ එම පක්‍ෂ කාර්යාලයේදී පැවැත්වුණ අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ යන දෙදෙනාම සහභාගි වන ජනරැළි 8 ක් තෝරාගත් දිස්ති‍්‍රක්ක 4 කදී පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. විශේෂයෙන් සෑම මැතිවරණ කොට්ඨාසයකම එම දෙදෙනාගෙන් […]


Sep
19

වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

Generic placeholder image

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කි‍්‍රයාත්මක කළ එක්දින වැඩවර්ජනය අද උදෑසන අත් හිටවනු ලැබුවා. මෙම වර්ජනය අවසන් කලද ඉදිරියේදී සිය වැටුප් ගැටලුවලට විසදුමක් නොලැබුණහොත් නැවත ලබන බදාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සදහන් කරනවා.


Sep
19

තවත් පොලිස් නිලධාරීන් 31 000 කට අධික පිරිසකට උසස් වීම්

Generic placeholder image

විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව එම පොලිස් නිලධාරීන් 31 000 කට අධික පිරිසකට උසස්වීම් සඳහා අනුමැතිය හිමිවී ඇති බව ජනපති මාධ්‍ය අංශය සදහන් කරනවා. මේ අනුව දීර්ඝ කාලයක් උසස් විමන් නොලැබුණු පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා වන පොලිස් නිලධාරීන්ට මෙම උසස් වීම් සදහා අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව […]


Sep
19

එජාපයේ අපේක්ෂකයා ලගදීම අකිලගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ඉදිරි දිනකදී ප්‍රකාශයට නියමිත බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ව ඒ පිළිබඳ දැනුවත් කල බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


Sep
19

දිවයින පුරා තවදුරටත් වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post