News Line| Off Air
Generic placeholder image

Sep
16

GMOA අඛණ්ඩ වැඩ වර්ජනයකට සුදානම් වෙයි

Generic placeholder image

හෙට ඉදිරිපත් කිරීමට නියමිත රජයේ විධායක ශ්‍රේණි නිලධාරින්ගේ වැටුප් ගැටලුව සම්බන්දයෙන් වන කැබිනට් පත්‍රිකාව තුලින් වෛද්‍යවරුන්ට අසාධාරණයක් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන අතර ඒ තුලින් යම් ගැටළුවක් වෛද්‍යවරුන්ට සිදුවූවහොත් අනිද්දා උදෑසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය වැඩි දුරටත් සදහන් කළා.


Sep
16

රුසියානු සංස්කෘතික දැක්ම 23දා

Generic placeholder image

ශ්‍රි ලංකාවේ රුසියානු සංස්කෘතික දැක්ම 2019 මෙවර අති උත්කර්ෂවත් අන්දමින් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට රුසියානු සමාජය විසින් කටයුතු සැලසුම්කොට තිබේ.රුසියානු සංස්කෘතික අංග,කලා අංග සහ ජන ජීවිතය පිළිබඳ ශ්‍රි ලාංකේය ප්‍රජාව දැනුම්වත් කිරීම මෙම උළෙලේ ප්‍රමුඛ අරමුණයි.ඒ අනුව 2019 සැප්තැම්බර් 23වැනි සඳුදා උදැසන 10.30ට පමණ කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය ආරම්භ වේ. එදින සවස 6.00ට අවසන්වන ප්‍රදර්ශනය […]


Sep
16

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යට වෙයි

Generic placeholder image

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය අවට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ඇති බැවින් රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. බර වාහන හැර කුඩා ප‍්‍රමාණයේ මෝටර් රථ වලට එම ප‍්‍රදේශයෙන් ගමන් කිරීමේ හැකියාවක් නැහැ රථ වාහන තදබදය අවම කිරීම සදහා විකල්ප මාර්ග භාවිතා කල හැකියි. […]


Sep
16

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව තවදුරටත් පෙරමුණේ

Generic placeholder image

අන්තර් ජාතික ටෙස්ට් කන්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දීය කන්ඩායමට හැකිව තිබෙනවා. නවසීලන්තයට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. එංගලන්තය 04 වන ස්ථානයත් ඔස්ටේ‍්‍රලියාවට 05 වන ස්ථානත් හිමිව තිබෙනවා. මේ අතර වසර 47 කට පසු එංගලන්ත – ඔස්ටේ‍්‍රලියා අළු බදුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ දෙරට අතර පැවැති අවසන් හා පස්වන […]


Sep
16

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 12 මරුට – 30 අතුරුදන්

Generic placeholder image

දකුනු ඉන්දියාවේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.අනතුර සිදු වුනේ අන්ද්‍රා ප‍්‍රදේශ හී ගොඩවරී ගංගාවේදීයි සංචාරක බෝට්ටුව ගල් පර්වතක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි ඉන්දීය සහන කන්ඩායම් සදහන් කලේ. අනතුර සිදු වන අවස්ථාවේ පුද්ගලයින් 60 දෙනෙකු පමණ එහි ගමන් කර තිබෙනවා. පුද්ගලයන් 27 දෙනෙකු බේරා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා […]


Sep
16

අගමැතිගෙන් ජනපති කොමිසමට ප්‍රකාශයක්

Generic placeholder image

පැය එක හමාරක පමණ ප‍්‍රකාශයක් ලබා දීමෙන් පසු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.රාජ්‍ය ආයතන වල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අග‍්‍රාමාත්‍යවරයා පැමිණියේ කෘෂිකර්ම අමාත්‍යංශය පවතිවාගෙන යාම සදහා රාජගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් අධික බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සදහායි. හිටපු […]


Sep
16

ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යයි

Generic placeholder image

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගංඟා කිහිපයකම මේ වන විට ජල මට්ටම ඉහළ ගොස් පිටාර මට්ටමට ළගා වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කැළණි ගඟ ,අත්තනගලු ඔය කලු ගඟද අධික වැසි හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම මේ වන විට නාය යෑම් අනතුරු ඇගවීම්ද ප්‍රදේශ […]


Sep
16

ජනාධිපතිවරණය පැවැත්විය හැකි දිනය ප්‍රකාශ කිරීමේ බලය මැතිවරණ කොමිසමට

Generic placeholder image

ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ පුර්ණ බලතල මැතිවරණ කොමිසම සතු වී තිබෙනවා. ඒ අනුව ඉදිරි ජනපතිවරණය පවත්වන දිනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔක්තෝම්බර් 14 දිනට පෙර ප්‍රකාශයට පත් කල යුතුව තිබෙනවා. මෙවර ජනපතිවරණයෙදී නව ජන්ද දායකයින් 231, 209 කට අවස්ථාව හිමිව තිබෙනවා.


Sep
16

බොරතෙල් මිල සිඝ්‍රයෙන් ඉහළට

Generic placeholder image

පසුගියදා සෞදි ආරාබියේ අරම්කො රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ද්‍රෝන ප්‍රහාර හේතුවෙන් ලෝක බොරතෙල් මිල ඉහල ගොස් තිබෙනවා. සෞදි ආරාබිය ලෝකයේ ප්‍රධාන තෙල් අපනයනකරුවා වන අතර ඒ අනුව ලෝක තෙල් මිල කෙරෙහිත් ගෝලීය ආර්ථිකය කෙරෙහිත් සැලකිය යුතු බලපෑමක් මේ හේතුවෙන් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් තෙල් මිල එලෙස ඉහල […]


Sep
16

අගමැති අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැදවා තිබෙනවා. ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ පෙරවරු 9ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. කෘෂි කර්ම අමාත්‍යංශය පවතිවාගෙන යාම සදහා රාජගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් අධික බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම කැදවීම සිදු කර තිබෙනවා.මේ […]


Sep
16

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී

Generic placeholder image

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමුවෙමින්. පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක‍්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සැමට තමා ප‍්‍රකාශ […]


Sep
16

නිදහස් පක්ෂය අවතක්සේරු කිරීමට ඉඩ දෙන්නේ නෑ – ජනපතිගෙන් ප‍්‍රකාශයක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවතක්සේරුවට ලක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ රත්නපුරයේ දී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ති‍්‍රක් සමුළුවට එක්වෙමින්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී දිස්ති‍්‍රක්ක මට්ටමින් පැවැත්වීමට නියමිත සමුළුව මාලාවේ ප‍්‍රථම සමුළුව ලෙස මෙය සංවිධාන කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post