මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා එක්වූ වඩුවේල් සුරේෂ් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්වූ බව හර්ෂද සිල්වා මහතා පවසනවා.
අද දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවේ පිටපතක් මේ වන විට නිකුත් වී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එයයි..
තමන් ආණ්ඩුවට සහයෝගය දැක්වූයේ බහුතරය තමන් සතුව ඇතැයි ආණ්ඩුව පැවසු නිසා බවත් අද දිනයේ ඔවුන්ට බහුතරය පෙන්වීමට නොහැකි වූ නිසා ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරන බවයි වසන්ත සේනානායක පවසා සිටියේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ඔහු පරාජයට පත්වූ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා පැවැසීය
අද පාර්ලිමේන්තුව ආරම්භ වූ සැණින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය පලකල පියසේන ගමගේ, මනුෂ නානයක්කාර සහ ඒ.එච්.එම් ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය හරහා ගොස් විපක්ෂයේ අසුන් ගත්තා.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කිරීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් සිදුකර තිබෙනවා. මේ අතර විජිත හේරත් එය ස්ථිර කල අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමට අදාළ යෝජනාව සම්මත වී තිබෙනවා. කතානායක වරයා සඳහන් කළේ යෝජනාවට ඡන්ද විමසිමක් පවත්වන බවයි. ඉන් පසුව පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තතත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට පෙරවරු […]
හෙට උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්වීමට කටයුතු කළහොත් තමන් අපක්ෂපාතිව සිටින බව අමාත්‍ය වසන්ත සේනානායක පාර්ලිමේන්තුවේදී පවසා සිටිනවා.තමන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් සහ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම නිසා පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට කටයුතු කරන බවයි ඇමැතිවරයා කියා සිටියේ. තමන් කිසි කලකත් මුදල් ලබා නොගත් බවත් එසේ මුදල් ලබා ගැනීමක් සිදුකළා නම් මුදල් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට නොහැකි බවයි ඔහු […]
පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට එක්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.
පාර්ලිමේන්තු රැස්වීම අද උදෑසන දහයට ආරම්භ උනා. මේ එය ආරම්භවීමට පෙර සමාජ ජාල මාධ්‍යන්හි පළ වූ ජායාරූප කිහිපයක්.
පාර්ලිමේන්තුව අද උදෑසන දහයට රැස්වීමට නියමිතයි. ඒ අනුව දැනටමත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පාර්ලිමේන්තු සංකීරණයට පැමිණ ඇතැයි සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසා සිටියා. අද දවසේ කතානායක වරයාට ජනතා විමුක්ති පෙරමුණ නව රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති ලෙස පත්කෙරූ ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා තම පත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.